Posts

Showing posts with the label අවම පොදු වැඩපිළිවෙල

සරත් ෆොන්සේකාට කළ හැක්කේ කුමක් ද? | What Fonseka can do in Sri Lanka

Image
රාජපක්ෂ පවුලට සරත් ෆොන්සේකා නිදහස් කිරීමේ ධෛර්යය නැති බවට අප කළ උපකල්පනය වැරදි ය. ජනාධිපතිතුමාට ඒ ආත්ම ශක්තිය තිබිණි. එසේ ම, වාර්තා වී ඇති ආකාරයට ඔහුට දී ඇති සමාව හේතුවෙන් ඔහුට දේශපාලනය කිරීමේ බාධාවක් ද නැත. සරත් ෆොන්සේකා නිදහස් කළ ආකාරය විසින් ඉතා පැහැදිලිව පෙන්නුම් කරන දෙයක් වන්නේ ඔහු සිරගත කර ඇත්තේ තනිකර ම දේශපාලන අවශ්‍යතා මත බවයි. ඔහු නිදහස ලබන අද දින සංවාදයට භාජනය වන කාරණය වන්නේ ඔහුට කුමක් කළ හැකි ද යන්නයි. ෆොන්සේකා නිදහස ලබන්නේ විකල්ප නායකත්වයක් ඉල්ලා සිටින දේශපාලන සමාජයකට බව අපේ අදහසයි. පළමුකොට ම දැඩි ආර්ථික පීඩනය හා අසීමිත දූෂණය හේතුවෙන් ජනතාවට ආණ්ඩුව එපා වී තිබේ. එහෙත් ඒ ජනතා විරෝධය බලමුළු ගන්වන්නට හැකි නායකත්වයක් විපක්ෂයේ නැත. ෆොන්සේකාට ඒ නායකත්වය ලබා දිය හැකි ද? අප සිතන අන්දමින් නම් එය සරළ කාරණයක් නො වේ. ඔහු පය තබන්නේ ලෙහෙසි පොළවකට නො වේ. එක පැත්තකින් ආණ්ඩුවේ බැලයන්ගේ කෙළවරක් නැති කුමන්ත්‍රණ ය. අනෙක් පැත්තෙන් විපක්ෂයේ කුහකයන්ගේ හීන දීන ක්‍රියා ය. මේ සියල්ලට ම වඩා ෆොන්සේකාට මුහුණ දෙන්නට සිදු වන අභියෝගය වන්නේ තමා ම ය. රාජපක්ෂ මර්දනය ඉදිරියේ කොන්ද බිඳ නො ගෙන සිර...