Posts

Showing posts with the label අවතැන් ළමයි

නරක ම දේ ළමයින්ට / Worst for children

Image
කුඩා ළමයකු පණ පි‍ටින් පිළිස්සී මිය ගිය තිහාරියේ ළමා නිවාසයේ වගකීම අන් අය පිට පටවා අත සෝදා ගැනීමේ මහා පරිමාණ ව්‍යාපෘතියකට ජාතියේ ආඩම්බරකාර තාත්තාගේ ආණ්ඩුවේ නිලධාරීන් මුල පුරා ඇති බව පෙනේ. දැන් රජය කියන්නේ රට පුරා අනවසර ළමා නිවාස 98ක් ඇති බවයි. ඒවා වසා දමන්නැයි කියා ඇති බව ද නිලධාරීහු කියති. කිය කියා සිටියා මිස මෙතෙක් මොකවත් කළේ නැත්‍තේ ඇයි? දැන් තිහාරියේ ළමා නිවාසයේ සිද්ධියේ වගකීමෙන් අත සෝදා ගැනීම සඳහා රජය ළමා අපචාර සිද්ධියකට මුල් තැන දී තිබේ. ළමයකු පණ පිටින් පිළිස්සී මිය යන තෙක් මේ අපචාර ගැන සොයන්නට කෙනෙක් සිටියේ නැත. ළමා නිවාස ආරම්භ කිරීම ද එක්තරා ජාවාරමකි. දෙස් විදෙස් දානපතීන්ගෙන් මුදල් ගසා කෑම මේ පිටුපස ඇති ප්‍රධාන අරමුණකි. එසේ ම ළමා නිවාසවල දරුවන් අපචාර සඳහා අලෙවි කිරීම ද සුලබව සිදු වන්නකි. ළමා නිවාසවල පමණක් නොව, මේ රටේ ළමයින් තමන්ගේ නිවාසයන්හිදී ද අනාරක්ෂිත ය. පාසල් යනු ළමයින්ගේ අනාරක්ෂාවේ තෝතැන්නයි. හොඳ ම දේ ළමයින්ට යයි ප්‍රතිපත්තියක් සමාජවාදී සෝවියට් දේශයේ තිබුණු බව අසා ඇත්තෙමි. ලංකාව එහි අනෙක් පැත්ත ය. ළමයින්ට දෙන්නේ නරක ම දේ ය. උදාහරණයක් ලෙස, අන් කිසිදු ප්‍රවාහ...

යළි පදිංචි කරන ලද ළමයි දහස් ගණනක් පාසල් නොයති | Thousands of resettled children out of schools

Image
(2010 පෙබරවාරි 25- W3Lanka )   අවතැන් කඳවුරුවල සිටි පාසල් වියේ දරුවන් අතරින් තවත් දහස් ගණනක් තවමත් පාසල් නොයන බව යුනිසෙෆ් වාර්තා පෙන්වා දෙයි.  මේ වන විට කලින් කඳවුරුවල සිටි පාසල් වියේ දරුවන් 48,000ක් යළි පදිංචි කරනු ලැබ තිබේ. ඔවුන් අතරින් වයස අවුරුදු 5 සහ 18 අතර සිසුන් 43,469ක් මේ වන විට ලියාපදිංචි වී ඇති බව යුනිසෙෆ් වාර්තා පෙන්වා දෙයි.  වවුනියා, මන්නාරම, කිලිනොච්චි හා මුලතිව් දිස්ත්‍රික්කවලට අයත් වන්නි ප්‍රදේශයේ මේ වන විට පාසල් 94ක් ආරම්භ වි තිබේ. අවතැන් වූවන් යළි පදිංචි කරන ලද යාපනය දිස්ත්‍රික්කයේ ප්‍රදේශවල ද පාසල් 14ක් විවෘත කර තිබේ.  මෙම ප්‍රදේශවල කලින් පාසල් සිය ගණනක් පැවැත්විණි. ඒවා බොහොමයක් යුද්ධය හේතුවෙන් විනාශ වී තිබේ.  මෙම ප්‍රදේශයේ අධ්‍යාපනයට ඇති ප්‍රධාන බාධාවක් වන්නේ ගුරු හිඟය බව යුනිසෙෆ් ආයතනය පෙන්වා දෙයි.  වන්නි ප්‍රදේශයේ පාසල්වල ඉගැන්වීමේ කටයුතු කරන ගුරුවරුන්ට ගමන් වියදම් දීමනාවක් ලෙස රු.2000ක් ලබා දීමට ලංකා ගුරු සංගමය හා අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම ජයන්ත අතර පැවැත්වුණු සාකච්ඡාවකදී රජය එකඟ විය.  තවත් පාසල් වියේ දරු ද...