Posts

Showing posts with the label අලි මිනිස් ගැටුම

වැඩි වන අලි මරණ බටහිර ක්‍රිස්තියානි කුමන්ත්‍රණ ද?

Image
(2009 ඔක්තෝබර්  27 - W3Lanka ) මේ වසරේ අලි මිනිස් ගැටුම් හේතුවෙන් සිදු වී තිබෙන වල් අලි ඇත් ඝාතන සංඛ්‍යාව පසුගිය වසරවල සාමාන්‍යය වූ 160 ඉක්මවා ඔක්තෝබර් මාසය වන විට 170 දක්වා ඉහළ ගොස් තිබේ. මෙම වල් අලි මරණවලින් වැඩි පුමාණයක් සිදු වී තිබෙන්නේ ස්වයංක්‍රීය අවිවලින් වෙඩි තැබීමෙන් බව වනජීවි අධ්‍යක්ෂ ජනරාල් ආනන්ද වීරසූරිය පවසයි. ‍ලංකාවේ පරිසර හා වන සංරක්ෂණ ඇමති චම්පික රණවක තරම් පරිසරවේදියකු ලෝකයේ තවත් නැති තත්වයක් තුළ මෙවැන්නක් සිදු වූයේ කෙසේදැයි වහා සොයා බැලිය යුතුව තිබේ. එතුමා මේ වන විට පාරිසරික ප්‍රශ්න විසඳීම සඳහා විද්‍යාත්මක ක්‍රමවේද රාශියක් ක්‍රියාත්මක කර හමාර ය. ඇතැම් විට මේ පසුපස යම් බටහිර ක්‍රිස්තියානි කුමන්ත්‍රණයක් තිබිය හැකිය.