Posts

Showing posts with the label අල

හාල් මදිවට අල හෙවත් සිරිපාලගෙන් අරගෙන ගුණපාලට ගෙවීම

Image
ආණ්ඩුව අර්තාපල් ආනයනය නතර කර තිබේ.  අරමුණ මේ අස්වනු සමයේ දේශීය අල ගොවියාට හොඳ මිළක් ලබා දීමයි. කිලෝවට රුපියල් 80ක අවම මිළක් ලබා දීම රජයේ අරමුණයි.  අල ගොවීන් වැඩිපුර සිටින්නේ නුවරඑළිය හා බදුල්ල දිස්ත්‍රික්කවලයි. බදුල්ල දිස්ත්‍රික්කයේ මේ දිනවල ඌව පළාත් සභා මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදු වේ.  ආණ්ඩුව මේ සැරසෙන්නේ අල ගොවීන්ගේ ඡන්ද ටික වංචා කර ගන්නට ය. එසේ කරන්නේ අල වෙනුවෙන් වැඩි මිළක් ගෙවන්නට රටේ සෙසු ප්‍රදේශවල ජනයාට  බල කරමිනි. ඉංගිරිසියෙන් Rob Peter to pay Paul හෙවත් සිරිපාලගෙන් අරගෙන ගුණපාලට ගෙවීම කියන්නේ මේකට ය.  ඩඩ්ලි සිරිසේන, සිරිපාල ගම්ලත් හා හාල්වලින් බියර් පෙරන ලක්ෂ්මන් වසන්ත පෙරේරා වැනි හාල්පාරුවන්ට ගෙවන්නට අාණ්ඩුව දැනටත් අපේ බත්පතෙන් සොරකම් කරමින් සිටියි.  හාල් මදිවට අල. අලි මදිවට හරක්. මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන ...

ආණ්ඩුව අපට සුදු ලූනු පොඩි කරයි / Garlic tax of Sri Lanka government

Image
සිංදුවක් ලියන්න අලුත් මලක් සුදු ලූනු මල ආණ්ඩුව අල, ලොකු ලූනු හා සුදු ලූනු සඳහා ආනයන බදු වැඩි කර තිබේ.  අලවලට කිලෝකට රු. 5 බැගින් ද, ලොකු ලූන්වලට කිලෝවකට රු. 10 බැගින් ද සුදු ලූනුවලට කිලෝවකට රු. 15 බැගින් ද බදු වැඩි කර තිබේ. මේ දැනට වලංගු බදුවලට අමතරව ය.  සමුපකාර හා අභ්‍යන්ත වෙළඳ ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසන්නේ එසේ කරන්නේ මිළ අඩු ආනයන නිසා දේශීය ගොවියාට ලැබෙන මිළ අඩු වීම පාලනය කර ඔවුන් රැක ගන්නට බවයි.  මේ කතාව අල හා ලොකු ලූනු සම්බන්ධයෙන් යම් දුරකට පිළි ගත හැකි ය.  එහෙත්, අප දන්නා පරිදි නම් ලංකාවේ ගොවීන් සුදු ලූනු වවන්නේ නැත. එහෙත් වැඩි ම බදු වැඩි කිරීම කර ඇත්තේ සුදු ලූනුවලට ය.  පසුගිය මාසවල අහස උසට නැග තිබුණු සිදු ලූනු මිළ දැන් සෑහෙන්න පහළ බැස ඇත. ආණ්ඩුවට කාලා ඉන්නට බැරි දුප්පත් අපි සුදු ලූනු මාළුවක් හදාගෙන කන එක ය.  සුදු ලූනු පොඩි කරනවා කියා ජන වහරේ කියන්නේ මෙවැනි වැඩවලට ය.  Read in English Garlic tax of Sri Lanka government The Cooperatives and Internal Trade Ministry has increased import taxes on big onions, potatoe...