Posts

Showing posts with the label අරමුදල්

ලංකාවේ ජනයා සූරා කන ප්‍රධාන ම ධනේශ්වර ව්‍යාපාරික බූවල්ලා රජය නමැති සමාගමයි

Image
( 2010 නොවැම්බර් 25,  W3Lanka )  අයවැය යෝජනාවලට අනුව නව විශ්‍රාම වැටුප් අරමුදල් දෙකක්‌ අලුතින් පිහිටුවීමට නියමිත බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවසූ බව අද "දිවයින" වාර්තා කරයි. මේ අනුව ඉදිරියේදී දැනට සේවක අර්ථසාධක අරමුදල් ගිණුම් තිබෙන විධිමත් අංශයේ සේවකයන් සඳහා එක්‌ විශ්‍රාම වැටුප් ක්‍රමයක්‌ සහ සේවක අර්ථසාධක අරමුදල් ගිණුම් නැති විදේශ ශ්‍රමිකයන් වැනි අවිධිමත් අංශයේ සේවකයන් සඳහා තවත් විශ්‍රාම වැටුප් ක්‍රමයක්‌ද ආරම්භ වන බව වාර්තා වේ. දෙවනුව කියන ලද අරමුදලට විදේශ ශ්‍රමිකයන්ගෙන් අවම වශයෙන් මසකට රු. දහස බැගින් අය කර ගැනීමට නියමිත ය. 2011 ජනවාරි මස සිට ක්‍රියාත්මක කිරීමට අපේක්‌ෂා කරන  මේ අරමුදල් දෙකම ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්‌ඩලය විසින් කළමනාකරණය කරන බව ද මහ බැංකු අධිපතිවරයා කියයි. දැනට ඊ.පී.එෆ්. ගිණුම් තිබෙන විධිමත් අංශයේ සේවකයන් නව විශ්‍රාම වැටුප් ක්‍රමයට දායක වීම අනිවාර්ය වනු ඇතැයි අපේක්‌ෂා කරන බවද මහ බැංකු අධිපතිවරයා කියයි. අයවැය යෝජනාවේ සඳහන් පරිදි සේවකයන්ගෙන් සියයට දෙකකුත් සේවා යෝජකයාගෙන් සියයට දෙකකුත් දායක මුදල් වශයෙන් මෙම අරමුදලට ල...