Posts

Showing posts with the label අරගලය

අරගලය අරඹන්න! ඇවිලෙන පොලොව මත සීරුවෙන් ඇවිදගෙන එන්න! ආණ්ඩුව බලාගෙන සිටියි!

Image
ඇවිලෙන පොලොවට පෙරවදනක්! ආරාධනයයි! ඇවිලෙන පොලොව මත, සීරුවෙන් ඇවිදින්න. එන්න, මසුරන් වටින ඔබේ පිදුරු මිටත් රැගෙන, පත්තු වෙන අරගලයට එකතු කරන්න. ජූනි 13 පස්වරු 03.00 ට කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයට වැටුප්, විශ්‍රාම වැටුප් හා මානව හිම්කම් ගැන සම්මන්ත්‍රණය. -අනිත් කට්ටිය 'අනිත් කට්ටිය' විසින් සංවිධානය කරන ලද මෙම සම්මන්ත්‍රණය හා විවෘත කතිකාව පිළිබඳ ප්‍රචාරක පෝස්ටර් අලවමින් සිටි ක්‍රියාකාරිකයන් දෙදෙනෙකු සහ ක්‍රියාකාරිනියක අද පාන්දර බොරැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව සම්මන්ත්‍රණයේ සංවිධායකයෝ පවසති. තරමක් වෙනස් අන්දමක ප්‍රචාරයක යෙදුණු මෙම වැඩසටහනේ ප්‍රචාරක පෝස්ටරවල ඇති සාහිත්‍යමය යෙදුම් මහජන කැළඹීම් ඇති කරනසුළු බව පොලිසියේ අදහස වී ඇති බව වාර්තා වේ. අනේ පොලිසිය දන්න සාහිත්‍යය! Stick no Bills / Beware of Dogs It is not a a question of changing actualities - not always and at all times, at any rate.  It is also, and more so, a matter of changing possibilities - changing the line of demarcation between the possible and the impossible.  Does...

අරගලයේ ලක්ෂ්‍යයන් එක් කොට රේඛාවක් අදින්න ට මානව හිමිකම් දිනයේ දි මුල පුරමු.....!

Image
( 2010 දෙසැම්බර් 09, ලෝහිත අසපුව )  ලංකාවේ පාලක පංතියේ බංකොලොත්බව ඔවුන්නම් හොදින් ම තේරුම් අර ගෙන තිබෙන බවක් අප ට හැගෙනවා. එක්සත් ජාතික පක්ෂයත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් පාලනය සදහා ඉතිහාසය පුරා ම බලපොරයක යෙදෙන්නේ මේ බංකොලොත්බව ම පදනම් කර ගත් වැඩපිළිවෙලක් තුළ විම ඒක ට එක සාධකයක්. ඇත්තෙන් ම මේ කාල වකවානුවේ ධනේෂ්වර ක්‍රමයට ලෝකයේ කිසිදු අර්බුදයක ට විසදුමක් නැති තත්වයක ට ගිහින් තියෙන නිසා වෙමින් තියෙන්නේ පරිවාරයේ රටවල් සූරා කෑමෙන් කේන්ද්‍රයේ ගැටළු කළමනාකරණය කර ගැනිමයි. ඒ තත්වය ඇතුලේ පරිවාරයේ අපේ වගේ රටවල පාලක පංතියේ බංකොලොත්කම ගැන කවර කතාද? හැබැයි මේ අර්බුදය හැම තැන ම එකම විදියක් ගන්නේ නෑ. ලංකාවේ මට්ටමින් මේ බංකොලොත්කම ට තීරණාත්මක අභියෝගයක් එල්ල කළේ උතුරේ 'විමුක්ති කොටි' ව්‍යාපාරය විසින්. ජාතින් ලෙස බහුතර ජනකොටසක ට මුවා වෙලා, සුළුතරයක් විසින් ගෙන ගිය පාලනය ඔවුන් විසින් අභියෝගයක ට ලක් කළා. ඒ, තමිල් ජාතියේ වාසභූමි ප්‍රදේශවලවත් ඒ ජනතාවගේ ජනවරම ට ඉඩක් නැතිකමේ ප්‍රශ්නය, මේ ගොඩ නගා ගත් රාජ්‍ය මාදිලියේ ප්‍රශ්නයක් හැටියට ම මතු කරමින්. මෙතැන දි ඇත්තෙන් ම අනෙක් ජනකොටස් අතරේ සිදු විය...