බූකර් ටේට් තිත්ත සීනි ලංකාවට නැවතත් පැණි රස වේ | Bitter story of sugar of Booker Tate to be re-written in Sri Lanka
බිමිබරක් සෙනග ගැවසුන චන්ද්‍ර සූර්යයා හිනැහුණු ස්වර්ණ භූමියේ මනරම් මාලිගාව කෝ යුද්දෙකට ඇවිත් රුපුසෙන් සත් මුහුදු මතින් ගුවනින් කම්බි වටකරේ මනරම් මාලිගාවදෝ ට්‍රැක්ටරේ යකඩ ගජසෙන් කුංචනාදයෙන් ඇලලුණු වෘක්ෂ දේවතාවුන් බිම වැටී පණ ගසයි මිනී මල් පිපුනු සීතල නිම්න භූමියේ ඇටකටු හතර රියන් කඩ අහිමිව විලාපය නගයි කැලැ මල් පිපී රතු තොල් වලින් කෑ ගසා ඉල්ලන ජාතියේ නිධානය රන් රුවන් කරඬු කොයි වෑකන්ද කඩා බිම් කටු කම්බියෙන් බෙදා මේ රණ බිමේ හිස ගසා දමනා කඩුව බිම දමව් ( 2011 ජනවාරි 06, W3Lanka ) රත්න ශ්‍රී විජේසිංහ රචනා කළ ගුණදාස කපුගේ විසින් සංගීතවත් කර ගායනා කරන ලද මෙම ගීය සංගීත ඉතිහාසයේ පමණක් නො ව ලාංකීය සමාජ දේශපාලන අරගලයෙන්හි ද වැදගත් සංස්කෘතික සංකේතයකි. එය ලියවුණේ 1980 දශකයේදී ලංකාවේ ඌව වෙල්ලස්සේ අක්කර හැටදහසක උක් වගා ව්‍යාපෘතියක් හා පැල්වත්ත සීනි කම්හල පවත්වාගෙන ගිය බූකර් ටේට් නම් බ්‍රිතාන්‍යය පදනම් කර ගත් බහුජාතික සීනි සමාගම විසින් ඓතිහාසික වෙල්ලස්සට කරන ලද සමාජ, සංස්කෘතික හා පාරිසරික විනාශය තේමා කරගෙනයි. රජයෙන් ලබා දෙන ලද සහනාධාර මත යැපෙමින් ලංකාවේ...