අයිස් බකට් අභියෝගය
මේ තරුණිය මිය ගිය කතාව බොරුවකි ධනේශ්වර ක්‍රමයට විසඳිය නො හැකි ප්‍රශ්න වන දිළිඳුකම, නූගත්කම, අපරාධ, දූෂණය, විෂමතා වැනි ප්‍රශ්න විසින් ක්‍රමය අර්බුදයට පත් කර බිඳ වැට්ටවීම පාලනය කිරීම සඳහා භාවිතා කෙරෙන ක්‍රමවේද අතර පුන්‍යාධාර හා සමාජ සේවය ද ඇත. විශේෂයෙන් ම දියුණු, ධනේශ්වර රටවල ජනයා අතර පුන්‍යාධාර හා සමාගම් අතර සමායතන සමාජ වගකීම වැනි සංකල්ප ප්‍රවර්ධනය කරනු ලැබේ. එමගින් කරනු ලබන්නේ විශේෂයෙන් ම තුන්වන ලෝකයේ මිනිස් කසල බවට පත් වෙමින් තිබෙන මිනිසුන්ට යම් උපකාර කිරීමයි. එහෙත්, මෙහි මූලික ගැටලුවක් තිබේ. එනම්, විෂමතා දුරලමින් සමානාත්මතාව ඇති කරන දේශපාලන නැඹුරුවක් වෙනුවට විෂමතා උත්සන්න කරන දේශපාලනයක් වෙනුවෙන් කටයුතු කරමින් එහි ප්‍රතිඵල සම්බන්ධයෙන් අදේශපාලනික, පුන්‍ය සංකල්යකින් කටයුතු කිරීම ඒ දේශපාලන ප්‍රශ්නයයි. මෙය හරියට රෝගයට ප්‍රතිකාර නො කර රෝග ලක්ෂණවලට ප්‍රතිකාර කිරීමක් වැනි ය. උදාහරණ ලෙස මෙසේ ගන්න. ලංකාව වැනි ජනතාව විපතට පත් කරන පාලකයන් සිටින රටවල් රැසක පාලකයින්ට එරෙහිව ක්‍රියාමාර්ග නො ගනිමින් හා ඔවුන්ට උපකාර කරමින්, ඔවුන් විසින් ඇති කරනු ලබන මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් කටයුතු ...