Posts

Showing posts with the label අමාත්‍යංශ ලේකම්වරු

රාජ්‍ය නිලධාරීන්ට දේශපාලනය බැරි බව මැතිවරණ කොමසාරිස් මතක් කරයි

Image
(2009 දෙසැම්බර් 09 - W3Lanka ) අධිකරණ නිලධාරීන්, සන්නද්ධ සේවාවල නිලධාරීන්, පොලිස්‌ නිලධාරීන්, ග්‍රාමසේවා ඇතුළු සාම නිලධාරීන්, බන්ධනාගාර නිලධාරීන්, රජයේ සේවයේ නියුක්‌ත මාණ්‌ඩලික හෝ අධීක්‍ෂණ නිලධාරීන් හා මැතිවරණ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු නිලධාරීන්ට දේශපාලන අයිතිවාසිකම් භුක්‌ති විඳීමට හිමිකමක්‌ නැති බව චක්‍රලේඛයක්‌ නිකුත් කරමින් මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායක සඳහන් කරයි. "දේශපාලන අයිතිවාසිකම් භුක්‌ති විඳීමට හිමිකම් නොමැති නිලධාරියකුට තහනම් කටයුතු" මැයෙන් මැතිවරණ කොමසාරිස්‌වරයා වෙනුවෙන් එහි නියෝජ්‍ය කොමසාරිස්‌ ඒ. ඊ. සිරිවර්ධන මහතා විසින් මෙම චක්‍රලේඛය නිකුත් කර ඇත. මෙම නිලධාරීන්ට මැතිවරණවලට සහභාගි වීම මැතිවරණයට ඉදිරිපත් වන අපේක්‍ෂකයන්ට මොනයම් ආකාරයකින් හෝ ආධාර කිරීම තහනම් වේ. මීට පටහැනිව ක්‍රියා කිරීම සේවයෙන් පහකිරීමේ දඬුවමට භාජනය විය යුතු වරදකි. මෙම නීතිය පාර්ලිමේන්තු මැතිවරණයකදී ජනමත විමසුමකදී හෝ පළාත් සභා මැතිවරණයකදී ද වලංගු වේ. උසස් රාජ්‍ය නිලධාරීන් වන අමාත්‍යංශ ලේකම්වරුන් වැන්නන්ට ද මෙම නීතිය අදාළ වේ. එහෙත්, බලයෙන් අන්ධව නීතියට ඉහළින් සිට‍ගෙන සි...