Posts

Showing posts with the label අභිලාෂ්

හෙල්පිං හම්බන්තොට සිට බේබි 81 දක්වා පශ්චාත් සුනාමිය

Image
(2009 දෙසැම්බර් 26 - W3Lanka ) 2004 දෙසැම්බර් 26දා ශ්‍රී ලාංකිකයන් දසදහස් ගණනකට මරු කැඳවමින් සිදු වූ සුනාමි ව්‍යසනයට අදට වසර පහක් පිරේ. ඒ සමග ම පශ්ඩාත් සුනාමි ව්‍යසනයට ද වසර පහක් පිරේ. එය තව ම අවසන් නැත. සුනාමි ව්‍යසනය පිළිබඳ කම්පා වී ප්‍රධාන වශයෙන් ම බටහිර රටවල ත්‍යාගශීලීන් විසින් එවන ලද ඩොලර් කෝටි ගණනක් ලංකාවේ සංසරණය වූ මුත් කොළඹ දිස්ත්‍රික්කයේ පවා දහස් ගණනක් උන්හිටි තැන් අහිමි වූවෝ තවමත් අනාථ කඳවුරුවල වෙසෙති. සුනාමියෙන් බැට කා යන්තම් දෙපයින් නැඟී සිටින්නට උත්සාහ කරද්දී ඇවිළුණ යුද ගින්නෙන් යළි බැට කා බොහෝ දේ අහිමි වූ තවත් දසදහස් සංඛ්‍යාත පිරිසක් තවමත් .උතුරේ අනාථ කඳවුරුවල ය. දිවයින පුරා ම සුනාමියෙන් පීඩාවට පත් බොහෝ අයගේ නිවාස තවමත් බාගෙට ඉදි කළ ගමන් ය.  සුනාමියෙන් හැදුණු අය අතර රාජ්‍ය නොවන සංවිධාන ලොක්කෝ මෙන් ම දේශපාලකයෝ ද වෙති. ඇතැම් දේශපාලක අතවැසියන්ට සුනාමියෙන් වූ කිසිදු හිරිහැරයක් නැතත් ඔවුන්ට නිවාස දෙක තුන ලැබී තිබේ. දැන් ඒවායින් බොහොමයක් කුලියට දී තිබේ.  සුනාමි අවස්ථාවේදී මව්පියන් මගහැරී අතරමං වී දිවි ගලවාගෙන සිටියදී අසල්වැසියකු විසින් රෝහල්ගත කරන ලදුව පසුව ...