Posts

Showing posts with the label අප්‍රේල් 01

ලංකාවේ හොඳ ම අප්‍රේල් මෝඩකම | Sri Lanka's best April foolery

Image
(2011 අප්‍රේල් 01,   W3Lanka )  ලංකාවේ හොඳ ම අප්‍රේල් මෝඩකම යයි අප සිතන සිද්ධිය මෙසේ ය: ඒ රජයට අයත් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව පමණක් පැවති 1970 දශකයයි. එක් නිවේදකයෙක් අප්‍රෙල් 01දා රටේ ජනතාවට විහිළුවක් කරන්නට සිතා එක් මුදල් නෝට්ටුවක් අවලංගු කරන්නට රජය තීරණය කර ඇති බැවින් එම මුදල් නෝට්ටු බැකුවට භාර දී වෙනත් මුදල් ලබා ගන්නා ලෙස නිවේදනය කළේ ය. ඒ කාලය අද කාලය වගේ නො වේ. එවක රටේ තිබුණේ එක් ගුවන් විදුලියක් පමණි. ඒ නිසා ම, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව යනු සීරියස් දෙයකැයි ඒ කාලයේ ජනතාව විශ්වාස කළ හ. එබැවින් පැය කීපයක් යන්නට පෙර රටේ බැංකු එකී මුදල් නෝට්ටු අතින් ගත් මිනිසුන්ගෙන් පිරී ඉතිරී ගියේ ය. අවසානයේදී එකී පුවත බොරුවක් බව ගුවන් විදුලියෙන් නිවේදනය කරන්නට රජයට සිදු විය. ඒ අවස්ථාවේදී මෙකී ගුවන් විදුලි නිවේදකයාගේ වැඩ තහනම් කරන ලදී. එහෙත්, අප දන්නා තරමින් පසු කලෙක මේ  නිවේදකයා ජාතික රූපවාහිනියෙන් රටට ම උපදෙස් දෙන වැඩිහිටියකුගේ භූමිකාව රඟ පෑවේ ය. ඒ විහිළුව අර කලින් කී විහිළුවට වඩා විහිළුවක් මුත්, මේ වකවානුව වන විට ජනතාව රජයේ මාධ්‍ය සීරියස් නො ගන්නා නිසා ප්...

අප්‍රේල් 01 මෙරට ජාතික දිනය කරනු! | Declare April 01 our national day

Image
(2010 මාර්තු 23- W3Lanka )   අප්‍රේල් 01දාට ඇත්තේ තව සතියකටත් අඩු කාලයක් බැවින් විශේෂයෙන් ම සිංහල ජනතාව මෙම යෝජනාව හදිසි කාරණයක් ලෙස සලකා කටයුතු කළ යුතුව තිබේ. ලෝකය පුරා ම අප්‍රේල් 01දා මෝඩයන්ගේ දිනය ලෙස සැලකුන ද ලංකාවේ මිනිසුන්ට නම් මෙම දිනය ඊට වඩා ජාතික වැදගත්කමකින් යුක්ත ය. අප්‍රේල් 08දා ලංකාවේ මහ මැතිවරණයක් පැවැත්වේ. මේ මැතිවරණයේදී ලංකාවේ මිනිසුන් ඡන්දය දෙන්නේ ළමයා ඉස්කෝලෙකට දමා ගැනීම සඳහා ලියුමක් ගැනීම, රැකියාවක් සොයා ගැනීම, පාර කොංක්‍රීට් කර ගැනීම වැනි කාරණා සඳහා ය. දැන් හැට දෙවසරක් තිස්සේ ලාංකිකයෝ මන්ත්‍රීවරු පත් කරති. ව්‍යවස්ථාදායකය හෙවත් පාර්ලිමේන්තුව තිබෙන්නේ නීති සම්පාදනයට මිස බෝක්කු, පාලම් හැදීමට නොවන බව ලාංකිකයෝ නොදනිති. ඔවුන් විසින් පාර්ලිමේන්තුවට යවනු ලබන බෝක්කු පොරවල් ද ඒ බව දන්නේ නැත. උන්ගෙන් ඇතැමෙක් සිතන්නේ රටේ නීතිය විය යුත්තේ තමන් ය කියායි.  මන්ත්‍රීන් ඇතුළු රජය නඩත්තු කිරීම සඳහා මේ රටේ ජනතාව ගැලේ බැන්ද ගොනුන් ලෙස වැඩ කර දහ දුක් විඳ බදු ගෙවති. එහෙත් බදු ගෙවන බව නොදනිති. ඔවුන් සිතන්නේ ලාම්පු තෙල් බෝතලය අරාබියෙන් එනකොටත් මේ ගාන ම යයි කියා ය. පිටි ...