Posts

Showing posts with the label අපවත්

සෝම හිමියන්ගේ 'අපවත් කිරීමෙන්' සත් වසරකට පසු

Image
( 2010 දෙසැම්බර් 27,  W3Lanka )  ගංගොඩවිල සෝම හිමියන් අපවත් කර  දෙසැම්බර් 12දාට සත් වසරකි. අපවත් කිරීම යන නව යෙදුම සිංහල වාග් කෝෂයට එකතු වුණේ එහිමියන්ගේ අභාවයත් සමගයි.  දැඩි ලෙස රෝගාතුරව සිටි සෝම හිමියන් ශීත ඍතුවේ රුසියාවට යන්නේ ශාන්ත පීටර්ස්බර්ග් සරසවියෙන් ආචාර්ය උපාධියක් ලබා ගන්න‍ටයි.  සෝම හිමියන් අපවත් කිරීම පිණිස එරටට ගෙන්වා ගැනීමට මෙම ආචාර්ය උපාධිය (ඇමක් ලෙස) පාවිච්චි කරන ලද බවට එදා සිහල උරුමය විසින් චෝදනා කරන ලදී.  මරණය පිලිබදව තොරතුරු අනාවරණය කිරීම සදහා කොමිෂමක් පත් කරන ලදී.මෙම කොමිෂම මගින් පරීක්ෂණ දෙකක් පවත්වනු ලැබූ අතර මෙම කොම්ෂමේ සාමාජිකයන් තිදෙනෙකුගේ අවසන් නිගමනය වුයේ එම මරණය ඕනෑකමින් කරන ලද්දක් බවයි. එක් කොමිෂන් සාමාජිකයකු පවසුවේ ඒ සදහා සාක්ෂි නොමැති බවයි. සෝම හිමියන් අපවත් කිරීමෙන් සය වසරකට පසු පොලිස්පති මහින්ද බාලසූරිය ද එම විශ්ව විද්‍යාලයට යන්නේ ය. ඒ පරීක්ෂණයක් පැවැත්වීමට නොව ආචාර්ය උපාධියක් ලබා ගැනීමටයි. එහෙත්, ඔහු ඝාතනය කිරීමක් නම් සිදු වූයේ නැත.  ආචාර්ය උපාධි පිරිනැමීම සඳහා ඒ ඒ විශ්ව විද්‍යාලවලට අනන්‍ය වූ ක්‍රමවේද තිබ...