අන්‍යාගම්වලට හැරවීම වැළැක්වීමේ පනත හා වලිගය මත සිට ගැනීමේ කලාව
ජුසේ වාස් පියතුමා ජාතික හෙළ උරුමයට නැවතත් අන්‍යාගම්වලට හැරවීම වැළැක්වීමේ පනත හදිසි පනතක් ලෙස සම්මත කර ගැනීමට අවශ්‍යව ඇත. (මේ ඇතැම් විට දේපල පවරා ගැනීමේ පනත ඉදිරියේ සිදු වූ අලකලංචිය වසා ගැනීමේ ජිමික් එකක් විය හැකි ය.) එම පක්ෂය මෙසේ කියයි: 'ඇමෙරිකානු ඊනියා ක්‍රිස්‌තියානි සංවිධාන මෙරට තහනම් කරන ලෙස කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් පියතුමා රජයෙන් ඉල්ලීමක් කර ඇති බව දැන ගැනීමෙන් අප විශ්මයටත් බලවත් සතුටටත් පත් වීමු. මක් නිසාද යත් ජාතික හෙළ උරුමය දීර්ඝ කාලයක සිට බලහත්කාරයෙන් ආගම්වලට හැරවීම තහනම් කිරීමේ අන්‍යාගමීකරණ පනත ශ්‍රේෂ්ඨාධිකරණයටත් පාර්ලිමේන්තුවටත් ගෙන ඒමට කටයුතු කළ අවස්‌ථාවේදී ශ්‍රී ලංකා රාජගුරු මණ්‌ඩලය, ක්‍රිස්‌තියානි හා කතෝලික සභාවන් එම පනත රටට අනවශ්‍ය බවත් එම පනත මගින් ආගමික සහජීවනයට හා ආගමික නිදහසට බාධා සිදුවන බවත් කියා සිටිමින් දැඩි විරෝධය පළ කරන ලදී. එදා රදගුරු මණ්‌ඩලය විසින් රැකගත් ඊනියා ක්‍රිස්‌තියානි මූලධර්මවාදී සංවිධානයන් අද තහනම් කරන ලෙස ඔවුන් විසින්ම රජයෙන් ඉල්ලා සිටීම විශ්මය දනවන්නකි. දුප්පත්කම දඩමීමා කරගෙන අයථා ක්‍රම මගින් ආගම්වලට හරවා ගැනීමේ මිෂනාරී සංවිධාන...