ජනාධිපති අනුර උර දී තිබෙන විප්ලවය කුමක්ද?
අජිත් පැරකුම් ජයසිංහ දරුණු ජාතික හා ජාත්‍යන්තර ආර්ථික අර්බුදයක හිර වී සිටින ලංකාව හමුවේ විකල්ප ගොඩක් නැත. සමාජවාදී විකල්පයක් ගැන කිසිවකු විස්තර කර නැත. ලංකාවට ඉදිරියට යන්නට සිදුවන්නේ එක පැත්තකින් නව ලිබරල් ප්‍රතිසංස්කරණ සමගය. අනෙක් පැත්තෙන් ඉන්දියාවත් සමගය. දකුණතින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අත අල්ලා ගන්නා අතර වම් අතින් අල්ලාගන්නට සිදුවන්නේ ඉන්දියාවේ සුළැඟිල්ලය. 2022දී ශ්‍රීලංකාවට හා 2024දී බංග්ලාදේශයට කළ අන්දමේ දෙයක් මෝදිගේ නායකත්වයෙන් යුත් ඉන්දියාවට කිරීමට ජාත්‍යන්තර හා දේශීය බලවේග අසමත් වුවහොත් ඉන්දියාව ලොව ප්‍රමුඛ බලවතකු බවට පත්වීම වැළැක්විය නොහැකිය. මෙම සංදර්භය තුළ ලංකාවට තිබෙන්නේ සිංහල-බෞද්ධ ජාතිකවාදය රැකගෙන ආර්ථික වශයෙන් ඉන්දියාවේ අනුබද්ධයක් බවට පත්වීමේ අවස්ථාව උපරිමයෙන් ප්‍රයෝජනයට ගැනීමයි. ලංකාව හා ඉන්දියාවත්, තවත් රාජ්‍යයනුත් අතර දකුණු ආසියාතික සහසන්ධීය රාජ්‍යයක මාවතකට පිවිසීම සඳහා ප්‍රතිසංස්කරණ අවශ්‍යය. එහිදී ඉන්දීය දේශපාලන, ආර්ථික, සමාජ ආධිපත්‍යය පිළිගැනීම අනිවාර්ය සාධකයකි. මුලදී මෙම ආර්ථික ප්‍රතිසංස්කරණ ඉන්දියාවට වාසිදායක වීම වැළැක්විය නොහැකිය. එහෙත්, ලංකාව ඉතා ඉක්මනි...