රනිල් ආයෙත් වරද්දා ගනියිද?
May 23, 2022 admin Politics අජිත් පැරකුම් ජයසිංහ රනිල් පාර්ලිමේන්තුවේ පමණක් නොව, ජාත්‍යන්තර මාධ්‍ය ඉදිරියේ ද විහිළුකාරයකු ලෙස හැසිරෙන්නට උත්සාහ කරයි. ඔහු ඇතැම් විට විහිළු ලෙස කියන්නේ නොකිය යුතු ඇත්තයි. උදාහරණයක් ලෙස ජාත්‍යන්තර මාධ්‍යයක් සමග සම්මුඛ සාකච්ඡාවකදී ඔහු සංචාරකයන්ගේ පැමිණීම සම්බන්ධයෙන් දෙන පිළිතුර ඔහුගේ මෝඩ විහිළු නිසා සන්නිවේදනය වන්නේ වැරදියටය. මේ පෝලිම් ආදිය නිමා කරගෙන රට සාමාන්‍ය තත්වයට පත්කරගන්නා තෙක් සංචාරකයන් නොඑන බව ඇත්තකි. එහෙත්, රාජ්‍ය තාන්ත්‍රිකයකු ලෙස ඔහු කිව යුතුව තිබුණේ අප ඉක්මණින් තත්වය පාලනය කරගන්නා බැවින් සංචාරකයන්ට නුදුරේදීම ආපසු ලංකාවට පැමිණීමට හැකිවනු ඇති බවයි. ඔහුට විරුද්ධව බෝඩ් ඇල්ලීම ගැන ගොන් විහිළු ලෝකයට අදාළ නැත. මට පෙනෙන ආකාරයට රනිල් තම දෛවය ගැන ඕනෑවට වඩා උද්දාම වී තිබේ. එහෙත්, තවම කතාව අවසන් නැති බව කවුරු හෝ ඔහුට තේරුම් කර දිය යුතුය. 2015දී රනිල් මෛත්‍රීපාලට නායකත්වය දිය යුතුව තිබුණත්, ඔහු කළේ මෛත්‍රීපාල හීනමානයට පත්කර ඔහු සමග ගැටුමක් නිර්මාණය කරගෙන එය නඩත්තු කිරීමයි. ගෝඨාභය රාජපක්ෂ හමුවේ ද ඔහු ඉංග්‍රීසි හා රාජ්‍ය තාන්ත්‍රික වැඩකෑල...