උවිඳු අඳුර: කුරුකුලසූරිය කේලාම් කිව්වා ද? රාජපක්ෂ බොරු කිව්වා ද?
Labels: උවිඳු කුරුකුලසූරිය , නිදහස් මාධ්‍ය ව්‍යාපාරය (අගෝස්තු 18, 2009 - W3Lanka) 2009 ජුනි 07 දින 'ද නේෂන්' පුවත්පතේ පළ වූ ලිපියක් පිළිබඳ නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ හිටපු කැඳවුම්කරු වූ උවිඳු කුරුකුලසූරිය විසින් කරන ලද කරුණු පැහැදිලි කිරීමක් අගෝස්තු 16 දින එම පුවත්පතේ පළ විය. ජනාධිපතිවරයාත්, ජනමාධ්‍ය සංවිධාන නියෝජිතයනුත් අතර පැවති සාකච්ඡාවක් පිළිබඳ සඳහන් වී ඇති අදාළ ලිපියේ කියැවෙන පරිදි නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ මුල්‍ය අක්‍රමිකතා පිළිබඳව උවිඳු ජනාධිපතිවරයාට කරුණු පැහැදිලි කළ බව ජනාධිපතිවරයා සාකච්ඡාවට සහභාගි වූ අයට කියා තිබේ. දැන් උවිඳු පවසන්නේ තමන් කිසිදු දිනෙක නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පිළිබඳව ජනාධිපතිවරයාට කරුණු කියා නැති බවයි. තමන් කී දෙය සත්‍ය බව පුවත්පත දැඩිව පවසයි. උවිඳු කුරුකුලසූරිය වනාහි නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ අභ්‍යන්තර ශෝධනයක් පිළිබඳව දැඩි සටනක් කළ පුද්ගලයෙකි. එම සටනේ ප්‍රතිඵල ලෙස නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ මුල්‍ය අක්‍රමිකතා රැසක් හෙළිදරව් වු අතර සංවිධානයේ ව්‍යූහයේ බරපතළ වෙනස්කම් ද සිදු විය. නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ බොහෝ පැරණි නායකයන් ජීවිත තර්ජන ඇතැයි කියා විදේ...