Posts

Showing posts from January, 2022

අනාගත නායකත්වය සඳහා අරගලය

Image
  January 30, 2022   admin   Politics අජිත් පැරකුම් ජයසිංහ, 2022-01-30 අනිද්දා පුවත්පත ශ්‍රී ලංකාවේ රාජ්‍යය ආර්ථික වශයෙන් මෙන්ම දේශපාලනික වශයෙන් ද දැඩි අභියෝගයකට ලක්වී තිබේ. වර්තමාන ජනාධිපතිවරයා තවමත් ආධුනික ලක්ෂණ පෙන්නුම් කරයි. අගමැතිවරයා එවැනි තනතුරක් දැරීමට තරම් ශාරීරික යෝග්‍යතාවකින් යුක්ත පුද්ගලයකුද යන්න සැක සහිතය. ඇමතිවරු ආණ්ඩුවේත් සිටිති. ආණ්ඩුවේ නොවන පරිදිත් කටයුතු කරති. උදාහරණයක් ලෙස කැබිනට් මණ්ඩලයේ සිට ආයෝජන ව්‍යාපෘති අනුමත කරති. ඉන්පසු එම තීරණවලට එරෙහිව නඩු පවරති. රාජ්‍ය අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, සංස්ථා, මණ්ඩල, අධිකාරි ආදියට නායකත්වය දෙන නිලධාරීන් පත්කරන සැණින් අස්කරනු දක්නට ලැබේ. ලිට්රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා අස්කර යළිපත්කිරීම එවැනි එවැනි එක් විකට ජවනිකාවක් පමණි. විදුලි බල මණ්ඩලය, ආයෝජන මණ්ඩලය ආදී රාජ්‍ය ආයතන රැසක එවැනි ජවනිකා රඟදැක්වෙමින් තිබේ. ආර්ථිකය පාලනය කිරීම මුදල් අච්චුගැසීමේ හා ණය ගෙවන්නට බැරිව රට බංකොලොත් වීම මාස කීපයකට කල්දමාගැනීමේ එදාවේල වෙනුවෙන් කරන වැඩක් බවට පත්වී තිබේ. රටේ සෑම අංශයක්ම බරපතල පරිහාණියකට ලක්වී හමාරය. ණය ප්‍රතිව්‍යූහගත කරගැනීමක් පිළිබඳ සාකච්ඡා කරන

සමාජවාදය, ධනවාදය හා සංවර්ධනය

Image
  January 29, 2022   admin   Politics අජිත් පැරකුම් ජයසිංහ, පැරාගේ විරාමය – ලංකා පුවත්පත, 2022-01-30 සමාජවාදය පිළිබඳ සාමාන්‍ය අර්ථදැක්වීම මෙවැනි එකකි: සමාජවාදය යනු නිෂ්පාදනය, බෙදාහැරීම හා හුවමාරු කරගැනීම සිදුකරන සමාජ සංවිධානය සමස්තයක් ලෙස ප්‍රජාවට හිමි හා ප්‍රජාව විසින් නියාමනය කරනු ලබන එකක් විය යුතු බව ඉදිරිපත් කරන දේශපාලන හා ආර්ථික න්‍යායයි. එහිදී බොහෝදුරට දේපළ හා ස්වාභාවික සම්පත් මත පෞද්ගලික හිමිකාරීත්වයට හා පාලනයට වඩා පොදු අයිතිය හා පාලනය කෙරෙහි අවධානය යොමුකරයි. පුද්ගලයන් හුදකලා සත්වයන් නොවන බව ද, ඔවුන් සමාජයේ පාර්ශ්වකරුවන් බව ද, මිනිසුන් විසින් කරනු ලබන සෑම නිෂ්පාදනයක්ම යම් ආකාරයක සමාජ නිෂ්පාදනයක් බව ද, එම නිෂ්පාදනයට දායක වන සියලුදෙනාට එය බෙදාහදාගැනීමේ අයිතියක් තිබෙන බව ද එයින් කියැවේ. (මෙම අර්ථදැක්වීම සඳහා මාක්ස්වාදය වැනි දර්ශනයක ආභාසය තිබිය හැකිය. එහෙත්, සාමාන්‍ය අර්ථදැක්වීම් නිශ්චිත දෘෂ්ටිවාදයක් මත පදනම් වන්නේ නැත.) මෙනයින් බැලූ කල සමාජවාදය බැලූ බැලුමට ධනවාදයට එරෙහි දැක්මක් ලෙස පෙනීයයි. ධනවාදය පදනම් වන්නේ නිෂ්පාදන මාධ්‍යවල පෞද්ගලික හිමිකාරීත්වය, නිදහස් වෙළඳාම හා පුද්ගල තෝරාගැනී

පැච්චෙකක් ගිය පුස්සයිකලේ වින්කලේ (සුන්දර ඉංගිරිසි)

Image
  January 27, 2022   admin   Life අජිත් පැරකුම් ජයසිංහ බයිසිකලය කියන වචනෙත් එක්ක ලංකාවෙ ෆුට් සයිකලේ, පුෂ් සයිකලේ, පුස් සයිකලේ වැනි වචනත් භාවිතා වෙනවා. සයිකලය වෙනුවට බයිසිකලය යොදා ෆුට් බයිසිකලය කියාත් කියනවා. හොඳ සිංහලෙන් බයිසිකලයට කියන්නෙ පාපැදිය කියලායි. බයිසිකලය කියන්නෙ තත්සම වචනයක්. ඒ කියන්නෙ ඉංග්‍රීසි වචනය වෙනස් කරගෙන සකසාගත් වචනයක්. එහි බහුවචනය බයිසිකල්. බයිසිකල් කියන ඉංග්‍රීසි වචනෙට තියෙන්නෙ ප්‍රංශ නිරුක්තියක්. එන්ජිමකින් ක්‍රියාකරන බයිසිකල් නිෂ්පාදනය වූ පසු ඒවාට මෝටර්සයිකල් කියන වචනය යෙදුණා. එයට සිංහලෙන් මෝටසයිකලය, මෝටර් බයිසිකලය හෝ යතුරුපැදිය කියනවා. බයික් කියන වචනයත් ඉංග්‍රීසියෙන් සිංහලට ආ එකක්. බයික් එක කියලා බොහෝ දෙනෙකු සිංහලෙන් නම් කියන්නේ යතුරුපැදියටයි. “මං ගාව බයික් එකකුයි බයිසිකලයකුයි දෙකක් තියෙනවා,” කියලා කෙනෙකු කියන්නට පුළුවන්. බයිසිකලයට ෆුට් සයිකලය හෝ පුෂ් බයිසිකලය කියන වචන සිංහලට පැමිණ තිබෙන්නේ අව්‍යක්ත ඉංග්‍රීසි ව්‍යවහාරයෙන්. බයිසිකලය සමග එහි කොටස් සම්බන්ධ ඉංග්‍රීසි වචන රැසකුත් සිංහල භාෂාවට එකතු වුණා. ඒවා නම්, හැඬල් එක (handle) පැටල් එක (pedal) පෝක් අත (fork) බ්‍රේක

HOW SRI LANKA BECAME THE ISLAND OF A THOUSAND ERRORS

Image
  January 26, 2022   admin   Economy   English Tim Worstall , f rom Dhaka Tribune You can only have a foreign exchange shortage if you’re trying to fix the price of that foreign exchange. A government that doesn’t know this … well, perhaps we shouldn’t be all that surprised that they’re also having problems with debt The government of Sri Lanka is showing an alarming lack of knowledge over how the international economy works. Which seems fair enough since they’ve recently shown an alarming lack of knowledge of how a domestic economy works too. For example, they decided that the entire country’s farming sector should go organic. Well, okay, that can be done — but then they were astonished at the idea that there was less food being produced. They didn’t realise that fertiliser and land are substitutes for each other. For any given amount of food produced you can use more land and less fertiliser or vice versa. If you use less fertiliser and no more land then there will be less food. They

වාහන මාකට්ටෙක, පොදු ප්‍රවාහනය හා රුවන්පුර අධිවේගය

Image
  January 26, 2022   admin   Economy   Transport අවුරුදු පහක් පරණ ටොයොටා ලෑන්ඩ් කෘෂර් රථයක් රුපියල් හයකෝටි විසිපන්ලක්ෂයකට අලෙවිය සඳහා අන්තර්ජාලයේ දැන්වීම් දමා ඇති බව  ඒඑෆ්පී වාර්තාවක  පළවිය. එම මුදලින් කොළඹ නිවසක් මිලදීගත හැකි බව ද එම වාර්තාවේ ම දැක්වේ. මේවා දකින විදේශිකයන් ලංකාවේ මිනිසුන්ට පිස්සු යයි සිතනු ඇත. මේ වන විට පාපැදියේ පටන් සියලු වාහනවල මිල දරාගත නොහැකි තරම් ඉහළය. ලුමාලා පාපැදියක මිල රු. 30,000 ඉක්මවයි. අවුරුදු දෙකකට වඩා පරණ සීසී 100 ධාරිතාවේ කුඩා ස්කූටර් යතුරුපැදියක් රු. ලක්ෂ හතරකට වැඩිය. මගේ අවුරුදු අටක් පමණ පරණ ඇල්ටෝ කාරය පවා රු. ලක්ෂ 25කට වැඩි මිලකට විකුණාගත හැකිය. එහෙත්, වාහන විකුණන අයට පහසුවෙන් වාහනයක් මිලදීගත නොහැකිය. ශ්‍රී ලංකාවේ වාහන වෙළඳපොළෙහි ජපන් කාර් කලක සිටම ගත් මිලට වඩා ඉහළ මිලකට විකුණාගැනීමේ හැකියාව තිබිණි. ක්ෂය වන උපයෝගී භාණ්ඩයක් වන කාර්වල මිල එසේ වැඩිවීම විකෘති තත්වයකි. එයට හේතුවන්නේ ඩොලරයට, යෙන්වලට සාපේක්ෂව රුපියලේ වටිනාකම වේගයෙන් පිරිහීම, උද්ධමනය හා රජය වාහනවලින් අයකරන අධික ආනයන හා වෙනත් බදුය. ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහනයේ ගැටලු රැසක් තිබේ. ඒ අතරින් දුම්රි

බැඳුම්කර සම්බන්ධ කබ්රාල්ගේ අමුතු රෝඩ් මැප් එක

Image
  January 24, 2022   admin   Economy ජනවාරි 16 වැනිදා ගාල්ල හබරාදූව ප්‍රදේශයේ පැවති රැස්වීමකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති රෝහණ ලක්ෂ්මන් පියදාස ඉතා වැදගත් හෙළිදරව් කිරීමක් සිදුකළේය. එනම් ජනවාරි 18දා ඩොලර් මිලියන බැඳුම්කර මුදල් ගෙවීමට මහ බැංකු අධිපතිවරයාට හදිසියක් ඇත්තේ රාජපක්ෂ පවුලේ ඥාතීන්ට සිදුවන පාඩුව අවම කර ගැනීමට බවයි. මෙම ඩොලර් මිලියන 500 ආපසු ගෙවනු ලැබුවේ රටේ මිනිසුන්ට ආහාර, ගෑස්, විදුලිය වැනි අර්බුද රැසකට මුහුණදීමට සිදුව තිබියදීය. මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මෙසේ කී බව ලංකා ටෘත් වෙබ් අඩවිය වාර්තා කළේය: “විදේශ ණය බැඳුම්කර ආපසු ගෙවනවා කියලා මහබැංකු අධිපතිවරයා කිව්වා. ඩොලර් මිලියන 500ක්. කවුද ඩොලර් මිලියන 500ක බැදුම්කරවලට සල්ලි ආයෝජනය කළේ. මේ කාරණා හරියට දන්නෙ නෑ මිනිස්සු. ඔවුන් හිතන්නෙ ණය ගෙවන්න ලෑස්ති වෙනවා කියලා. නෑ… ඇත්ත කාරණේ බැඳුම්කරවල ආයෝජනය කරලා තිබෙන්නේ රාජපක්ෂලගේ අජිත් නිවාඩ් කබ්රාල්ලගෙ ඥාතියො, හිතවත්තු, මිත්‍රයෝ. ඒ මිත්‍රයන්ට වැඩි ගාණක් සල්ලි දෙන්න තියන හින්දා තමයි ඔය බැඳුම්කර ඉක්මනින් ගෙවන්නෙ. ලෝකයෙ ඉන්න සෑම ආර්ථික විද්‍යාඥයෙක්ම කියනවා, මේ වෙලාවෙ බැඳුම

ධනේශ්වර චින්තන රාමුව තුළ සමාජවාදී විකල්ප තිබේද?

Image
  January 22, 2022   admin   Politics අජිත් පැරකුම් ජයසිංහ, පැරාගේ විරාමය, ලංකා පුවත්පත 2022-01-22 ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සංවර්ධන මූලෝපායන් තෝරාගැනීමේදී ධනවාදය විසින් යෝජනා කරනු ලබන්නේ ගෝලීය නිෂ්පාදන හා සේවා දාමයන් සමග මැනවින් සම්බන්ධ වීමයි. එහිදී නිදහස් වෙළඳාම, ව්‍යාපාර කිරීමේ පහසුව, ජාත්‍යන්තර හවුල්කාරීත්වයන්, ආයෝජන, තාක්ෂණය, රාජ්‍ය මූල්‍ය විනය, පෞද්ගලික අංශය, ශ්‍රම බලකායේ කාර්යක්ෂමතාව ආදිය අතිශය වැදගත් වේ. එම මූලෝපාය අනුව ශ්‍රී ලංකාවට මේ මොහොතේදී විදේශ ආයෝජකයන් සමග හවුල්කාරීත්වයන් ඉතා වැදගත් වේ. චීනය සමග වරාය නගර හවුල්කාරීත්වය ද, ඉන්දියාව සමග ත්‍රිකුණාමලේ තෙල් ටැංකි සංවර්ධනය කිරීම සම්බන්ධ හවුල්කාරීත්වය ද, ඇමරිකාවේ නිව් ෆෝට්‍රස් සමාගම සමග යුගදනවි විදුලි බලාගාරයේ 40%ක කොටස් සහ කොළඹ, වෙරළට ඔබ්බෙන් නව එල්එන්ජී පර්යන්තයක් සංවර්ධනය කිරීමේ ආයෝජනය සඳහා  පිළිබඳ ගිවිසුම ද වත්මන් ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවට වැදගත් වන්නේ එම සංදර්භය තුළයි. ශ්‍රී ලංකාවේ ප්‍රධාන වෙළඳ හවුල්කරුවන් වන, යුරෝපා සංගමය, ජපානය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බ්‍රිතාන්‍යය, රුසියාව, පකිස්තානය, බංග්ලාදේශය, මාලදිවයින වැනි රටවලට ද ශ්

ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ගැන විමසීමක්

Image
  January 19, 2022   admin   Politics අජිත් පැරකුම් ජයසිංහ නව වැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරය ආරම්භ කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පවත්වන ලද කතාව කෙරෙහි අවධානය යොමුකළ යුතුය. එය ඉතා සාමකාමී කතාවකි. එහෙත්, අසම්පූර්ණය. මෙවැනි අභියෝගාත්මක සමයක ජනාධිපතිවරයකුගෙන් ඊට වඩා ශක්තිමත් ප්‍රකාශනයක් අවශ්‍යය. වත්මන් අභියෝග ජයගැනීම සඳහා සහාය වන්නැයි සියලු දෙනාගෙන් ඉල්ලාසිටීම අත්‍යවශ්‍යය. එහෙත්, සහාය වන්නේ කෙසේදැයි කවුරු හෝ ප්‍රශ්නයක් නැගුවහොත් එයට දීමට පිළිතුරක් ජනාධිපතිවරයාට තිබේද? වැඩිදුර යන්නට අවශ්‍ය නැත. පාර්ලිමේන්තුවේ විපක්ෂයට එම සහාය පිරිනැමීම සඳහා යාන්ත්‍රණයක් තිබේද? අඩු තරමේ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවලට හෝ එවැනි අවස්ථාවක් තිබෙන බව ඔවුන්ගේ ප්‍රකාශවලින් පෙනෙන්නේ නැත. කැබිනට් මණ්ඩලයේ තත්වය ද එයයි. සහාය වන්නට ක්‍රම හා විධි නැත. ජනාධිපතිවරයා සහාය යන්නෙන් අදහස් කරන්නේ ඔහුත්, ඔහුගේ කණ්ඩායමත් කරන දේ නිහඬව, ප්‍රශ්න නොකර සිටීමද? නැත. අප නම් සිතන්නේ සහයෝගය යනු විසඳුම් සඳහා තීරණ ගැනීමේ සිට ක්‍රියාත්මක කිරීම හා ඇගයීම දක්වා සහභාගීත්වයයි. ජනාධිපතිවරයා කළ යුත්තේ එයට නායකත්වය දීමයි. ගෝලීය වසංගතය සම්බන්ධය

ඉන්දියාවෙන් ලංකාවට ණය ලැබෙන හැටි

Image
  January 16, 2022   admin   Economy ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 1.5ක ණය ලබාදීමට එකඟ වී තිබේ. ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් හා ශ්‍රී ලංකා මුදල් ඇමති බැසිල් රාජපක්ෂ අතර දීර්ඝ සාකච්ඡාවක් අන්තර්ජාලය ඔස්සේ පැවැත්වීමෙන් පසු ඉන්දීය විදේශ ඇමතිවරයා ශ්‍රී ලංකාවට සහාය ප්‍රකාශ කරමින් ට්විටර් පණිවුඩයක් නිවේදනය කළේය. ඉන්දියාවේ මහබැංකුව වන Reserve Bank of India විසින් පසුගිය බ්‍රහස්පතින්දා ඩොලර් මිලියන 900ක ණයක් අනුමත කරන ලදී. එයින් ඩොලර් මිලියන 515.2ක්  Asian Clearing Union  වෙත ගෙවීමට තිබෙන මුදල් ගෙවීම මාස දෙකකින් කල්දැමීමක් ලෙස ලැබේ. තවත් රු. මිලියන 400ක් ලැබෙන්නේ මුදල් හුවමාරුවක් ලෙසයි. ශ්‍රී ලංකාවේ දැනට පවතින භාණ්ඩ හිඟය මගහරවාගැනීම සඳහා අවශ්‍ය ආනයන සිදුකරගැනීම සඳහා ඩොලර් බිලියන 1.5ක ණයක් ලැබෙන අතර අත්‍යවශ්‍ය ආහාර, ඖෂධ හා ඉන්ධන ආනයනය සඳහා එම මුදල භාවිතා කළ හැකිය. 2020 වසරේදී ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය 3.6%කින් අඩුවිය. 2021 වසරේදී ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 9%කින් අවප්‍රමාණ විය. ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට සපයන ලද මූල්‍ය පැකේජය හේතුවෙන් ශ්‍රී ලංකාව දරුණු අර්බුදයකට

නව ලිබරල්වාදයට පක්ෂ වාමාංශිකයෝ

Image
  January 15, 2022   admin   Politics අජිත් පැරකුම් ජයසිංහ, පැරාගේ විරාමය, ලංකා පුවත්පත – 2022-01-16 ලංකාව මුහුණදෙමින් සිටින අර්බුදය හුදෙක්ම ආර්ථිකයට සීමාකරන්නට බැහැ. එය සමාජ දේශපාලන අර්බුදයක්. සංස්කෘතික අර්බුදයකුත් එහි තිබෙනවා. විසඳුම් සාකච්ඡා කරනකොට, යෝජනා කරනකොට මේ කාරණාත් වැදගත් වෙනවා. අර්බුදය ගැන විවිධ සමාජ කණ්ඩායම් අතර විවිධ සාකච්ඡා තිබෙනවා. ඒ සාකච්ඡාකරුවන් අතර ප්‍රධාන ධාරා දෙකක් පවතින බව අපි  මීට පෙර ලිපියක  පෙන්වාදුන්නා. එනම්, ආර්ථික ජාතිකවාදීන් හා ආර්ථික ජාත්‍යන්තරවාදීන් වශයෙන්. එය තරමක් වියුක්ත බෙදීමක් නිසා මෙම ආර්ථික ජාත්‍යන්තරවාදීන් සම්බන්ධයෙන් වඩාත් සංයුක්ත කියවීමක් කරන්නට මෙම ලිපියෙන් අදහස් කරනවා. ජාත්‍යන්තරවාදය වාමාංශික වාංමාලාවෙන් පැවත එන වචනයක් හා සංකල්පයක්. ධනවාදී දෘෂ්ටිවාදීන් ඒ හා ආසන්න අදහස් විදියට භාවිතා කරන්නේ ගෝලීයකරණය වැනි සංකල්පයි. නිෂ්පාදනය සම්බන්ධයෙන් සලකා බැලූ කල ගෝලීය නිෂ්පාදන ජාල වැදගත් වෙනවා. ගෝලීය නිෂ්පාදන දාමයකට උදාහරණයක් දක්වමින් මහාචාර්ය රොහාන් සමරජීව මෙසේ පවසනවා: බොහෝ ඇපල් නිෂ්පාදන සැලසුම් කර තිබෙන්නෙ එක්සත් ජනපදයේ හෝ ඊශ්‍රායලයේය. ඒවා එකලස් කරනු ලබන්

අප්පච්චි

Image
  January 12, 2022   admin   Politics අජිත් පැරකුම් ජයසිංහ මං නිරීක්ෂණය කරල තියෙන බිම් මට්ටමේ අමුතු සීන් එකක් තමයි මේ නිකම් පහතරට අපි වගේ එවුන් පවා ළමයින්ට තමන්ගෙ මහඑකාට අප්පච්චි කියන්න පුරුදු කරන එක. මං හිතන්නෙ අප්පච්චි කියන වචනෙ භාවිතා වෙන්නෙ/ වුණේ නුවර කලාවියෙ. ඒ වුණාට දැන් ඒක සිංහල බෞද්ධ ජාතිවාදී රැල්ල එක්ක සම්බන්ධ වෙලා මේ නුවර කලාවිය එක්ක වෙළඳාමක්වත් නොකරන එවුන්ගෙත් ළමයි උන්ට අප්පච්චි කියන රැල්ලක් නිර්මාණය වෙලා. තාත්තා වගේම අප්පච්චි කියන වචනෙත් තියෙන්නෙ දෙමළ සම්භවයක්. දෙමළෙන් තාත්තාට අප්පා කිව්වට තාත්තා කියන්නෙ සීයාට. අප්පට සිරි, අප්පට හුඩු වගේ වචනත් සිංහලෙන් විස්මය දනවද්දි කියවෙනවා. කොහොම වුණත්, ළමයින්ට අප්පච්චි කියන වචනෙ හුරු කළාට පැරණි ස්වරූපයෙන් අපුච්චා වගේ වචන නම් භාවිතා කරන්නෙ නැහැ. ඒ වුණාට, අපුච්චා කියන වචනෙ වැඩිපුර සිංහලකරණය වෙලායි තියෙන්නෙ. කලෙක මගේ දේශපාලන සගයකු වුණ රෝහිත භාෂණ අබේවර්ධන රත්නපුර පැත්තෙ කුලීන පවුලකින් පැවත ආ කෙනෙක්. ඒගොල්ලන් තාත්තාට කතා කළේ අපුච්චා කියලායි. අප්පච්චි කියන වචනෙ ඔය සිංදුවලින් එහෙම රොමැන්තීකරණය කරලනෙ තියෙන්නෙ. ‘අන්දර යායේ වැව් තාවුල්ලේ සක්මන් ක

සයිටම් හා ධම්මික පෙරේරා

Image
  January 10, 2022   admin   Education ලංකාවේ ඊනියා අන්ත වාමාංශිකයන් හා ඊනියා ප්‍රගතිශීලීන් නම් වන සංරක්ෂණවාදීන්ගෙනුත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නම් වන පසුගාමී වෘත්තීය ගෝත්‍රික සංවිධානයේ විවිධ මට්ටම්වල සාමාජිකයන්ගෙනුත් බලු බැනුම් අසමින් අපි පසුගිය කාලයේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වෙනුවෙන් පෙනීසිටියෙමු. එහිදී අප හඳුන්වනු ලැබුවේ සයිටම් එකට පක්ෂ පිරිස් ලෙසයි. සයිටම් විශ්වවිද්‍යාලය යනු දේශීය ව්‍යවසායකයකු වන නෙවිල් ප්‍රනාන්දු විසින් තම අරමුදල් යොදවා කරන ලද අසාර්ථක ව්‍යාපෘතියකි. ලංකාවේ ධනපතියන්ට ලාභ ලැබීමට තිබෙන පහසුම ක්‍රමය වන්නේ මූල්‍ය සමාගමක් අටවාගෙන ව්‍යාපාරිකයන් හා මහජනතාව සූරාකෑමයි. රාජ්‍ය බැංකුවල සිට ගමේ පොළීකාරයා දක්වා පිරිස් කරන්නේ එයයි. එසේ තිබියදී නෙවිල් ප්‍රනාන්දු අතගසන්නේ අතිශය අවදානම් ආයෝජනයකටයි. එවැනි ආයෝජනයක් සාර්ථක වන්නට නම් ඔහුට රාජ්‍ය අනුග්‍රහයක් අවශ්‍යය. එසේම, මනා නියාමනයක් හා මගපෙන්වීමක් ද අවශ්‍යය. එහෙත්, අධ්‍යාපන අමාත්‍යාංශය, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව හෝ ශ්‍රී ලංකා වෛද්‍ය සභාව එම නියාමනය හා මගපෙන්වීම වෙනුවට කළේ අකුල්හෙළීමයි. එහි ප්‍රතිඵලය වූයේ සයිටම් විශ්ව