Posts

Showing posts from May, 2022

රනිල් ආයෙත් වරද්දා ගනියිද?

Image
  May 23, 2022   admin   Politics අජිත් පැරකුම් ජයසිංහ රනිල් පාර්ලිමේන්තුවේ පමණක් නොව, ජාත්‍යන්තර මාධ්‍ය ඉදිරියේ ද විහිළුකාරයකු ලෙස හැසිරෙන්නට උත්සාහ කරයි. ඔහු ඇතැම් විට විහිළු ලෙස කියන්නේ නොකිය යුතු ඇත්තයි. උදාහරණයක් ලෙස ජාත්‍යන්තර මාධ්‍යයක් සමග සම්මුඛ සාකච්ඡාවකදී ඔහු සංචාරකයන්ගේ පැමිණීම සම්බන්ධයෙන් දෙන පිළිතුර ඔහුගේ මෝඩ විහිළු නිසා සන්නිවේදනය වන්නේ වැරදියටය. මේ පෝලිම් ආදිය නිමා කරගෙන රට සාමාන්‍ය තත්වයට පත්කරගන්නා තෙක් සංචාරකයන් නොඑන බව ඇත්තකි. එහෙත්, රාජ්‍ය තාන්ත්‍රිකයකු ලෙස ඔහු කිව යුතුව තිබුණේ අප ඉක්මණින් තත්වය පාලනය කරගන්නා බැවින් සංචාරකයන්ට නුදුරේදීම ආපසු ලංකාවට පැමිණීමට හැකිවනු ඇති බවයි. ඔහුට විරුද්ධව බෝඩ් ඇල්ලීම ගැන ගොන් විහිළු ලෝකයට අදාළ නැත. මට පෙනෙන ආකාරයට රනිල් තම දෛවය ගැන ඕනෑවට වඩා උද්දාම වී තිබේ. එහෙත්, තවම කතාව අවසන් නැති බව කවුරු හෝ ඔහුට තේරුම් කර දිය යුතුය. 2015දී රනිල් මෛත්‍රීපාලට නායකත්වය දිය යුතුව තිබුණත්, ඔහු කළේ මෛත්‍රීපාල හීනමානයට පත්කර ඔහු සමග ගැටුමක් නිර්මාණය කරගෙන එය නඩත්තු කිරීමයි. ගෝඨාභය රාජපක්ෂ හමුවේ ද ඔහු ඉංග්‍රීසි හා රාජ්‍ය තාන්ත්‍රික වැඩකෑලි දමා ඔහු හීනම

බූලි ආර්ථිකය

Image
  May 22, 2022   admin   Economy අජිත් පැරකුම් ජයසිංහ මේ දවස්වල රටේ ප්‍රධාන ආර්ථික ක්‍රියාකාරකම බූලි සමග සම්බන්ධය. පිරිසක් බූලි රැගෙන පෝලිමේ යති. නැතිනම් වාහන රැගෙන පෝලිමේ ගොස් ඉන් පසු ඒ තෙල් බූලිවලට පුරවාගෙන නැවත පෝලිමට එක්වෙති. බූලිවලට තෙල් පුරවාගත් ඇතැමෙක් ඒවා වැඩි මිලට ද්විතීයක වෙළඳපොළේ විකුණති. ද්විතීයක වෙළඳපොළේ විකුණන්නේ නැතත්, පෙට්‍රල් ගබඩා කර තබාගැනීම ඉතිරිකිරීමේ ගිනුමක මුදල් දැමීම වැනි දෙයකි. නිරන්තරයෙන් මිල වැඩිවන නිසා ලාභයක් ලැබේ. පෙට්‍රල් වැනි ඉන්ධන ගෙවල්වල තබාගැනීම හා වාහනයේ බූලිවල රැගෙන යාම අවදානම් බව වැඩිදෙනෙකු තකන්නේ නැත. හදිසි අනතුරක් සිදුවුවහොත්, වාහනය ක්ෂණිකව දැවී යාමේ අවදානමක් බූලි නිසා ඇතිවේ. එවැනි අවස්ථාවලදී රක්ෂණාවරණයක්වත් නොලැබේ. බූලි යනු සංස්කෘතික ප්‍රශ්නයකි. මේ දිනවල හැමෝම කතාකරන්නේ පවා ඉන්ධන ගැනය. ගෙදර ඉන්ධන ගබඩා කරගෙන සිටින අය, පෝලිම්ට පිටින් ඉන්ධන ගසාගත හැකි අය අතිශය උද්දාමයට පත්වෙති. ඉන්ධන නැති අය දුක්වෙති. ඉන්ධන සෙවීම සඳහා ද පෝලිම්වල යාම සඳහා ද සෑහෙන ඉන්ධන ප්‍රමාණයක් නාස්ති වේ. රටේ ශ්‍රම බලකායේ විශාල පිරිසක් ඉන්ධන පෝලිම්වල කාලය කාදමති. වැඩ නොකරති. මේ අතර,

මුහුදෙ ගිල්ලපු රනිල්ගෙ බස්සෙක

Image
  May 19, 2022   admin   Politics අජිත් පැරකුම් ජයසිංහ ලංකාවෙ මේ මොහොතෙ දේශපාලනය සරල සමීකරණයක් වගේ එකක් නෙමෙයි. ඒක දැඩි අවදානම් සහිත ආයෝජනයක්. අවදානම ගන්න අයට මහ ගහෙන් කෙළවීමේ සම්භාවිතාව වැඩියි. විපක්ෂය කියල එකක් නැහැ. විපක්ෂයෙ සියලු බලවේග සමගි වුණත්, තමන් සුපිරි බලයක්ය, සබන් කෑල්ලක් වගේ පිරිසිදු එකක්ය කියල හිතාගෙන ඉන්න ජාතික ජන බලවේගය එකතු වෙන්නෙ නැහැ. ඒ නිසා මොකුත් කරන්න බැහැ. ඡන්දෙකින් තවමත් වැඩි බලය ලැබෙන්නෙ පොහොට්ටුවට වෙන්න පුළුවන්. දැන් ඔවුන්ට අනුකම්පා සාධකයකුත් මාකට් කරගන්න පුළුවන්. අනෙක් පක්ෂවලට ලොකු සටනක් කරන්න වෙනවා මිනීමැරීමේ, ගෙවල් ගිනිතැබීමේ අවලාදයෙන් ගැලවෙන්න. ඒක රනිල්ට බටලන්දෙ චෝදනාවෙන් ගැලවෙන්න තියෙන අමාරුකමටත් වඩා දුෂ්කරයි. සමගි ජන බලවේගය ජනප්‍රිය වුණාට ඒකෙ උඩ ඉඳන් යට දක්වාම ඉන්න අය දේශපාලනය දන්නෙ නැහැ. බොහෝ අයගෙ බලාපොරොත්තුව වන කෝපජ (කෝපයට පත් ජනතාව) කියන බිලිබෝයිස්ලා සෙට්ටෙක තව දශකයකටවත් ආපහු පාවිච්චි කරන්න ලැබෙන්නෙ නැහැ. දැන් උන් කාපු ගිනි වමාරන අවධිය. චූන් කරපු අය හීංසැරේ මාරුවෙන සමය. ලංකාවෙ දේශපාලනය කරන්න වෙන්නෙ ඔය පසුබිම තුළයි. රටට කොහොමත් කෙළවෙලා ඉවරයි කියලා පටු

ජවිපෙ හා පෙසප පළිගැනීමේ ප්‍රචණ්ඩත්වයට (RETALIATORY VIOLENCE) සම්බන්ධ ද?

Image
  May 18, 2022   admin   Politics අජිත් පැරකුම් ජයසිංහ මා සිතන පරිදි නම් පක්ෂ මට්ටමින් සම්බන්ධ නැත. එහෙත්, ඇතැම් ජවිපෙ හා පෙසප ක්‍රියාකාරිකයන් හා හිතවතුන් මෙන්ම ජාතික ජන බලවේගය, සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය පමණක් නොව ආණ්ඩුවේ පක්ෂ සමග සම්බන්ධ වී සිටි අය පවා පෞද්ගලික මට්ටම්වලින් ප්‍රචණ්ඩත්වයට සම්බන්ධ වන්නට ඉඩ තිබේ. එහෙත්, එකී සංවිධාන ඔවුන් මෙහෙයවා නොමැති නම්, සංවිධාන වශයෙන් වගකිව යුතු නැත. 1983 ජුලි දෙමළ විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ යයි චෝදනා කරමින් ජවිපෙ, නව සමසමාජ පක්ෂය හා කොමියුනිස්ට් පක්ෂය තහනම් කරන ලදී. ජවිපෙ නායකයන් සැඟවුණු අතර අනෙක් පක්ෂ නායකයන් භාරවී චෝදනා බොරු බව පහදාදී පක්ෂ තහනම් ඉවත් කරගත්හ. ජවිපෙ 1983 ජුලි දෙමළ විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියාවලට වගකිවයුතු නැති බව දැන් පිළිගත් කරුණකි. එහෙත්, මා හොඳින්ම දන්නා පරිදි මතුගම කන්දේ හිටපු ජවිපෙ ක්‍රියාකාරිකයන් පිරිසක් දෙමළ ජාතිකයන් ඝාතනය කිරීම ඇතුළු අපරාධ සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් වින්දහ. එය ඔවුන්ගේ පෞද්ගලික ක්‍රියාවක් මිස පක්ෂ මට්ටමෙන් කරන ලද්දක් නොවේ. 1983 වන විට ජවිපෙ එම ප්‍රචණ්ඩත්වය වළක්වාගැනීමේ හැකියාව තිබුණු පක්ෂයක් න

රෝහිණී කවිරත්න කතානායක ධුරයට නොතේරීම හා රනිල්

Image
  May 17, 2022   admin   Politics ගැහැණියක වීම නිසා රෝහිණී කවිරත්නව නියෝජ්‍ය කතානායක ලෙස භාරගන්න තරම් පොහොට්ටුව දියුණු නැති බව අලුත් සොයාගැනීමක් නෙමෙයි. ඔවුන් රෝහිණී කවිරත්න වෙනුවට තෝරන්නෙම ඇයට සිදුවූ හිංසනය අවබෝධ කරගන්නට බැරි, ඒ වෙලාවෙ මුලසුනේ හිටිය පුද්ගලයාව. ඒ ලිංගික හිංසනය තේරුම් ගන්න මේ රටේ සමාජයට හැකියාවක් තිබුණද කියන එකත්, ඒ කාලෙ සමාජ මාධ්‍යවල සංවාද මතක් කරලා සිහියට නගාගන්න. රෝහිණී කවිරත්න ඒක තේරුම් ගන්නෙත් වාචික හිංසනයක් විදියට. නැහැ. ඒක ලිංගික හිංසනයක්. ඒ හා සම්බන්ධ වන 1995 අංක 25 දරණ පනතෙන් සංශෝධිත දණ්ඩ නීති සංග‍්‍රහයේ 345 වගන්තිය මෙසේය: ”අඩන්තේට්ටම් කිරීමෙන් හෝ සාපරාධී බලහත්කාරය පෑමෙන් යම් තැනැත්තෙකුට ලිංගික අතවර කරන හෝ වචනයෙන් හෝ ක්‍රියාවෙන් යම් තැනැත්තෙකුට ලිංගික හිරිහැරයක් හෝ අතවරයක් සිදු කරන කවර හෝ තැනැත්තකු, ලිංගික අතවර කිරීමේ වරද සිදු කරන අතර, වරදකරු කරනු ලැබීමේදී අවුරුදු පහක් දක්වා දීර්ඝ විය හැකි කාලයකට දෙයාකාරයෙන් එක් ආකාරයක වූ බන්ධනාගාර ගත කිරීමකින් හෝ දඩයකින් හෝ ඒ බන්ධනාගාර ගත කිරීම හා දඩය යන දඩුවම් දෙකින්ම හෝ ඔහුට දඩුවම් කරනු ලැබිය යුතුය; තව ද ඒ වරද සිදු කරන ලද්දේ

ලංකාවේ අවුරුදු 21ක්ම අගමැතිකම් දරා තිබෙන්නෙ ඡන්දයෙන් ඍජුව පත් නොවූ අය

Image
  May 13, 2022   admin   Politics රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයට පත්වුණේ ඍජුව මහජන ඡන්දයෙන් නොව ජාතික ලැයිස්තුව හරහා බැවින් ඔහුට ජනවරමක් නැතැයි තර්ක කරන පළපුරුදු යයි කියන දේශපාලනඥයන්ගේ නොදැනුමට රැවටී මෝඩයන් නොවන්නට මෙම දැනුම ලබාගන්න. මූලාශ්‍ර පාර්ලිමේන්තුවේ නිල තොරතුරු හා වෙනත් ලිඛිත මූලාශ්‍රයන්ය. 1960 මාර්තු මෙන්ම ජුලි මැතිවරණවලටද සිරිමාවෝ බණ්ඩාරනායක තරග නොකළ අතර, ජුලි මැතිවරණයෙන් ජයගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඇය අගමැති ධුරයට පත්වුණේ මන්ත්‍රීවරියක ලෙස නොවේ. ඇය මන්ත්‍රීවරියක වුණේ අගමැතිවරිය ලෙස දිවුරුම් දීමෙන් පසුවයි. ඇම්.පී. ද සොයිසා මහතා සෙනෙට් සභාවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීමෙන් නිර්මාණය වූ පුරප්පාඩුවට ඇය පත්වූවාය. ඉන් පසු, 1965, 1970, 1977, 1989 මැතිවරණ ජයගත් ඇය 1994දී පත්වුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරියක ලෙසයි. ඇය 1994 සිට 2000 දක්වා අගමැති ධුරය හෙබවූවාය. 2005 සිට 2010 දක්වා අගමැති ධුරය දැරූ රත්නසිරි වික්‍රමනායක 2004දී ජාතික ලැයිස්තුවෙන් පත්වූ මන්ත්‍රීවරයෙකි. ඇත්තම කියනවා නම් පක්ෂ නායිකා චන්ද්‍රිකාට ඔහු පත්කරන්නට ද අමතක විය. ජාතික ලැයිස්තුවෙන් පත්කර සිටි ජනදාස පීරිස්ට අස්වෙන්න

රනිල් හා අරගලය

Image
  May 13, 2022   admin   Politics අජිත් පැරකුම් ජයසිංහ කෝපයට පත් ජනයාට මුලින්ම අවශ්‍ය තෙල්, ගෑස්, විදුලිය, කෑම, පෝර හා බෙහෙත් ආදියයි. අගමැති රනිල්ගෙන් අපට අවශ්‍ය ස්ථාවර ආණ්ඩුවක්. ඒ ආණ්ඩුව ලෝකයේ අපට හිතවත් රටවලින් bridging finamce හෙවත් අන්තර්කාලීන මුදල් ගේන්න ඕනැ. ඒ අතරවාරෙ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩසටහනක් සාකච්ඡා කරගන්නට ඕනැ. ඩොලරය මේ මට්ටමෙන් තබාගැනීමත් අභියෝගයක්. ඒ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට පෙර පවා විදේශ ආයෝජන ගෙන්වාගන්න අවශ්‍යයි. අත්හැර දැමූ MCC ප්‍රදානය, ජපන් සැහැල්ලු දුම්රිය වැනි ව්‍යාපෘති නැවත ආරම්භ කරන්න පුළුවන්ද බලන්න ඕනැ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙ වැඩසටහන ආරම්භ කිරීමත් ලේසි නැහැ. රාජ්‍ය සේවය කප්පාදු කිරීම අමාරුයි. ඒ නිසා එයට අලුත් බඳවාගැනීම් සීමාකරලා කාර්යක්ෂමතාව වැඩිකරන්න ඕනැ. දිළිඳු ජනයාට සහන සලසන්න ඕනැ. ශ්‍රීළන්කන් වගේ නාස්තිකාර බිස්නස් සම්බන්ධයෙන් තීරණ ගන්න ඕනැ. විදුලි බල මණ්ඩලය, තෙල් සංස්ථාව, ජල සම්පාදනේ, ලංගම, දුම්රිය වැනි ඒවා ප්‍රතිව්‍යුහගත කරන්න ඕනැ. ඉන්ධන ප්‍රශ්නය නිසා ⁣වහාම පොදු ප්‍රවාහනය නංවන්නට මැදිහත්වෙන්න ඕනැ. ගිනි තියපු බස්වලට වන්දි ගෙවන්න ඕ

මොබ් ප්‍රචණ්ඩත්වයේ ඊළඟ අදියර පශ්චාත්තාපයයි

  May 11, 2022   admin   Politics මොබ් ප්‍රචණ්ඩත්වයට ආකර්ශනය වුණා නම්, ඒකෙ ඊළඟ පියවර වන පශ්චාත්තාපයත් දරාගන්න. ඒක එහෙම විය යුතුයි. 1. ගිනිතිබ්බෙ මාළිගා නෙමෙයි. ටිකක් හොඳ ගෙවල්. ඒවට වන්දි ගෙවන්න වෙන්නෙත් මහජන මුදලින්. 2. ඔය බස් අපට පොදු ප්‍රවාහන පහසුකම් සපයපු ඒවා. ඇඳිරි නීති අයින් කරනකොට ඒවා පාරෙ නැහැ. හුඟක් බස් කන්ඩෙම්. ඒවා මස් කරන එක විතරයි කරන්න පුළුවන්. 3. වෛරයට පාත්‍ර වෙච්ච ධනවතුන් ළඟ රැකියා කරපු විශාල පිරිසකට දැන් රස්සා නැහැ. 4. ගිනි දෙවියන්ට පිදුව සිමෙන්ති, යකඩ, ප්ලාස්ටික්, විදුලි උපකරණ හා ගෘහ උපකරණ බොහොමයක් ආනයනික භාණ්ඩ #Dollar 5. වෙච්ච හානිය රුපියල්වලින් බිලියන ගණනක් 6. මේකත් 1983 ජුලි කෝලාහලය වගේම තමයි ඉතිහාසගත වෙන්නෙ. 7. මේව දැක්ක පිටරටවල් අපට උදව් කරයිද? ප්‍රචණ්ඩත්වයෙන් අත්වුණ වාසි තියෙනවා නම්, ඒවා මට අදාළ නැහැ. #NeverAgain Adapted from praja.lk

මොබ් වයිරසයෙන් බේරෙන්න ගෙදර ඉන්න

  May 11, 2022   admin   Politics මෙම සටහන තබන්නේ කිසිවකුට උපදෙස් දීමට නොවන බව කරුණාවෙන් සලකන්න. මේ අවස්ථාවේදී මා සිටින්නේ මගේ ගෙදර හාන්සි පුටුවකය. ජනාධිපති ඉල්ලා අස්විය යුතු බව සිතමි. අරාජිකත්වය නැතිකිරීම සඳහා විශ්වාසය තහවුරු කළ හැකි කිසිදු නායකයෙකු ලංකාවේ නැති නිසා මා නම් සිතන්නේ ලංකාවට ඉක්මණින් එක්සත් ජාතීන්ගේ මැදිහත්වීමක් අවශ්‍ය බවයි. මහින්ද රාජපක්ෂ විසින් කරන ලද ප්‍රකෝප කිරීම සම්බන්ධයෙන් ඔහු සහ ඔහුගේ සහචරයන් අත්අඩංගුවට ගත යුතුය. ප්‍රති ප්‍රචණ්ඩත්වය එමෙන් ලක්ෂ වාර ගණනක් ප්‍රචණ්ඩය. ඒ සම්බන්ධයෙන් වගකිවයුතු පිරිස් අත්අඩංගුවට ගැනීමට, නීතිය ක්‍රියාත්මක කිරීමට, රඳවා තැබීමට තරම් ශක්තියක් සමස්ත රාජ්‍ය යාන්ත්‍රණයම ගොනු කළත් නිර්මාණය කළ නොහැක. ප්‍රති ප්‍රචණ්ඩත්වය සිදුකළ විනාශයට අප සැම වගකිවයුතු බව තේරුම්ගත යුතුය. විනාශ වූ රට හැදීම මා ආරම්භ කළ යුත්තේ මගෙනි. ඊයේ දවසේ මා නම් ගිනිතැබූ පිංතූරයකට ලයික් එකක්වත් දැම්මේ නැත. ප්‍රචණ්ඩත්වයට ගොදුරුවූ කිසිවෙකුට හිනාවුණේ නැත. වධහිංසනය ගැන මට තිබෙන අත්දැකීම් නිසා මට ඔවුන්ගේ මානසිකත්වය වැටහේ. අප කරන්නේ සන්නිවේදනයයි. අපේ මැදිහත්වීම එය මිස මොබ් සමග ඊනියා ‘මැද

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බයිපාස් කරන්නට බැරිද?

  May 11, 2022   admin   Politics ගෝ්ල්ෆේස් අරගලය මාසයක් ඇදිලාත් ඇයි අපට අඟල් කීපයකට වඩා ඉස්සරහට යන්නට බැරිවුණේ? ඒකට ප්‍රධාන හේතුව තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. විශේෂයෙන්ම විධායක ජනාධිපති බලතලත් එක්ක පවතින දේශපාලන ගැටලුවට විසඳුම් සොයන්නට බැරි බව පැහැදිලියි. ඒත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරන එක ආර්ථික, දේශපාලන ක්‍රමය සම්පූර්ණයෙන්ම විනාශ කරනවාටත් වඩා අමාරුයි. දැන් වෙලා තියෙන්නෙ ඒක. නීතීඥ සංගමය වගේ ප්‍රගතිශීලී යෝජනා ඉදිරිපත් කරපු පාර්ශ්වවලට පවා ව්‍යවස්ථා උගුලෙන් ගැලවෙන ක්‍රමවේදයක් නැහැ. අද මේ මොහොත වන විට පවතින්නේ කාටහරි ආසාවට ජනාධිපතිකම්, අගමැතිකම් කරන්න පුළුවන් තත්වයක් නෙමෙයි. 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ අති බලගතු වී සිටින ජනාධිපති පවා මහජන බලය හමුවේ සිකනලෙකු වී හමාරයි. ඒ විතරක් නෙමෙයි, පැරණි පරම්පරාවම පවා දැන් යල්පැනගොස් ඉවරයි. ඔවුන් අතර මහජන විශ්වාසය දිනාගත හැකි කිසිවෙකු සිටින බවක් පෙනෙන්නට නැහැ. ඒ නිසා අලුත් නායකත්වයක් ගොඩනගාගන්නට වැඩකරන එක හොඳයි. පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා රාමුවෙන් ටික කලකට පිටවෙලා, අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් එක්ක ආයෙ එන එකත් දැන් තියෙන ප්‍රශ්නයට වි

රට තුළ දේශපාලන හා ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීම සඳහා ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ යෝජනා

Image
  May 7, 2022   admin   Politics පසුබිම නිදහසින් පසු ශ්‍රී ලංකාව මුහුණදුන් දරුණුම ආර්ථික අර්බුදය හේතුවෙන් උද්ධමනය වේගයෙන් ඉහළ යමින් තිබෙන අතර, ඉන්ධන, ගෑස්, ඖෂධ සහ විදුලිය වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයක් නිර්මාණය වී තිබේ. අර්බුදය හේතුවෙන් නායකත්වය සහ ආයතන කෙරෙහි මහජන විශ්වාසය බිඳවැටී ඇති අතර විධායක ජනාධිපති ක්‍රමයේ අසාර්ථකත්වයන් විවෘතව ප්‍රදර්ශනය වෙමින් තිබේ. වර්තමාන දේශපාලන අසහනය නිර්මාණය වී තිබෙන්නේ, විශේෂයෙන්ම, 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීමෙන් පසු විධායකය සම්බන්ධයෙන් විධිමත් පාර්ලිමේන්තු අධීක්ෂණයක් නොමැතිවීම, වගවීමක් හා විනිවිදභාවයක් නොමැති වීම පිළිබඳ චෝදනා සහ පුළුල්ව පැතිරුණු දූෂණය පිළිබඳ සංජානනයන් හේතුවෙනි. දේශපාලනික හා ආර්ථික යන ද්විත්ව අර්බුද විසින් නැවත වරක් අවධාරණය කර තිබෙන්නේ ආයතන හා ඒවායේ ස්වාධීනත්වය දේශපාලනික මැදිහත්වීම්වලින් ආරක්ෂා කර ශක්තිමත් කිරීමේ වැදගත්කමයි. මහජනයා විසින් ඉල්ලා සිටින ‘ක්‍රමයේ වෙනස’ මගින් ගම්‍ය වන්නේ, ශක්තිමත් හා ස්වාධීන ආයතන, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ආරක්ෂණයන් සහ දූෂණය හා ඥාති සංග්‍රහය පිටුදැකීම සඳහා යෝග්‍ය නීති හා රෙගුලාසි හරහා සාධාරණ හා ය

හදිසි නීතිය ප්‍රකාශයට පත්කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ ප්‍රකාශය

Image
  May 7, 2022   admin   Human Rights   Law 2022 මැයි 6දා මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි අතිගරු ජනාධිපතිවරයා විසින් හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත්කිරීම කෙරෙහි ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ (BASL) දැඩි අවධානය යොමුවී තිබේ. හදිසි අවස්ථාව ප්‍රකාශ කිරීමේ ප්‍රතිඵලයක් ලෙස, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හැර ඕනෑම නීතියක් අතික්‍රමණය කිරීම, සංශෝධනය කිරීම හෝ අත්හිටුවීම සඳහා හදිසි රෙගුලාසි සම්පාදනය කිරීමේ බලය ජනාධිපතිවරයාට හිමිවේ. එසේම, හදිසි නීතිය ප්‍රකාශයට පත්කිරීමේ නිවේදනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් නියම කරන ලද කාල පරිච්ඡේදය තුළ අනුමත කරගත යුතු බව ද අපි සඳහන් කරන්නෙමු.   මීට පෙර ජනාධිපතිවරයා විසින් කෙටි කාල පරිච්ඡේදයක් සඳහා හදිසි නීතිය ප්‍රකාශයට පත්කළ අවස්ථාවේදී ද 2022 අප්‍රේල් 2දා ශ්‍රී ලංකා නීතීඥ සංගමය විසින් ප්‍රකාශ කරන ලද පරිදි මහජන විරෝධතා සහ වැඩවර්ජන සහිතව රටෙහි උද්ගත වී තිබෙන වර්තමාන තත්වයට විසඳුම හදිසි නීතිය ප්‍රකාශයට පත්කිරීම නොවේ. මෙම විරෝධතා මගින් ප්‍රකාශමාන වන්නේ තමන්ගේත්, තම පවුල්වලත් ඉතා මූලික ජීවන අවශ්‍යතා සපයාගැනීම සම්බන්ධයෙන් මහජනයා මුහුණදී තිබෙන බලාපොරොත්තු

අරගලය හා දේශපාලනික හිරවීම

Image
May 7, 2022   admin   Politics අජිත් පැරකුම් ජයසිංහ ශ්‍රී ලංකාවේ ආර්ථික හා දේශපාලන අර්බුදය දිග්ගැස්සෙමින් තිබේ. රාජපක්ෂලා අස්නොවන බව පෙනේ. අඩු තරමේ මහින්ද රාජපක්ෂ පවා අස්වන බවක් නොපෙනේ. ඔවුන්ට ආරක්ෂිත ලෙස බලයෙන් පිටවීමේ මාර්ගයක් අවශ්‍යව තිබේ. ඒ සඳහා කිසියම් සම්මුතියක් නිර්මාණය කරගැනීමේ අවස්ථාව ද කාලය සමග ඉක්ම යමින් තිබේ. ආණ්ඩු විරෝධය රට පුරා ගම් නියම් ගම් දක්වා විහිද, පැතිර තිබෙන බව මැයි 6දා හර්තාල් ව්‍යාපාරයෙන් ඔප්පු විය. එම මහජන අදහස්වල නිසි නියෝජනයක් හා ඒ අනුව ප්‍රතිපත්ති සම්පාදනය වෙත යොමුවීමක් පාර්ලිමේන්තුවෙහි හෝ විධායකය වන ජනාධිපති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයෙහි හෝ නැත. රාජපක්ෂලාට රට වැදගත් නැත. දැන් ඔවුන්ට අවශ්‍ය වන්නේ කෙසේ හෝ බලයේ එල්ලීසිටීමයි. ආරක්ෂාව සඳහා බලය අත්‍යවශ්‍යය. සෙසු බලවේග ද රට ගැන සිතිය යුත්තේ රාජපක්ෂලා සිතන ආකාරයටද? ආර්ථික වශයෙන් රට ගොඩගැනීම සඳහා දේශපාලනික ස්ථාවරභාවය වැදගත්ය. අතිශය ගැඹුරු ආර්ථික ප්‍රතිසංස්කරණ සිදුකිරීමට අවශ්‍යය. ඒ සඳහා මහජන සහයෝගය අත්‍යවශ්‍යය. නැතිනම්, ආණ්ඩුවට ඒවා කරන්නට සිදුවන්නේ මර්දනයෙනි. රාජපක්ෂ ආණ්ඩුවට තිබෙන ප්‍රබලම තර්කය ජනවරමයි. 69 ලක්ෂයක ඡන්දයෙන

පරිපාලන සේවය පුනරුත්ථාපනය නොකර රට හදනවා බොරු

  April 28, 2022   admin   Governance   Politics සමස්ත මහා වැඩ වර්ජනය අතරතුර, රාජ්‍ය පරිපාලන නිලධාරීන් නිහඬ විරෝධයක යෙදෙනවා දැක්කා. මතක තියාගන්න රට අද වැටී තියෙන තත්වයට දේශපාලකයන් තරමට හෝ ඊටත් වඩා වගකිවයුතු පිරිසක් තමයි පරිපාලන නිලධාරීන්. දේශපාලකයන් මහජන මුදලින් ගත්තෙ තීරු බදු රහිත වාහන. ජ්‍යේෂ්ඨ පරිපාලන නිලධාරීන් ඊට අමතරව හොඳ වාහනයක් රජයේ මුදලින් අරන් ඒක විශ්‍රාම යනකොට ගෙදරත් අරන් යනවා. දේශපාලකයන්ට වගේම අමාත්‍යාංශ ලේකම්ලාටත් පෞද්ගලික ලේකම් කෙනෙකු ඉන්න බව මා අසා තිබෙනවා. ඔබ එය දන්නවාද? මේ රටේ පරිපාලන නිලධාරීන් විවිධ පුහුණුවලට, ශිෂ්‍යත්වවලට කොයි තරම් පිටරට ගිහින් තියෙනවාද? මොනවද මේ රටට අරගෙන ආවෙ? පරිපාලන නිලධාරීන් තමයි දේශපාලකයන්ට වංචා කරන්නට අවශ්‍ය විදියට නීති නමල දෙන්නෙ. එකක් විතරක් කියන්නම්. තීරුබදු සහන මත ආනයනය කරගන්නට දෙන වාහනේ අවුරුදු පහක් යනකල් විකුණන්නට බැරි නීතියක් තිබුණා ඉස්සර. පරිපාලන නිලධාරි උන්ටත් ඒ වාහන විකුණගන්නට පුළුවන් වෙන්න චක්‍රලේඛයක් හදල දුන්නා තීරුබදු රහිත වාහනය බලපත්‍ර මට්ටමේදිම විකුණගන්නට පුළුවන් වෙන්න. මේ රට විනාශ කරන්නට පරිපාලන නිලධාරීන් දුන්න දායකත්වය ගැන ඕනැ ත

මිල සූත්තර

Image
  April 26, 2022   admin   Economy අජිත් පැරකුම් ජයසිංහ කංචන විජේසේකර ඉන්ධන සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදෙන්න යනවා. ඕවා මීට අවුරුදු දෙකකටත් එහාපැත්තෙ ක්‍රියාත්මකව තිබුණු ඒවා. දැන් ඉන්ධනවලට විතරක් නෙමෙයි, ගෑස්, විදුලිය, ජලය ආදියටත් මිල සූත්‍ර අවශ්‍යයි. මේ අංශවල තියෙන ඔලිගොපොලි හෙවත් රජයේ හා තවත් සමාගම් කීපයක ආධිපත්‍යය බිඳ දමලා මේ වෙළඳපොළවල් නියාමනයක් සහිතව විවෘත කරන්නට ඕනැ. ආනයන මිල + මෙහෙයුම්/ බෙදාහැරීම් වියදම් + ලාභය + රාජ්‍ය බදු ඇතුළත් කර විධිමත් සූත්‍රයක් හදන්නට ඕනැ. ආනයනික තොග මනාව අධීක්ෂණය කරලා අයුතු ලාභ ලැබීම වළක්වන්නට ඕනැ. ඒ සඳහා ඔය තියෙන තෙල් සංස්ථාවෙන්, විදුලිබල මණ්ඩලයෙන්, ජල සම්පාදන මණ්ඩලයෙන් එහෙම අතිරික්ත සේවකයන් අරගෙන කාර්යක්ෂම නියාමන ව්‍යූහයක් හදන්නට ඕනැ. වෙළඳපොළ නිදහස් කිරීම නිකම් වල් බූරු නිදහස් කිරීමක් නොවිය යුතුයි. දැනට නම්, බොහෝ භාණ්ඩවලින් ආනයනකරුවන් හා වෙළෙන්දන් අයුතු ලාභ ලබනවා සීමාවකින් තොරව. නියාමනය කියන්නෙ මිල පාලනය නෙමෙයි. මිල පාලනය කියන ගොන්වැඩේ හමුදාව දාලාත් කරන්නට බැරිවෙලා ආණ්ඩුව නිකම්ම කිච වුණානෙ. මිල පාලනය කරන්නට යන්න එපා. වෙළඳපොළ නියාමනය කරන්න. තොග අධීක්ෂණය ක