උපාධිධාරීහු මහින්ද මාමාගෙන් රැකියා ඉල්ලා පොලිසියෙන් ගුටි කති


(2009 නොවැම්බර් 04 - W3Lanka) මේ පිංතූරයේ ජනාධිපති මහින්ද රාජපක්ෂ ලෙස නිරූපිත පඹයා දිගු කරන පිරිස රැකියා විරහිත උපාධිධාරීහු ය. ඔවුහු මේ වන විට රැකියා ඉල්ලා රජයට එරෙහි සත්‍යග්‍රහ ව්‍යාපාරයක් දියත් කර ඇත. 

අද සවස ජනාධිපති මන්දිරය දෙසට පෙළපාලියකින් ගමන් කරන්නට උත්සාහ කළ දහස් ගණනක් උපාධිධාරීන්ට පොලිසිය කඳුළු ගෑස් සහ අධි පීඩිත වතුර ප්‍රහාරයක් එල්ල කළ අතර එයින් කාන්තාවන් පස්දෙනෙක් තුවාල ලදහ. තවත් පිරිසක් අත්අඩංගුවට පත් වී ඇත.



රජයේ ප්‍රතිපත්තිය වන්නේ රැකියා සඳහා යෝග්‍ය උපාධිධාරීන් බිහි වන පරිදි අධ්‍යාපන ක්‍රමය ප්‍රතිසංවිධානය කිරීම හෝ රැකියා උත්පාදනය හෝ නොව මහජන මුදලින් වැටුප් ලැබීම පිණිස උපාධිධාරීන්ට රජයේ රැකියා මවා දීම නිසා ඔවුහු තමන් පත් කළ ආණ්ඩුවෙන් රැකියා ඉල්ලති. 
(ඡායාරූපය: රොයිටර්)




Comments

  1. Moda buruwo....Lajja nethuwa rassawal illanawa campus gihillath. Ekko thamange hekiyaawen hoyaganna one...nethnam ratata barak wenne nethiwa thaniyen wedak karaganna one.. paarawal dige rasthiyaadu wenne nethiwa.

    ReplyDelete
  2. හොද වෙලාවට අපි කැම්පස් නොගියේ...අපේ අම්මා යන්නම කිව්වා මම බැහැම කියලා යළුවො සෙට් එකත් එක්ක වල බැස්සා.අනේ කොහොමද මගේ ටිකරි මොලේ...

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. අනේ අම්මපා අබුද්දස කාලෙට හැම දේම කන පිට ගැහෙන හැටි. උපදී නැති උදවිය නේද උපාදී තියන අයගේන් උදව් ඉල්ලන්න ඕනේ.

    ReplyDelete
  5. මේක ජීවිතයක් නැති රටක්.. කොහොම හරි කවුරු කවුරුත් බලන්නේ සාමාන්‍ය මිනිසුන්ගේ මුදලින් තමන්ගේ ජීවිතය ගෙවා දමන්න. රජයේ රැකියා කියන්නෙම ලංකාිවේ සාමාන්‍ය මිිනසුන්ගේ මුදලින් යැපෙන දේවල්.. සමස්ථ දේශපාලඥයෝ කරන්නෙත් මේකමයි.. ඒකම ඉල්ලන උපාධිධාරීන්ට මෙහෙම කරන එක අසාධාරණයි... කාටත් කන්න ඉඩ හරින්න ඕන දැන් ඉතිං නහයටත් උඩින් ගිහිල්ලයි තියෙන්නේ... බදාගෙන කන්නෙ නැතිව බෙදාගෙන කන්න ආණ්ඩුව දැන ගන්න ඕන... මේක මාරම කෑමක්නේ ඇයි අනේ තනියම කන්නේ.. උදව් කරපු අයනේ....

    ReplyDelete
  6. ඉගෙන ගන්න ආපු දවසෙ සිට උපාධිය දක්වා වියදම් වුනෙ රටෙ බදුමුදල්, වැඩ්ක් උනානම් මෙව්ගෙ මොඩවිදියට් රටෙ නීතියට ඉහලින් ගිහිල්ල ගුටි කය්ද,මෙ වගෙ වැඩබැරි උන්ට රස්සා දීල පැන්ශන් යනකල් එ බදු බ‍රත් රටටම පටවන්නද මුන් කියන්නෙ,ඇය් මුන්ටය් මුන්ගෙ දෙමව්පියන්ටය් මොලවල් නැත්ද මෙ ව්ගෙ මහපාරෙන් නිමා වන
    උපාධි පාඨමාලා වලට මුන්ව එවන්න,මුන්ගෙන් අපි මහජනය අහන්නෙ,
    කොයි උපාධි පාඪමලාවෙද ආන්ඩුවෙන් රස්සාවක් දෙනව කියල පටන්ගන්නෙ, මොලෙ ප‍රම්ප‍රාවටම නැ කියල පෙන්නන්නෙ නැතිව අපිට පාඩුවෙ අපෙ ග රුත්වයකින් පාරෙ යන්න ඉඩ ඇරල පර්ලිමෙන්තුව පැත්තට ගිහිල්ල චන්ද පොරොන්දු වලට රස්සා දෙනව කිව්ව එවුන්ගෙන් ඉල්ලගනිල්ල, මොඩනැල

    ReplyDelete
  7. gembo baka baka ganawa erenna wena mona karannada
    ?me comments daapu gon harak tika monawada danne ape rate wishwa vidyala upadiya gena?ena andu hema ekagenma illanne me loketa hariyana upadiyak apata diyaw kiyala,un ekek ehema upadiya adata gelapenna hadanawada?amma thattage salli awrudu 4k amaruwen wiyadan karala,badaginnata eka bath eka eka plentiya 5,6dena bedagena kaala bila campus lamai widina duka danne eka widina un witarai.ehema karala eliyata awama e upadiyata rassa ne.ape rate upadidariyo mehema tamange peedanaya pita karana eka gena satutu weyalla.ubala wage gon relawal koheda eka dakinne,ubala balanne thelena ekaawama thawat talannane.
    bb kiyana gon wahanse kiyanawa munge ammala thattalata molawal nedda kiyala mehema upadiyakata ewanna.e gon wahanse kiyanne unta A/L karala A3k aran higakanna wenneti.nettan u wage laksha 60k 70k dila loketa gelapen upadiyak salliwalata ganna kiyala wenneti.
    mun asarana wechcha upadidarinta baninne anduwe ungasa kana ewa gena kata arinna heduwama munge diwawal lock wenawa ethi.
    nodakin!!!!

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

දීප්ති කුමාර ගුනරත්න යනු මොකක්ද?

මාතර දෙයියන්ගෙ හාල්වලින් පිසූ බත් දන්සැල

එළියකන්දේ වැසිකිලි සැප