චිත්‍රපට සංස්ථාවේ දූෂිත නව ලෝකය


(2009 ඔක්තෝබර්  07 - W3Lanka) ජාතික චිත්‍රපට සංස්ථාවේ වර්තමාන සභාපති වන නවලෝක සමාගමේ නියෝජ්‍ය සභාපති ජයන්ත ධර්මදාස 2001-2004 සමයේ රනිල් වික්‍රමසිංහ අගමැති යටතේ චිත්‍රපට සංස්ථාවේ සභාපති ධුරය දරද්දී කරන ලද මහා පරිමාණ දූෂණ කීපයක් AniCorruptSL වෙබ් අඩවිය විසින් හෙළි කර තිබේ. 

ධර්මදාස දැන් චිත්‍රපට සංස්ථාවේ බෙදාහැරීම් අංශය වන රිද්ම එන්ටර්ප්‍රයිසස් සමාගම හරහා උතුරු නැගෙනහිර සිනමා ශාලා අටක් ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩකට අත ගසා තිබේ. යෝජනාව හොඳ ය. ඒත් මේ පාර දෙන්නට හදන ගේම කුමක්දැයි විමසිලිමත් විය යුතුව තිබේ. හේතුව AniCorruptSL  වෙබ් අඩවිය විසින් විගණන වාර්තා ඇසුරින් හෙළිදරව් කර තිබෙන පහත සඳහන් වන දූෂණයි.
 

ජාතික චිත්‍රපට සංස්ථාවත් කොන්ට්‍රාස් සිනමා ශාලාවේ පාලනාධිකාරියත් අංක 11 දරණ බදු ගිවිසුම අනුව වසර 10ක් සදහා සිනමාහල සංස්ථාවේ පාලනයට පවරා ඇත. ඒ රුපියල් 86,49,792 ක සම්පූර්ණ බදු මුදලකට වන අතර සංස්ථාව එය වාරික 120කින් පාලනාධිකාරියට ගෙවිය යුතුය.

බදු ගැනීමෙන් පසු තමන්ට සිනමාහල අයිතිවන්නේ වසර 10කට පමණක් වුවත් වසර සිය ගණනකට අවශ්‍ය අලූත්වැඩියා සහ දේපල මිලදී ගැනීම් වෙනුවෙන් සංස්ථාව අත දිගහැර වියදම් කොට ඇත. මුලින්ම ශාලාවේ අලූත්වැඩියා කටයුතු සදහා රුපියල් 36,05,000.00 ක මූලික ඇස්තමේන්තුවක් ඉදිරිපත් කළමුත් එය මිල අධික බව පවසා 2003 ජුනි 26 වැනිදා අංක 1011.4.1 දරණ තීරණය මගින් අධ්‍යක්ෂක මණ්ඩලය එය ප්‍රතික්ෂේපකර ඇත. ඉන් පසුව වියදම රුපියල් 20,05,000.00ක් ලෙස සංශෝධනය කොට 2004 පෙබරවාරි 18 වැනිදා අධ්‍යක්ෂක මණ්ඩලයට ඉදිරිපත් කොට ඇත. නමුත් අංක 1019.5.1.4 දරණ තීරණය යටතේ එයද අධ්‍යක්ෂක මණ්ඩලය ප්‍රතික්ෂේපකර තිබේ. නමුත් අධ්‍යක්ෂක මණ්ඩලයේ කිසිදු අනුමැතියකින් තොරව සංස්ථාවේ බලධාරීන් රුපියල් 13,41,257.00ක වියදමින් අලූත් වැඩියා කටයුතු සිදුකර ඇත. 


මීට අමතරව සිනමාහලේ බැල්කනිය සදහා ඉන්දියාවෙන් පුටු 550 ක් ගෙන්වීමට රුපියල් මිලියන 2.9 කට අධික මුදලක් වැය කිරීමට පියවර ගෙන තිබිණි. නමුත් නියමිත දිනට භාණ්ඩ නොලැබීම නිසා ණයවර ලිපිය අවලංගු වීමෙන් එම මිලදී ගැනීමට සිදුකළ නොහැකි විය. නමුත් ණයවර ලිපිය වෙනුවෙන් සංස්ථාව ගෙවා තිබූ රුපියල් 14,678.13 ක මුදල සංස්ථාවට අහිමිවිය. 

දලූගම කොන්ට්‍රාස් සිනමා ශාලාව බදු ගැනීමට හේතුව කුමක්ද යන්නයි. ඒ සදහා කිසිදු පිළිගත හැකි හේතුවක් නැති බව විගණන වාර්තාව පවසයි. අනෙක් අතින් බදු ගිවිසුමේ සදහන් වන්නේ බදු කාල සීමාව තුළ සිනමා හල යහපත් ලෙස නඩත්තු කළයුතු බව පමණි. නමුත් ස්ථිර වත්කම් එකතු කිරීම සදහා සංස්ථාවේ මුදල් වැය කළේ මන්දැයි පැහැදිලි නැත. අනෙක් අතට කල් පවත්නා ඉදිකිරීම්, අලූත්වැඩියා සහ නව උපකරණ සවි කිරීම් වෙනුවෙන් සංස්ථාව වැයකරන මුදල් ආපසු අයකර ගැනීමට කිසිදු කොන්දේසියක් බදු ගිවිසුමේ නොමැත. එබැවින් මෙම වියදම් සියල්ල සංස්ථාවේ මුදලින් සිනමාහල අයිතිකරුට ලබා දුන් ත්‍යාගයක් පමණක් බව පෙනේ. මෙම සමස්ථ කාර්යය සදහා කිසිදු නිල අනුමැතියක් ලබා ගෙන නොමැති අතර එය සභාපතිවරයාගේ හිතුවක්කාර තීරණයකි.
 

මීට අමතරව 2003 අගොස්තු 01 දා සිට දිවුලපිටියේ සත්සරී සිනමාහල වසර 10ක කාලයකට රුපියල් 25000.00 ක මාසික කුලියකට බදු ගෙන ඇත. බදුගන්නා අවස්ථාවේදීත් එම සිනමා ශාලාව පාඩු ලබමින් පැවතී ඇත. පාඩු ලබන සිනමාහලක් බදු ගැනීමට සංස්ථාව තීරණය කළේ කුමක් නිසාද? විගණන වාර්තාවේ සදහන්වන අන්දමට 2003 අගොස්තු සිට 2004 මැයි දක්වා එම සභාපතිවරයාගේ පාලන කාලය තුළ මෙම සිනමාහල නිසා සංස්ථාවට රුපියල් 3,12,789.45 ක පාඩුවක් සිදුවී තිබිණි. එම පාඩුව අවමකර ගැනීමට හෝ සිනමාහල නගා සිටුවීමට කිසිදු පියවරක් ගෙන නොතිබිණි. මෙම තීරණය නිසා සිදුවූයේ සංස්ථාව මූල්‍යමය වශයෙන් තව තවත් ආගාධයට ඇද වැටීම පමණි. මෙම ගනුදෙනුව පසුපස වංචාවක් ඇතැයි සැක සිතීමට ප්‍රධාන හේතුවක් වන්නේ එම සිනමාහලට මැදිහත්වීම සදහා සංස්ථාවේ නිලධාරියකු අර්ධකාලීනව යොදවා එහි පෙර සිටි කාර්යය මණ්ඩලයම සේවයේ යොදවා ගැනීමට සභාපතිවරයා කටයුතුකර තිබීමයි. 

එම සභාපතිවරයාගේම උපදෙස් පරිදි බණ්ඩාරණායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ පිහිටි මිනි සිනමාහල මසකට රුපියල් 90,000.00 බැගින් කුලී ගෙවීමේ පදනම මත කුලියට ගෙන තිබිණි. ආසන 250 ක එම කුඩා සිනමාහල විශාල මුදලකට කුලියට ගෙන තිබුණේ 2003 ජුනි 01 දා සිටය. නමුත් 2003 මැයි සිට දෙසැම්බර් දක්වා එහි චිත්‍රපට ප්‍රදර්ශණය කර දෙසැම්බර් මාසයෙන් පසුව චිත්‍රපට ප්‍රදර්ශණය අත්හිටුවා තිබිණි. මෙම සිනමාහල බදු ගැනීමට හේතුව කුමක්දැයි පැහැදිලි නැත. එම තීරණය ටෙන්ඩර් මණ්ඩලයේ අනුමැතියට ලක්කර නැත. මෙම කාලය තුළ සිනමා ශාලා කුලිය වශයෙන් රුපියල් 5,70,000.00ක්ද ප්‍රචාරක වියදම් සදහා රුපියල් 5,63,912.50ක්ද ලිපි ද්‍රව්‍ය සදහා රුපියල් 1127.20ක්ද වියදම්කර ඇත. ආදායම් ලැබී ඇත්තේ රුපියල් 24,360.54ක් පමණි. ඒ අනුව මෙම ගනුදෙනුව නිසා චිත්‍රපට සංස්ථාවට සිදුව ඇති පාඩුව රුපියල් 8,91,979.00කි.  

Comments

  1. මෙම ලිපිය පරිවර්තන කර මාගේ බිලෝගය තුළින් මීට පෙර පළ කලෙමි.

    ඔබේ මෙම ලිපියටද ඈදුමක් එක් කර ඇත.

    ReplyDelete
  2. අනේ බොල බින්කැන්ඩෝ උබ දන්න ලබ්බක්...?යකො ඔබාමට වඩා ගෙමක් තියෙනවා මට කරන්න ...උබ නිකන් කවදද? ලංකාව දැක්කේ කියපන්කො...ඇවිත් බලපන් මම දිපු ගේම බොරූවට කැගහන් නැතුව...දැක්කොත් බයවෙයි යකෝ ඇමරිකාව මොනද කලේ කියලා...ඕකට අවඩන්නේ නැතුව ලංකාවට ඇවිත් බලපන්..උබ දන්න ඉටි ගෙඩිය..මේක ඇත්තටම ජ්‍යතන්තරණ කුමන්ත්‍රනයක් අපේ විමල් මලයා කියනෝ වගේ එන්න එපා මේ පැත්තතේ ඔන් මම නරක මිනිහ කියනවා නේමේ...

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

දීප්ති කුමාර ගුනරත්න යනු මොකක්ද?

මාතර දෙයියන්ගෙ හාල්වලින් පිසූ බත් දන්සැල

එළියකන්දේ වැසිකිලි සැප