අද මට හෙට ඔබට

අජිත් පැරකුම් ජයසිංහ

අජිත් පැරකුම් ජයසිංහ ෆේස්බුක් ප්‍රොෆයිල් එකට කළ දේ අනෙක් අයටත් අත්දැකීමක් වනු පිණිස මෙසේයි:

මම සාමාන්‍යයෙන් ස්ට්‍රෝං පාස්වර්ඩ් එකක් පාවිච්චි කරනවා. ඒත්, මේ පාස්වර්ඩ් එක වෙනස් කළේ සිද්ධිය වුණාට පස්සෙ. ඊට කින් ඒක දිග කාලයක් පාවිච්චි කළා.

ජනවාරි 26 සවස 5ට විතර තමයි මම ප්‍රොෆයිල් එක බෑන් වෙලා තියෙනවා දැක්කෙ. වහාම මට යොමු කළ ක්‍රියාමාර්ග සියල්ල ගත්තා. රිවීව් එක පෙන්ඩිං.

දවල් 1-5 අතර කාලයේ මම ෆේස්බුක් එකට එන්න නැතුව ඇති. ඒත් පරිගණක ඔන්වෙලා තියෙන නිසා ලොගිං වෙලා ඉන්නවා. ගෙදර නිසා අවදානමක් නැහැ. මේ අතර කාලයේදී තරිඳු ලොකුගමගේ දැකලා තියෙනවා මගේ ප්‍රොෆයිල් ඉමේජ් එක විදියට අයියෙස්අයියෙස් (නම් ලියන්නත් බයයි) පිංතූරයක්. එයා පුදුමත් වෙලා ඒත් දැනගෙන හැක්වෙලා කියලා. මේක මම දැක්කෙම නැහැ. තරිඳුට ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න අමතක වෙලා.

එහෙම දාපු එවුන්ම රිපෝට් කරන්නත් ඇති. ටෙරරිස්ම් ප්‍රමෝට් කරනවාය කියලා තමයි මාව බෑන් කරන්නට ඇත්තෙ.

මේක අද මට. හෙට ඔබට වෙන්නට පුළුවන්. රිකවර් කරගැනීම ලේසි නැහැ.

 Adapted from praja.lk


Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා