Posts

Showing posts from October, 2022

විධායක ජනාධිපති ක්‍රමයට අලුතෙන් එකතු වූ සංවරණ හා තුලන

Image
  අජිත් පැරකුම් ජයසිංහ 2022 ඔක්තෝබර් 30 අනිද්දා සමබිම අතිරේකයෙහි පළවිය. 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බොහෝ අය බලාපොරොත්තු වූවාට වඩා පහසුවෙන් තුනෙන් දෙකකට වැඩි බහුතර ඡන්ද ලබාගනිමින් පාර්ලිමේන්තුවේ සම්මත විය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කැපීපෙනෙන කොටසක් මෙම ව්‍යවස්ථා සංශෝධනයට විරෝධය පළ කළ අතර ඡන්දය දීමෙන් ද වැළකී සිටියහ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ උවමනාවන් ඉටුකරන අයෙකු බවට පැවති චෝදනාව ද නිෂ්ප්‍රභ වෙමින් 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බාධාවකින් තොරව ඉදිරියට ගියේය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් විශාල පිරිසක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය ලබාදුන්නේ එම පක්ෂයේ බෙදීම ද පැහැදිිලිව නිරූපණය කරමිනි. එසේම, පක්ෂ දේශපාලනය ඉක්මවා යමින් සාධනීය අරමුණු වෙනුවෙන් දේශපාලන පෙළගැසීම් සිදුකිරීමේ විභවයක් ශ්‍රී ලංකාව සතු බව ද ඒ සමග ම ඔප්පු විය. ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවාහැරීම සඳහා බලය ලැබෙන කාලසීමාව 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් අවුරුදු දෙකහමාර දක්වා අඩු කර තිබුණ ද, එය නැවත අවුරුදු හතරහමාර දක්වා වැඩිකිරීමට පොදුජන පෙරමුණේ ඇතැමුන්ට අවශ්‍ය වි

WHERE IS JUSTICE FOR CHILD VICTIMS IN SRI LANKA? THREE STORIES FOR ADULTS

Image
  by Surekha Samarasena Where is justice for child victims in Sri Lanka? We always tell stories to children; these three stories are for adults. This article analyzes three issues that can be read in parallel. In particular, it analyzes the practical problems with the lack of justice for children in Sri Lanka who are victims of violence or abuse. It also questions the deep slumber of three government institutions that should be functioning for that purpose. Story: 1 The writer of this article went to the Police Children’s and Women’s Bureau of Galle on October 11 at 4.15 pm. It was to file a complaint about an injustice done to her and her 6-year-old daughter. Already there was the lady OIC in a civil dress, combing her beautiful hair. There was a male officer also in a civil dress a little bit far. “Very sorry for you… We don’t record complaints after 4 p.m… Here we have women officers, the thing is they are not working after 4 p.m… As women, we also have duties at home, so we close t

ඒඩ්ස් මාරාන්තිකද? නැත

Image
  අජිත් පැරකුම් ජයසිංහ ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන විසින් හා පළාත්වල ලිංගාශ්‍රිත රෝග බලධාරීන් විසින් පවත්වනු ලබන මාධ්‍ය දැනුවත් කිරීම් හැමවිටම මාධ්‍යවලට රස කෑමක් වන බව පෙනේ. පුවත්පත් විසින් මාධ්‍ය දැනුවත් කිරීමේ යම් යම් කොටස් ඉස්මතු කරමින් පෙන්වනු ලැබේ. 2022 වසරේ ගතවූ මාස 09 තුළ HIV ආසාදිතයින් 429දෙනෙකු අලුතින් හඳුනාගෙන ඇති බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන විසින් පෙන්වා දෙනු ලැබුවේ HIVවී ආසාදිතයන් හමුවීමේ වැඩිවීමක් ඇති බව පෙන්වාදීමටයි. 2021 මුළු වසරේදීම අලුතෙන් හඳුනාගන්නා ලද ආසාදිතයින් ගණන 410කි. එබැවින් අලුත් ආසාදිතයන් හඳුනාගැනීමේ කැපීපෙනෙන වර්ධනයක් තිබෙන බැවින් ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන ඒ කෙරෙහි සමාජයේ අවධානය යොමුකිරීමට උත්සාහ කිරීම සාධාරණය. වයස අවුරුදු 18ත් 30ත් අතර HIV ආසාදිතයින් වාර්තාවීම දෙගුණයකින් වැඩිවී තිබෙන බව හා කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල වැඩි ව්‍යාප්තියක් ඇති බවත් පෙන්වාදෙන ලදී. එහෙත් HIV ආසාදිත භික්ෂූන් ගණන, විශ්වවිද්‍යාල සිසුන් සහ පාසල් සිසුන් ගණන වැනි කරුණු කෙරෙහි පුවත්පත් හා විශේෂයෙන් සමාජ මාධ්‍ය විසින් අවධානය යොමුකරන

බදු විතරද? රජයේ බර එතකොට?

Image
  2022 වසරේ රාජ්‍ය ණය ලබාගැනීමේ සීමාව තවත් රුපියල් බිලියන 663 කින් රුපියල් බිලියන 3844ක් දක්වා ඉහළ නැංවීම සඳහා මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශයකට අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා පසුගිය සතියේ පැවසුවා. බදු ඉහළ නැංවීමට අමතරව රජය ණය සීමාව ද ඉහළ නැංවීමෙන් අඟවන්නේ රාජ්‍ය වියදම් අඩුකිරීමට සූදානමක් නැති බවද? ශ්‍රීලන්කන් වැනි පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායන් විකුණා නොදමන්නේ ඇයි? “2022 අවුරුද්දේ දෙවැනි කාර්තුව අවසානයේ රාජ්‍ය ආයතන කිහිපයක් ලබා ඇති පාඩුවේ එකතුව සඳහන් කරන්නම්. ලංකා ඛනිජ තෙල් සංස්ථාව රුපියල් බිලියන 1,057යි. ලංකා විදුලිබල මණ්ඩලය රුපියල් බිලියන 261යි. ශ්‍රීලන්කන් ගුවන් සමාගම රුපියල් බිලියන 799යි. මම හිතන්නේ අවුරුද්ද අවසානය වනවිට මේවා බිලියන 4,000ක් පමණ අලාභයක් ලබනවා. මේ බර තවදුරටත් ජනතාව පිට පටවන්න බෑ. ඒ නිසා මේ ආයතන ප්‍රතිව්‍යුහගත කර රටට බරක් නොවන තත්ත්වයකට අප ගෙන එනවා,” යි ඔක්තෝබර් 6දා පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසුවා. එහෙත්, ඒ කියන ප්‍රතිව්‍යූහගත කිරීම සිදුවෙනවාද? නැත

ඔයිල් පැල්ලමේ වික්‍රමය

Image
  අජිත් පැරකුම් ජයසිංහ තරිඳු ශ්‍රී ලොකුගමගේ විසින් රචිත ජීවිතයේ ඔයිල් පැල්ලම් නවකතාව කියෙව්වෙමි. රස වින්දෙමි. මේ විචාරයක් නොවේ. මා විචාරකයෙකු නොවන අතර විචාර ලියන්නේ ද නැත. මා ලියන්නේ යම් කෘතියක් ඔස්සේ විඳින ලද රසය හා ඒ ඔස්සේ මගේ සිතට නැගුණු සිතුවිලිය. සාහිත්‍යකරුවකු කෘතියක් නිර්මාණය කරන්නේ තමන් ඒ නිර්මාණයෙන් විඳින රසය සමාජය සමග බෙදාගැනීමටය. සමාජය එම කෘතිය ගැන සංවාද කිරීම කලාකරුවාගේ ජයග්‍රහණයකි. එහි ගුණදොස් විවේචනය විනිශ්චයකාරයන්ගේ වැඩකි. ජීවිතයේ ඔයිල් පැල්ලම් ශ්‍රී ලාංකික නවකතාවේ වස්තු විෂය නිම්වළලු පුළුල් කළ කෘතියකි. මීට පෙර ශෙහාන් කරුණාතිලකගේ චයිනමන් නවකතාව ක්‍රිකට් ඇසුරෙන් නවකතා කලාව පෝෂණය කළ අන්දමින්ම තරිඳු පරණ ඉංග්‍රීසි කාර් ඇසුරෙන් නවකතාව පෝෂණය කරයි. ශෙහාන්, ප්‍රදීප් මැතිව් නම් මන:කල්පිත ක්‍රිකට් ක්‍රීඩකයකු ඇසුරෙන් කතාවක් ගොඩනැගූ අන්දමින්ම තරිඳු මන:කල්පිත ඔස්ටින් ඒ90 ඇට්ලැන්ටික් කාරයක් ඇසුරෙන් අපූරු කතාවක් නිර්මාණය කරයි. ඔහුගේ පොතේ කවරයේ තිබෙන්නේ එම වර්ගයේ ඡායාරූපයකි. මම 1984, 85 වර්ෂවල කොළඹ වෝකර්ස් පුත්‍ර සමාගමේ ඉංජිනේරු ආධුනිකයකු ලෙස අවුරුදු දෙකක් මෝටර් යාන්ත්‍රික විද්‍යාව හැදෑ

ස්වාධීන කොමිෂන් සභාවලට ‘තරුණියන්’ පත්කරනු!

Image
  October 22, 2022   admin   Politics අජිත් පැරකුම් ජයසිංහ පුද්ගලයෙකුට තනතුරක් දුන්නාම ඒ පුද්ගලයා ඒ තනතුරට අදාළ විදියට රඟපාන එකට තමයි වෘත්තිකභාවය කියන්නෙ. ඒකට තමන්ගෙ හෘදය සාක්ෂිය එහෙමම තියාගෙන තනතුරේ වගකීමට මුල්තැන දෙන්නට ඕනැ. එස්කිමෝවරුන්ට ෆ්‍රිජ්වලින් වැඩක් නැති බව දැන දැනම වුණත්, උන්ට ෆ්‍රිජ්වල වටිනාකම කියල දෙන්න ඕනැ. නැතිනම් ඒ තනතුර නොගෙන ඉන්න ඕනැ. මං කරපු සමහර රස්සාවලදි මං එහෙම රඟපාලා තියෙනවා. ඒ බොරු දිගටම කරන එක තේරුමක් නැතිය කියල හිතුණු නිසා තමයි මං රස්සා කරන එක අතහැර දැම්මෙ. තමන් කැමති දේ විතරක් කරන එක ආර්ථිකවත් හරිම අමාරු වැඩක්. ස්වාධීන කියන්නෙත් රඟපෑමක්. ස්වාධීන කොමිෂන් සභාවලට හොඳ නළුවන් පත්කරන්න ඕනැ. ස්වාධීන නිසා වෙන අයට අධ්‍යක්ෂණය කරන්නත් බැහැනෙ. ඒ නිසා තමන්ම අධ්‍යක්ෂණය කරගන්නටත් පුළුවන් වෙන්න ඕනැ. බල දේශපාලනය සම්බන්ධයෙන් තමන්ගෙ ආශාවන් පාලනය කරගන්නට බැරි අය ස්වාධීන කොමිෂන් සභාවලට පත් නොකළ යුතුයි. ස්වාධීන කොමිෂන් සභා පත්කරන්නෙම පරිපාලනයත් බල දේශපාලනයත් අතර යම් පරතරයක් හදන්නටයි. ඒ දෙක අතර අනිසි සම්බන්ධතාව මගින් දූෂණය ඇතිවිය හැකි බව ඇමරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපතිවරයකු වන

මිථ්‍යාදෘෂ්ටික වාමවාදයට පිළිතුරක්

Image
  සී.ජේ.අමරතුංග (‘මට සිහිනයක් ඇත’ සාමූහිකය විසින් ඔක්තෝබර් 6 දින මහජන පුස්තකාලයේදී සංවිධානය කරන ලද ප්‍රසිද්ධ දේශනයක් ඇසුරෙන් සකස් කරන ලදී.) “ඔබ වඩාත් උග්‍ර විප්ලවවාදියා ගෙන ඔහුට නිරපේක්ෂ බලය පැවරුවහොත්, වසරක් ඇතුළත ඔහු සාර්ට වඩා නරක වනු ඇත.” – මීහයිල් බකුනින් (රාජ්‍යවාදය සහ අරාජිකවාදය) සමාජවාදය වෙනුවෙන් නැතහොත් වාමාංශික දේශපාලනය වෙනුවෙන් පෙනී සිටින බව ප්‍රකාශ කරන නමුත් එම අදහස්වල හරයට සම්පුර්ණයෙන් පටහැනි විශ්වාසයන්හි එල්බගෙන සිටිමින් ඒවා ප්‍රචාරය කිරීම මෙමගින් අදහස් කෙරේ. මෙම අදහස් පක්ෂ සහ කණ්ඩායම්වල මතවාද ලෙස මෙන් ම සාමාන්‍ය ජනයාගේ පිළිගැනීම් වශයෙන් ද පවතියි. එහෙත්, තමන් ඉතිහාසයේ ඉදිරි ගමනට, එනම් නිෂ්පාදන බලවේගයන්ගේ වර්ධනයට, එරෙහි වන ප්‍රතිගාමී දක්ෂිණාංශික පිරිසක් බව මොවුහු නොදනිති. ප්‍රධාන කරුණු තුනක් නිසා මෙය මිථ්‍යාදෘෂ්ටික වාමවාදයක් ලෙස හැඳින්විය හැකි ය. එනම්, ඔවුන් පිළිගන්නා සමාජවාදය සැබෑ සමාජවාදයක් නොවීම සහ ඒවා සමාජවාදය පිලිබඳ සම්භාව්‍ය අදහස්වලට සම්පුර්ණයෙන් පටහැනි වීම වාමාංශික සහ විද්‍යාත්මක බව කියමින් ඔවුන් ඉදිරිපත් කරන අදහස් අවිද්‍යාත්මක මිථ්‍යා මත වීම සහ විද්‍යාත්මක ඉගැන්වීම්

ඉතින් ජිනීවාවලින් මොකෑ උනේ?

Image
  අජිත් පැරකුම් ජයසිංහ ‘ශ්‍රී ලංකාව තුළ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම’ යනුවෙන් යෝජනා සම්මතයක් 2022 ඔක්තෝබර් 6දි ජීනිවා හි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51වන සැසි වාරයේදී සිදුවිය. ඇමරිකා එක්සත් ජනපදය, බ්‍රිතාන්‍යය, කැනඩාව, උතුරු අයර්ලන්තය, උතුරු මැසඩෝනියාව, ජර්මනිය, මලාවි සහ ලක්සර්ම්බර්ග් යන රටවලින් සමන්විත ශ්‍රී ලංකාව පිළිබඳ මූලික කණ්ඩායම විසින් ඉදිරිපත් කරන ලද මෙම යෝජනාවට පක්ෂව ඡන්ද 20ක් ලැබුණු අතර විරුද්ධ ලැබුණේ ඡන්ද 07 ක් පමණි. ඡන්දය දීමෙන් වැළකී සිටි රටවල් සංඛ්‍යාව 20කි. එම යෝජනා සම්මතයෙහි කරුණු 19ක් ඇතුළත් ය. ශ්‍රී ලංකාව මානව හිමිකම් සුරක්ෂිත කිරීම සඳහා ශ්‍රී ලංකාව ගෙන ඇති පියවර අගය කර තිබෙන අතර ආර්ථික අර්බුදය හා මෑත කාලීනව සිදුවූ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් විමර්ශනය හා නිසි ක්‍රියාමාර්ග ගැනීම කෙරෙහි අවධානය යොමුකර තිබේ. යෝජනා කෙටුම්පතේ 8 වැනි කාරණය යටතේ ශ්‍රී ලංකාවේ සිදුවු බව කියන ජාත්‍යන්තර මානව හිමිකම් උල්ලංඝනය වීම් විමර්ශනයට හා ඒ සම්බන්ධයෙන් ගනු ලබන අධිකරණමය හෝ ආශ්‍රිත ක්‍රියාවලිවලට සාමාජික රටවල් සහය දිය යුතුය. HRC/51/L.1/Rev.1 ලෙස නම් කර තිබෙන

මං දැන් පොහොට්ටුවෙද?

Image
  අජිත් පැරකුම් ජයසිංහ පිළිතුර පිළිතුර ඔව් සහ නැහැ. ඒ වගේම, ඔව්ත් නැහැ නැහැත් නැහැ. එහෙම කියන්නෙ ඇයි? විස්තරේ පොඩ්ඩක් දිගයි. බනින්න පෙර කියවා බලනු! රාජපක්ෂලාට උපරිම රැලි නිර්මානය වුණ 2005දිත්, යුද්දෙන් පස්සෙ 2010දිත්, 2019දිත් මං විවෘතවම රාජපක්ෂලාගේ දේශපාලනයට විරුද්ධ වුණා. මං විරුද්ධ වුණේ පෞද්ගලිකව රාජපක්ෂලාට නෙමෙයි. රාජපක්ෂලා මහජන මුදල් හොරකම් කරන බව මං විශ්වාස කරනවා. හැබැයි, නිසි සාක්ෂි නැතුව රාජපක්ෂලාගේ හොරකම් සම්බන්ධයෙන් කියන ගණන් හිලව් ප්‍රබන්ධ මං විශ්වාස කරන්නෙ නැහැ. රාජපක්ෂලා වගේම එක්සත් ජාතික පක්ෂය/ සමගි ජන බලවේගයත් හොරකම් කළා. මහබැංකු වංචාව ඔප්පු කරන්නට බැරිවුණත්, ඒක සිදුවුණා. හොරුන් නොමැති සබන් වගේ පිරිසිදු පක්ෂ බව කියන ජවිපෙ/ ජාජබ, පෙසප වැනි පක්ෂවලට ඍජු හොරකම් ගැන චෝදනා අඩුයි. ඔවුන් කරන්නෙ හොරකම් කරන අයගෙ ෆයිල් පෙන්නලා ඔවුන්ගෙන් කප්පම් ගැනීම. එහෙම නැතිනම් විවිධ දේශපාලන කොන්ත්‍රාත්. මේවා හැඳින්වෙන්නෙ ආධාර කියලා. ඒත්, තමන්ට ආධාර කරනවාය කියන අයගෙ නම් ඔවුන් ප්‍රසිද්ධ කරනවාද? නැහැ. ප්‍රසිද්ධ කරන්න බැහැ. දේශපාලන පක්ෂවලට හා දේශපාලකයන්ට හොරකම් කරන්නට සිදුවෙලා තියෙන ප්‍රධාන හේතුව මොක

ළමා දිනය හා ගුරු දිනය මහජන මුදල් රුපියල් බිලියනයක නාස්තියක්

Image
  අජිත් පැරකුම් ජයසිංහ බදු සල්ලි නාස්ති වෙන එක ගැන කතාකරනකොට පාර්ලිමේන්තු කැන්ටිමේ බත්එක වගේ ඒවා තමයි බොහෝ අයට මතක් වෙන්නෙ. ඔය බත්එක එතන සේවකයොත් කනවා. ඔය වගේ කෑම දෙන එක වරායෙත්, ගාමන්ට්වලත් කරනවා. ඒකට හේතු රැසක් තියෙනවා. පාර්ලිමේන්තුව වගේ තැනක නම් කෑම කන්න බත්තරමුල්ලටවත් යන්න වෙනවා. එමගින් ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්න වගේ ගැටලු රැසක් මතුවෙනවා. ඒක ගැන ආඩපාලි කියන එක වාමාංශිකයන්ගෙන් එන කුහකකමක්. කාලා බීලා පුරුදු මිනිසුන්ට ඔය බත්එක සුළු දෙයක්. එන්ජීඕ ඉවන්ට්වලදි ඔයිට වඩා හොඳට කන්න දෙනවා. බදු මුදල් නාස්තිය නැතිකරන්න ඕනැ ඔය වගේ දේවලින් නෙමෙයි. උදාහරණයක් විදියට, පහුගිය දවස්වල ළමා දිනයේත්, ගුරු දිනයේත් වැඩකට නැති චොකා බයිලා නැටීම වෙනුවෙන් රට පුරා පාසල්වල අධ්‍යාපන කාලය නාස්ති කළා. බොහෝ පාසල්වල ඒ දවස් දෙකම හරියට ඉගැන්නුවේ නැහැ. ඊට කලින් ඔය ගුරු නැටුම් පුරුදු වුණෙත් දරුවන්ගෙ පන්තිවලට උගන්නන්නැතුව පාසල් වෙලාවෙමයි. පාසල් 10,000කට ආසන්න ප්‍රමාණයක ගුරුවරුන් 250,000කට ආසන්න ගණනක හා ලක්ෂ 40ක දරුවන්ගෙ අධ්‍යාපන කාලය මේ විදියට නාස්ති වුණා නම්, දවසක ගුරු පඩිය විතරක් සාමාන්‍යය රු. 2,000 ගානෙ ගණන් හදලා බලන්න. එතන

මොනවද බදුගෙවන මට රජයෙන් ලැබිල තියෙන්නෙ?

Image
  අජිත් පැරකුම් ජයසිංහ රජය තමයි අපි පාවිච්චි කරන මේ ඉන්ටනෙට් යටිතලය සංවර්ධනය කළේ හා කළමනාකරණය. රජය තමයි රටේ විද්‍යුත් චුම්බක තරංග පරාසය කළමනාකරණය කරන්නෙ. සිරස පවා ඒකෙන් කොටසක් අයථා ලෙස අල්ලගෙන සිටින ආයතනයක්. රජය තමයි නොමිලේ අධ්‍යාපනය, වෘත්තීය පුහුණුව දෙන්නෙ. රජය තමයි විදේශගත වෙන්න අවශ්‍ය පාස්පෝට් එක දෙන්නෙ. ඊට කලින් අපව ලියාපදිංචි කරලා උප්පැන්න, මරණ, විවාහ ආදි සහතික දෙන්නෙ. රජය තමයි පිටරට යන්න හරි ගුවන් තොටුපළවල් පවත්වාගෙන යන්නෙ. රජය තමයි අපට අවශ්‍ය ආනයන අපනයන කරගන්න වරාය පවත්වාගන්නෙ. රජය තමයි බැංකු පද්ධතිය මෙහෙයවන්නෙ. මහ බැංකුව තමයි අපේ විනිමය පාලනය කරන්නෙ. රජය තමයි මහාමාර්ග හා දුම්රිය මාර්ග පද්ධතිය ගොඩනගලා පවත්වාගෙන යන්නෙ. රජය තමයි තැපැල් සේවය පවත්වාගෙන යන්නෙ. රජය තමයි විදුලි බල යටිතලය ගොඩනගලා කළමනාකරණය කරන්නෙ. රජය තමයි ජල සම්පාදනය හා ජලාපවහන යටිතලය ගොඩනගලා පවත්වාගෙන යන්නෙ. රජය තමයි ගොවිබිම්වලට අවශ්‍ය වාරිමාර්ග පද්ධතිය හදලා නඩත්තු කරමින් ගොවිතැනට ජලය නොමිලේම දෙන්නෙ. ඒ මිදිවට පොහොරත් කාලයක් නිකම් දීලා, අස්වැන්නත් වැඩි මිලට මිලදීගෙන අඩු මිලට පාරිභෝගිකයාට දුන්නා. ළදරු මරණ අනුපාතිකය, මන්

ධනවත් වසල පැළැන්තිය හා බදු

Image
  අජිත් පැරකුම් ජයසිංහ රජය ආදායම් වැඩිකරගත්විට රජයේ ණයගැනීම් හා මුදල් මුද්‍රණය අවම වේ. එවිට බැංකු පොළී අනුපාතික පහළ යයි. එය ව්‍යපාරවලට හොඳය. උද්ධමනය අඩු වේ. එය පාරිභෝගිකයන්ට හොඳය. නැතිනම්, බදු වැඩි නොකර මුදල් අච්චු ගැසිය හැකිය. රජයට විදේශ ණය ගත නොහැකි නිසා දේශීය වශයෙන් තව තවත් ණය ගත හැකිය. එය ස්ථාවර විසඳුමක් නොවේ. ආර්ථිකය දිගටම කඩාවැටේ. බංකොලොත්භාවයෙන් ගොඩඒමක් නැත. මොසැම්බික් වැනි රටවල වූයේ එයයි. බදු වැඩිකිරීම බලපාන පිරිස ධනවත් සුළුතරයකි. ඒ අයට බදු කප්පාදු කර උපරිම සහන දුන් ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවට ද උන් පහරදී පන්නා දැමූහ. දැන් රනිල් පන්නන්න ද ඔවුහු මුදල් විසිකරති. 2015-19 යහපාලන ආණ්ඩුව පැන්නීමට ඔවුන් කටයුතු කළේ ද ඍජු බදුවලින් ඇතිවූ බලපෑම නිසාය. ගෝඨාභය බදු කප්පාදු කළේ ඔවුන් සතුටු කරන්නටය. සතුටු වුණාද? දැක්මක්, සංස්කෘතියක්, සදාචාරයක් නැති මේ වසල වෙළඳ හා කළමනාකාර පැළැන්තිය කිසිවකින් සතුටු වන්නේ නැත. සතුටු කරන්නට ද බැරිය. උන්ගෙන් හිතන තරම් බදු ගන්න⁣ට ද බැරිය. එකවුන්ට් වංගු ගසා හෝ නිලධාරීන්ට පගා දී ඒවා නොගෙවා සිටින හැටි උන් දන්නවාය. හොරු අල්ලන පක්ෂවලට ද උන් සම්මාදම් දෙති. වැඩ සිදුවන්නේ එසේය.

හැත්තැ හතර අවුරුද්දෙ කතාව

Image
  අජිත් පැරකුම් ජයසිංහ 74 අවුරුද්දක් ජනතාව රැවටුණාය කියන එකමත් බොරුවක්. ජනතාව රැවටුණේ නැහැ. ඔය කාලය තුළ මේ රට හැම පැත්තකින්ම සංවර්ධනය වුණා. උපතේදී ආයු අපේක්ෂාව වැඩිවුණා. පෝෂණය වර්ධනය වුණා. සාක්ෂරතාව, අධ්‍යාපනය දියුණු වුණා. අපේ නිවාස, මං මාවත්, යාන වාහන ආදී හැම දෙයක්ම නවීන වුණා. කොටින්ම තිස් බඹේ එළිබැස්ස ග්‍රාමීය සමාජයේ පවා කාමරවලට ඇටෑච් කරපු නානකාමර හැදුණා. දේශපාලකයන්, රාජ්‍ය නිලධාරීන් විතරක් නෙමෙයි ජනතාව කියන එවුනුත් පොදු දේපල හොරා කෑවා. උදාහරණයක් විදියට තීරු බදු රහිත කාර් පර්මිට් අරගත්ත එවුන් විශාල ප්‍රමාණයක් ඒවා විකුණලා අයථා විදියට මුදල් හම්බ කළා. ගම් මට්ටමේදි ගොවියො සහනාධාරෙට දුන්න පෝර නාස්ති කළා. හැම මට්ටමකම දූෂණ ගැන ඕනැ තරම් කියන්න පුළුවන්. දේශපාලකයන් විතරක් නෙමෙයි හොරු. එතකොට රජය ගත්ත ණයවලට මොකක්ද වුණේ කියල අහන අය ඉන්නවනෙ. මාටියා ගහපු එවුන් ඉහළම මට්ටමේ සිට පහළම මට්ටම දක්වාම ඉන්නවා. පොදුවේ ගත්තොත්, වැඩි මිලට ආනයනය කළ ඉන්ධන අඩු මිලට ගහගත්ත, වැඩි නිෂ්පාදන වියදමක් දරමින් අඩු මිලට විකිණූ විදුලිය පරිභෝජනය කළ, විදේශ ණයවලින් පෙග් කරලා අඩු මිලට තියාගත්ත ඩොලර්වලින් කාර් ගත්ත, ගෙවල් හදාගත්