ආර්ථිකය බේරාගැනීමේ පියවර සංක්ෂිප්තව

 

මේ වන විට විදේශ විනිමය අනුපාතික ස්ථාවරයි.

නීති විරෝධී වෙළඳපොළේ ඩොලරයට ගෙවන රුපියල් මිල අඩු වේ.

විදේශ ව්‍යවහාර මුදල් අතේ තබාගෙන සිටින අයට ඒවා නීත්‍යානුකූලව මාරු කරගැනීමට සැප්තැම්බර් 15 දක්වා සමා කාලයක්.

විවෘත ගිනුම් හරහා භාණ්ඩ ආනයනය කිරීම නතර කිරීමේ චක්‍රලේඛය නුදුරේම නිකුත් වේ.

විදේශ ශ්‍රමිකයන්ගෙන් රටට ලැබෙන ආදායම් ස්ථාවර මට්ටමක. තවම වැඩිවීමක් නැහැ.

බැංකු හරහා මුදල් එවන අයට එවන මුදලින් අඩක වටිනාකමට විදුලි වාහනයක් ආනයනය කරගැනීමට අවසර.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහන ණය සම්බන්ධ නිලධාරි මට්ටමේ එකඟතාවක් මේ මස අවසානයේ.

උද්ධමනයේ උපරිමය සැප්තැම්බරයේ. 65%කට පමණ වැඩිවී අඩු වීම ඇරඹේ.

විදේශ විනිමය හිඟය අවසන්. ආනයන සඳහා විදේශ විනිමය තිබේ.

ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ කටයුතු ඉන්පසු.

චීනය හා ඉන්දියාව වැනි රටවල් සමග ද්විපාර්ශ්වික ණය ප්‍රතිව්‍යූහගත කිරීම සඳහා සහාය දීමට ජපානයට ආරාධනා.

මේ වසරේ ආර්ථිකය 8%+ ප්‍රතිශතයකින් සංකෝචනය වේ.

(මූලාශ්‍ර: ශ්‍රී ලංකා මහබැංකුව හා රොයිටර් පුවත් සේවය)

Adapted from praja.lk

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා