Posts

Showing posts from April, 2022

අන්තර්වාර පාලනය හා පාර්ලිමේන්තුවෙන් පිටත ජනතා ආණ්ඩුව

Image
  April 24, 2022   admin   Politics අජිත් පැරකුම් ජයසිංහ මහින්ද රාජපක්ෂගේ මරුකියවන කයිවාරු කුමක් වුවත්, ලබන සතිය වන විට අන්තර්වාර පාලනයක් පත්වනු ඇත. පාර්ලිමේන්තු ප්‍රභූවරුන්ගෙන් සමන්විත අන්තර්වාර පාලනයට උපකාර කළ යුතු මුත් පොහොට්ටු ඩලස්ලා, සජිත්ලා, රනිල්ලා, මෛත්‍රීලා, විමල්ලා, අනුරලා කිසිවෙකු ඔය වතුර හැළිය කැඳ කරන්නට හාල් දමනු ඇතැයි සිතිය නොහැකි තරම් කට්ටිවාදී, වංක ඉතිහාසයක් ඔවුන්ට තිබේ. වැදගත් වන්නේ නායකත්වයයි. රනිල් උද්දච්ඡ වැඩිය. ඩලස් පොහොට්ටු වැඩිය. ෆොන්සේකාගේ කට හොඳ නැත. හරිනි ජේවීපී වැඩිය. චම්පික මං පොරය. පිටතින් නායකයකු ගෙනෙනවා නම්, කරු ජයසූරිය හෝ සාලිය පීරිස් වැනි අයෙකු හොඳය . දෙන්නාම ⁣අන්තර්වාර ආණ්ඩුවක සිටිනවා නම් වඩා හොඳය. ප්‍රභූ උපදේශක සභාවක් පිහිටුවීම ද ඉතා හොඳය. කෙසේ වෙතත්, අරගලය නතර නොවිය යුතුය. මා සිතන පරිදි නම්, නිර්ප්‍රභූ පුරවැසියන්ට වඩාත් හොඳ පියවර යෝජනා කරන්නේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ජන අරගල ව්‍යාපාරයයි. ඒ පාර්ලිමේන්තුවෙන් පිටත ජනතා ආණ්ඩුවකි. මූල්‍ය පාලන බලයක්, නීති සම්පාදන හැකියාවක්, ආරක්ෂක හමුදාවලට අණදීමේ හැකියාවක් නොමැති මහජන ආණ්ඩුවකට වර්තමාන මොහොත සම්බන්ධයෙන් ලො

සෞම්‍ය ලියනගේ හා THE වැඩේ

Image
  April 22, 2022   admin   Politics සෞම්‍ය ජැක්සන්ට බැන්නට ජැක්සන් වුණත් මේ වගේ දේ තමයි කිව්වෙ. වෙනස රාජපක්ෂලා ගැන අපි හොඳට දන්නවා. ජාජබ ගැන දන්නෙ නැහැ කියමුකො. එහෙමත් ඉතින් කියන්න පුළුවන්ද මන්දා. මොකද, ජවිපෙ ගැනත් සමාජයට සංජානනයක් තියෙනවනෙ. මෙහෙම දේ කියන හේතුව හරි සරලයි. අපි හැමෝම හිතාගෙන ඉන්නෙ අපි කරන වැඩේ හරියටම හරි කියලායි. අපට යුගයේ කාර්යභාරය තේරෙනවා කියල අපි හිතනවා. අපි කරන වැඩේ තමයි වැඩේ. අනෙක් වැඩ ඔක්කොම බිස්නස්. බිස්නස් ගැන කතාකරන්න මං කැමතියි. ජැක්සන් ඇඩ්‍රස් කරන්නෙ ලොකු මාකට් එකකට. රාජපක්ෂලා සෙල්ලං කරන්නෙත් ඒ මාකට් එකේ. ජාජබ ඒකට සාපේක්ෂව පොඩි හා වෙනස් මාකට් එකක්. Niche මාකට් එකක් කියලත් කියන්න පුළුවන්. හැබැයි ඒ මාකට් එකේ අලෙවි වන බ්‍රෑන්ඩ්ස්වල මිල වැඩිවෙන්නත් පුළුවන්. මේ ප්‍රකාශය ඇත්ත වෙන්නත් පුළුවන්. හැබැයි, දැනට නම් ජාජබ හෝ ජවිපෙ බලය ගැනීමේ සූදානමක ඉන්න බවක් පෙනෙන්නෙ නැහැ. ඒ නිසා මේ මොහොතෙ වෙන යන්න පාරක් නැති නිසා රට නිවැරදි දිශාවට යොමුකරන වැඩේ කරන්නට රට නොමග යවපු රාජපක්ෂලාටම සිද්ධවෙන්නත් පුළුවන්. හැබැයි ඉතින්, ඔය නොමග කියන එකේ 2005 හැරවුම ගන්නකොට ජවිපෙ හිටියෙ මහින්දත් එක්

තෙල් මිල ප්‍රශ්නයට විසඳුම කුමක්ද?

Image
  April 22, 2022   admin   Politics අජිත් පැරකුම් ජයසිංහ ආණ්ඩුව ‘අලුත්’ කැබිනට් මණ්ඩලයක් පත්කරගෙන වැඩ ඇල්ලූ හැටියේම ඊළඟ දවසේ රට පුරාම අලුත් උද්ඝෝෂණ රැල්ලක් පැනනැගුණේ ඉන්ධන මිල විශාල වශයෙන් වැඩිකිරීම නිසාය. මෙතෙක් ජනාධිපති පැන්නීමේ අරගලයේ ඉදිරියෙන් සිටි මධ්‍යම පන්තිය වෙනුවට බස් සේවකයන්, ත්‍රිරෝද රථ රියදුරන්, ධීවරයන් වැනි අලුත් පිරිස් වීදියට පැමිණි අතර උද්ඝෝෂණ තියුණු වූයේ ඒවා ඍජුවම මිනිසුන්ගේ ජීවන අරගලය සමග සම්බන්ධ වී තිබීම නිසාය. 2016 වන විට තිබුණු සංඛ්‍යාලේඛන අනුව ශ්‍රී ලංකාව දිනකට තෙල් බැරල් 127,000ක් පමණ පරිභෝජනය කරයි. බැරලයක් ලීටර් 159ක් පමණ වේ. ඉන්ධන පරිභෝජනය ජනගහනයෙන් බෙදූ විට, රටේ සෑම පුරවැසියෙකුම අවුරුද්දකට තෙල් බැරල් දෙකක් පමණ පුළුස්සයි. එය ලීටර් 320කට ආසන්න වේ. ඉන්ධන පරිභෝජනය සිදුවන්නේ සමානාත්මතා පදනමකින් නොවේ. දිළිඳු හා පහළ මධ්‍යම පන්තික ජනයා වැඩිපුර භාවිතා කරන දුම්රිය, බස්, ත්‍රිරෝද රථ, යතුරුපැදි, කුඩා හා මධ්‍යම වටිනාකම් සහිත මෝටර් රථ, වෑන්, ට්‍රැක්ටර් ආදිය ඉන්ධන පරිභෝජනය කරන්නේ අඩුවෙනි. ධනවතුන්ට හිමි සුඛෝපභෝගී වාහන ආදිය අතිවිශාල වශයෙන් ඉන්ධන පරිභෝජනය කරයි. මේ අතර, ශ්‍රී ලංක

ජනාධිපති වරද පිළිගැනීම හරිද? වැරදිද?

Image
  April 19, 2022   admin   Cartoon   Politics අජිත් පැරකුම් ජයසිංහ පොහොර සම්බන්ධයෙන් වැරදි තීරණ ගනිමින් කෘෂිකර්ම අර්බුදයක් නිර්මාණය කිරීම හා නිසි කලට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත නොයාම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනතාවගෙන් සමාව ඉල්ලා සිටියේය. තවමත් ඔහු තම වැරදි සැබැවින් තේරුම්ගෙන නැත. තවමත් ඔහු කියන්නේ බොරුය. කරන්නේ වැරදිය. රසායනික පොහොර නැවත දෙන බව ඔහු කියයි. රසායනික පොහොර ආනයනය කරන්නට ආණ්ඩුවට මුදල් නැත. පොහොර සහනාධාරය නමින් දැනට කරන විකාරය ද දැවැන්ත දූෂණයකි; නාස්තියකි. මහජන මුදලින් ගොවීන්ට ආනයනික පොහොර නිකම් දුන්නාය කියා කෘෂි නිෂ්පාදනවල මිල අඩුවුණේවත්, ගුණාත්මකභාවය වැඩිවුණේවත් නැත. පොහොර සහනාධාරයෙන් වුණේ අරලිය, නිපුණ, නිව් රත්න වැනි මහා පරිමාණ හාල් වෙළඳුන්ගේ මඩිය තරවීම පමණි. මෙය නැවතිය යුතුය. ගොවිතැන වෙළඳපොළට අනුව හැඩගැසෙමින් තිබේ. එය එසේ විය යුතුය. කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් රජය අලුත් ප්‍රතිපත්තියකට යා යුතුය. කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් රජයට කළ හැකි ප්‍රධානම දෙය වන්නේ, ඒ වෙනුවෙන් යයි කියමින් හිටපු කෘෂිකර්ම ඇමති අනුර කුමාර දිසානායක අරන් දුන් බස්වලින් කොළඹ එන යන, කෘෂිකර්ම අමාත්‍ය

ජනාධිපතිගෙ පෝර බොරුව

Image
  April 18, 2022   admin   Agriculture   Politics අජිත් පැරකුම් ජයසිංහ ගොවීන්ට රසායනික පොහොර ලබා නොදීම වරදක් යැයි තමා දැන් සිතන හෙයින් ඒ පොහොර නැවත ලබාදීමට කටයුතු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කිව්වලු. මේකත් බොරු. රසායනික පොහොර ලබාදෙන්න ආණ්ඩුවට සල්ලි නැහැ. ඒ නිසා බොරු කියන්න එපා. කළ යුතුව තිබෙන්නෙ පොහොරවලින් අයකරන බදු අවම කරන එක මිසක් ආපහු පොහොර නිකම් දෙන එක නෙමෙයි. පොහොර තහනම ඉවත් කරලා වෙළඳපොළෙන් මිලදීගන්නට ඉඩදෙන්නට ඕනැ. පොහොර වෙළඳපොළ නියාමනය කරන්නට ඕනැ. ඒ කියන්නෙ මිල පාලනය නෙමෙයි. අසාධාරණ ලාභ වළක්වන්නට ඕනැ. මහජන මුදලින් ගොවීන්ට පොහොර නිකම් දෙනවා නම්, ගොවීන් නොවන ජනතාවට ඒකෙන් ලැබෙන ප්‍රතිලාභයක් තියෙන්නට ඕනැ. එහෙම එකක් කවදාවත් වුණේ නැහැ. පොහොර සහනාධාරයේ ප්‍රතිලාභ ගත්තෙ ඩඩ්ලිලා, නිපුණලා, නිව් රත්නලා වගේ හාල් වෙළෙන්දො. අඩුගානෙ ගොවීන්ගෙ දිළිඳුකමවත් නැතිවෙලා නැහැ. ඒ නිසා පොහොර නිකම් දෙන්න ඕනැ නැහැ. ගොවීන් වෙළඳපොළ කෘෂිකර්මාන්තයට හැඩගැසෙමින් ඉන්නවා. ඒක වෙන්න ඉඩදෙන්න ඕනැ. ගොවීන්ට ලබාදිය යුත්තේ විධිමත් රක්ෂණ හා දායකත්ව විශ්‍රාම වැටුප් වැනි දේයි. නිකං පෝර නෙමෙයි.පොහොර සහනාධාරයෙන් ගුණාත්මක කොම්

ගල උඩ සටන ලබන සතියේද?

Image
  April 17, 2022   admin   Politics අජිත් පැරකුම් ජයසිංහ මහජන විරෝධය පාර්ලිමේන්තුව හරහා බල හුවමාරුවකට පරිවර්තනය කරගැනීමට විපක්ෂය අසමත් වී ඇත. එසේ අසමත් වන්නේ විපක්ෂ නායකගේ පමණක් නොව විපක්ෂයේ සෑම පක්ෂයකම නායකත්වයේ අසමත්කම නිසාය. කෙසේ වෙතත්, මේ වන විට ආණ්ඩුවට එරෙහි විශ්වාස භංගයක් සඳහා මුලපුරා තිබේ. විශ්වාස භංගයට අත්සන් නොකර ගමට එන්නට එපා යයි පිටතින් නිර්මාණය කරනු ලබන ව්‍යාපාරය එතරම් ප්‍රජාතාන්ත්‍රික නැත. එසේම, එහි අවදානම් ද තිබේ. බිය නිසා මන්ත්‍රීවරුන් විශ්වාසභංගයට අත්සන් කරනු ඇද්දැයි පැහැදිලි නැත. ඒ වෙනුවට ඔවුන් ආරක්ෂාවට මුවාවෙමින් වැඩිපුර වරප්‍රසාද ලබාගැනීමට උත්සාහ කරනු ඇත. මන්ත්‍රීවරුන් පොළඹවාගැනීම සඳහා යොදාගත යුත්තේ තර්ජනය නොව උද්දේශනයයි. එයට විපක්ෂ දේශපාලන පක්ෂ නායකත්වය දිය යුතුය. ඔවුන්ට එම නායකත්වය දීමේ හැකියාව නොමැති නම්, සිවිල් සමාජ නායකයන් ඒ වෙනුවෙන් උද්දේශනයේ යෙදිය යුතුය. දැන් දැන් අරගලයේ ෆන් සමය අවසන් වෙමින් තිබේ. අලුත් අවුරුදු නිවාඩුව අවසන් වීමත් සමගම අරගලය දැඩි කැපවීම් අපේක්ෂා කරන තත්වයකට පත්වේ. ඒ සමගම සටන්කාමී ක්‍රියාමාර්ග ද තීව්‍ර වෙමින් තිබේ. දැනට දකින්නට ලැබෙන වැදගත්ම පි

රාජපක්ෂලා පැන්නීමේ දිග්ගැසුණු අරගලයකට සූදානම් වෙමු

Image
  April 15, 2022   admin   Politics අජිත් පැරකුම් ජයසිංහ ගෝඨාභය රාජපක්ෂ ආගිය අතක් නැත. හේතුව පැහැදිලි නැත. ඔහු යුද්ධය තීව්‍ර වූ සමයේ ද රටින් පළාගිය අයෙකි. මේ අවස්ථාවේ තිබෙන පීඩනය දරාගෙන ජාතිය ඇමතීමේ හෝ හැකියාව ඔහුට නැති බවක් පෙනේ. එහෙත්. ප්‍රධාන නළුවා වන මහින්ද රාජපක්ෂ එළිපිටම ගේමේය. අසන්නට සිදුවී තිබුණු අපවාද නිසා ඔහු යම් දුරකට මානසිකව පසුබා තිබෙන බවක් පෙනුණ ද, ශාරීරික හේතු නිසා අමාරුවෙන් කළ පසුගිය ජාතිය ඇමතීමෙන් පෙන්නුම් කළේ ඔහුගේ සටන්කාමීත්වයයි. ඔහු පෙන්නුම් කළේ රාජපක්ෂ පවුලේ තිබෙන ආක්‍රමණශීලී ස්වභාවයයි. ඒ අනුව, ඔවුන් බලය හැරයන්නට සූදානම් බවක් නොපෙනේ. අරගලය දිග්ගැසුණු එකක් වීමට බොහෝ දුරට ඉඩ තිබේ. එහි අක්ෂයන් ගණනාවකි. ගෝල්ෆේස් මහජන අරගලය: දැන් එය අතිවිශාල ජනප්‍රියත්වයක් හිමි කරගෙන තිබේ. පක්ෂ දේශපාලනයෙන් පරිබාහිරව ජනතාව එය සමග එකතුවෙමින් සිටිිති. එහි අවිධිමත් නායකත්වයක් නිර්මාණය වෙමින් තිබේ. එම නායකත්වය නව දේශපාලන ව්‍යාපාරයක නායකත්වය බවට පත්විය යුතුය. එහි සිටින ඉතා දේශපාලනික යයි ප්‍රකාශ වන තරිඳු උඩුවරගෙදර වැනි අයගේ සිට, ඔවුන් දේශපාලනික නොවේ යයි කියන තරුණ ව්‍යවසාකයකු හා වෘත්තිකයකු ද, ය

නිර්පාක්ෂික රැප්පෙක

නිර්පාක්ෂික කතාවලට මාත් හෙණ ලව් ඉන්න බෑ මට ඔය පක්ෂවල මලඉලව් ඒ නිසා පක්ෂවල ඉන්න එවුන් අසව් අපි ඉන්නෙ රැල්ල උඩ උඹල හරි පව් - අජිත් පැරකුම් ජයසිංහ

තරුණ නායකයන් වෙනුවට පරණ කලාකරුවන්

Image
  April 13, 2022   admin   Politics අජිත් පැරකුම් ජයසිංහ දැන් දැන් සිදුවන විදියට රාජපක්ෂ ක්‍රමය හදපු හා එයින් ඵල නෙළපු, ජාතිවාදය වපුරමින් මුදල් ගරාගත්ත ඇතැම් කලාකරුවන්ටවන්ට ලොන්ඩරි දාන්න අරගලය පාවිච්චි වෙන බවක් පෙනෙනවා. රාජපක්ෂවාදී කලාකරුවන් පසුපසින් ඊළඟට එකතුවන්නේ නිලධාරීන් සහ දේශපාලකයන්ය. උන් බලන්නේ ඊළඟ ආණ්ඩුවටත් සෙට්වෙන විදියකි. වෙනස් කළ යුත්තේ රොටිය ඒ පැත්ත, මේ පැත්ත දමන තැටිය වන රාජපක්ෂ ක්‍රමය මිස රොටියේ පැත්ත නොවන බව මතක තබාගන්න. ඔය කලාකරුවන්ගේ සංකේත වටිනාකම් වැදගත් යයි සැලකීමම ගතානුගතික අදහසකි. අපට අවශ්‍ය මේ ක්‍රමයේ පූර්ණ පරිවර්තනයකි. ලංකාවේ අර්බුදයේ ප්‍රධාන කොටසක් වන්නේ නායකත්වයයි. අප අලුත් නායකයන් සොයා නිර්මාණය කරගත යුතුය. එය විසඳුමේම කොටසකි. මේ අරගලය තුළින් අලුත් තරුණ නායකයන් ඉදිරියට ගත යුතුයි. පසුගිය දිනවල අරගලය තුළින් එවැනි තරුණ නායකත්වයන් මතුවනු දක්නට ලැබිණි. එහෙත්, දැන් හිටිහැටියේ අපට නායකයන් නැහැ, අපි ඔක්කොම එකයි ආදී කතා ඇසේ. ඔක්කොම එක නම්, ඒ අතරින් මතුවන අය නායකයින් ලෙස පිළිගැනීමත් ගැටලුවක් විය නොහැකිය. අරගලය තුළින් නායකයන් බිහිවීමට අකැමැති අයට ඒ සඳහා හේතු තිබිය හැකිය.

කොරියානුවන් වගේ අපටත් රත්තරං පරිත්‍යාග කර රට බේරාගන්න බැරිද?

Image
April 13, 2022   admin   Economy අජිත් පැරකුම් ජයසිංහ 1990 දශකය අගභාගයේදී දකුණු කොරියාව ණය ගෙවාගැනීමට නොහැකිව බංකොලොත්භාවය අද්දරටම තල්ලුවූ අවස්ථාවේ එරට අර්බුදයෙන් ගැලවීම සඳහා මහජනයාගෙන් රන් එක්රැස් කළාය. මේ ඒ පිළිබඳවයි. 1997 ග්‍රීෂ්ම ඍතුවේදී දකුණු කොරියාවේ ව්‍යාපාර කඩාවැටී, ලක්ෂ සංඛ්‍යාත පිරිසකට රැකියා අහිමි වී, ණය ආපසු නොගෙවීම නිසා බැංකු ද කඩා වැටිණි. විදේශ ආයෝජකයන් රටෙන් ඩොලර් බිලියන 18ක ආයෝජන ඉවත් කරගත්හ. 1997 දෙසැම්බරයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කොරියාවට ඩොලර් බිලියන 58ක් වන ඉතිහාසයේ වැඩිම ඇපවීම ප්‍රදානය කිරීමට ඉදිරිපත් විය. කොන්දේසි වූයේ වෙළඳාම හා ප්‍රාග්ධන ගිනුම් ලිබරල් කිරීම, ශ්‍රම වෙළඳපොළ නීති සංශෝධනය, සමාගම් පාලනය ප්‍රතිව්‍යූහගත කිරීම ආදියයි. මෙම කොන්දේසිවලට එරෙහිව දැඩි විරෝධයක් මතුවූ අතර කොරියාවේ දැවැන්ත මහජන කැපකිරීම සඳහා මග රජයේ ඉල්ලීම මත 1998 ජනවාරි මාසයේම ආරම්භ විය. ඒ වන විට කොරියාවේ නිවෙස්වල ඩොලර් බිලියන 20ක පමණ රන් ආභරණ හා වෙනත් ස්වරූපවලින් තිබෙන බව ගණන් බලා තිබිණි. ඒවායේ මූල්‍ය වටිනාකමට වඩා වෙනත් සංස්කෘතික සාධක ද තිබිණි. එය බොහෝ දුරට ශ්‍රී ලංකාව, ඉන්දියාව වැනි රටවල ති

ගාලුමුවදොර අරගල වැඩබිමේ සිට

Image
April 11, 2022   admin   Politics අජිත් පැරකුම් ජයසිංහ ඊයේ රාත්‍රියේ ගාලුමුවදොර අරගලයේ වැඩබිම නිරීක්ෂණය කළෙමි. මැරෙන්නට පෙර අප මෙතෙක් බලාපොරොත්තුවෙන් සිටි ප්‍රගතිශීලී මහජන නැගිටීමක් දෑසින් දැකගන්නට ලැබීම වාසනාවකැයි මට එහිදී හමුවූ මාධ්‍යවේදී හා දේශපාලන-සමාජ ක්‍රියාකාරික ශාන්ත විජේසූරිය පැවසීය. එය සැබැවින්ම මහජන නැගිටීමකින් නිර්මාණය වූ අපූරු අරගල වැඩබිමකි. එහි ප්‍රධාන ලක්ෂණය වන්නේ අසංවිධිතකමයි. මහජන නැගිටීම් සංවිධානය කරන්නට ගිය, මහජනතාවට තමන් පස්සෙන් එන්නැයි කී අය අය අසාර්ථක වූහ. දැන් ඔවුන් මුහුණදී සිටින ප්‍රශ්නය වන්නේ ගාලුමුවදොර මහජන අරගලය වැනි අරගලවලට සම්බන්ධ වන්නේ කෙසේද යන්නයි. මෙම අරගලය පක්ෂ දේශපාලනයෙන් තොර යයි කීම ඇත්තක් නොවේ. එය යම්දුරකට පාර්ලිමේන්තු පක්ෂ දේශපාලනයෙන් දුරස්ථය. එයින් බැහැරකර තිබෙන්නේ සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය වැනි කණ්ඩායම්ය. පෙරටුගාමී සමාජවාදී පක්ෂය විවෘතවම මෙහි සංවිධාන භූමිකාවක සිටියි. එය හොඳ දෙයකි. මෙවැනි මහජන නැගිටීමකට කොඳු නාරටියක් අවශ්‍යය. තමන්ට එම නැගිටීම පාලනය කළ නොහැකි බව හා එසේ කිරීමේ හැකියාවක් ද නැති බව එතැනදී හමුවූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ක්‍රිය

පරි‍භෝජනය හා පාරිභෝජනවාදය

Image
  April 10, 2022   admin   Life අජිත් පැරකුම් ජයසිංහ පරිභෝජනයයි, අධි පරිභෝජනයයි අතර වෙනස බුද්ධිමත් ලෙස සලකුණු කරගන්නෙ නැතුව පාරිභෝජනවාදය හඳුනාගන්න බැහැ. මම නම් පාරිභෝජනවාදය කියන්නෙ ලෝකයේ හෝ රාජ්‍යයක ඉඳන් පුද්ගලයා දක්වාම තමන්ගේ ආර්ථිකයට, භෞතික තත්වයන්ට හා මානසිකත්වයට දරාගත නොහැකි අන්දමින් පරිභෝජනය කරන එක. එතනදී පාරිභෝජනවාදය හඳුනාගන්නට වෙන්නෙ කේස් බයි කේස්. ඒ කියන්නෙ පුද්ගලයාගෙන් පුද්ගලයාට. පාරිභෝජනවාදයේ සීමාවෙන් පරිභෝජනය නවත්වාගැනීම සිදුකළ හැකි පුද්ගලයකු නිර්මාණය කරගැනීම තමයි මම නම් ඒ හා සම්බන්ධ විප්ලවය විදියට දකින්නෙ. වෙළඳපොළ හා වෙනත් බලවේග විසින් පාරිභෝජනවාදය ප්‍රවර්ධනය කරනවා. ඒක ගැටලුවක් නෙමෙයි. බ්‍රෑන්ඩඩ් නිෂ්පාදන හා සේවා අවශ්‍යයි. හැකි අය ඉහළ මට්ටමෙන් පරිභෝජනය කිරීම මුදල් සංසරණයට අත්‍යවශ්‍යයි. ධම්මික පෙරේරා වගේ කෙනෙක් අගලවත්තෙ ගුණවර්ධන බේකරියෙන් පාන් කන එක නිහතමානීකමක් නොවෙන්නට පුළුවන්. ඔවුන්ට ජන්ක් ෆුඩ් කන්නට ආසා නම්, ඔවුන් මැක්ඩොනල්ඩ්ස්වත් යන්න ඕනැ. හෙල්දි ෆුඩ්ස් කියන්නෙ ඉහළ පෙළේ හෝටල්වල ඉහළ මිලකට විකිණෙන ආහාර. සරල ආහාර ඕනැ නම් එවැනි ආහාර සපයන තැනකට යායුතුයි. හෙළ බොජුන් යනවා නම්

මිලියනයක් ආවද?

Image
April 9, 2022   admin   Politics මිලියනයක් ආවද? නැහැ. ඒක ප්‍රශ්නයක් නෙමෙයි. එතෙන්ට බස් දාලා සෙනග ඇද්දෙ නැහැනෙ. අනෙක, නැකැත් බලලා කරපු එකකුත් නෙමෙයිනෙ. මේ අවුරුදු කටේ, දිග නිවාඩුවක් අද්දර, අද වගේ සෙනසුරාදාවක ඔය හොඳටම ඇති. එන්න බැරිවුණ බොහෝ අය විරෝධය එක්ක ඉන්නවා. අරගලය මාළුවා. මහජනයා වතුර. වතුර මාළුවා වෙන්න අවශ්‍ය නැහැ. පහළ පන්තික ජනයා මේකට සහභාගී වුණේ අඩුවෙන්. ඒ ජනයා බලමුළුගැන්විය හැකි දේශපාලන බලවේග මේ උද්ඝෝෂණයෙන් බැහැර කරලායි තියෙන්නෙ. ඒක හොඳ තත්වයක් නෙමෙයි කියන එක මේකෙන් අවබෝධ කරගන්නවා නම් වැදගත්. ජනාධිපති ගෙදර යයිද? නැහැ. ඉඳියි. අලුත් අවුරුද්ද, වෙළඳපොළට තාවකාලිකව ආපු බඩු ආදිය නිසා ආතතිය සමනය වෙලා තමන්ට අල්ලාහිටින්නට පුළුවන් පසුබිමක් හැදෙයි කියලා ඔවුන් හිතනවා. ඒ වුණාට ඒක වෙන්නෙ නැහැ. දැන් තියෙන තත්වය අනුව, ලංකාව බංකොළොත් වෙන එක වළක්වාගන්න ඉතා දුෂ්කරයි. මේ වෙලාවේ වෙන කවුරුහරි බලයට එනවාට වඩා ගෝඨාභයම බලයේ කෑදර ලෙස එල්ලී ඉඳගෙන විනාශය සම්පූර්ණ කරන එක හොඳයි. මොකද, අපි දැන් වලේ වැටිලා ඉවරයි. ගොඩ එන්න කලින් අපි වලේ ගැඹුර හරියට දැනගන්නට ඕනැ. ගෝඨාභයම ඒක පෙන්නන එක හොඳයි. අපි මේ ගනුදෙනුව අන්තිම ස

මේ වන විට පවතින ආර්ථික තත්වය හා දේශපාලනයට එහි ඇති බලපෑම

Image
April 9, 2022   admin   Economy ඊයේ මහාචාර්ය රොහාන් සමරජීව සහ ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු සමග පැය කීපයක අධ්‍යාපනික සාකච්ඡාවක් පැවැත්වූවා. කෙටියෙන් කියනවා නම් තත්වය මේකයි (මේ මා එම සාකච්ඡාවෙන් ලබාගත් අවබෝධය නිසා මෙම අදහස් සම්පූර්ණයෙන්ම එම ආර්ථික විශේෂඥයන්ගේ අදහස් නොවිය හැකි බව කරුණාවෙන් සලකන්න. විශේෂයෙන් වරහන් ඇතුළේ දක්වා ඇති අදහස් මගේය): රජය දැනටත් ප්‍රමාදයි. මෙතෙක් අරගෙන තිබෙන ක්‍රියාමාර්ගත් ප්‍රමාණවත් නැහැ. Too little; too late කියල තමයි මහාචාර්ය රොහාන් සමරජීව කිව්වෙෙ. විධිමත් අන්දමින් රුපියල පාකරන්නැයි කරන ලද ඉල්ලීම් නොතකා හැර හිටිවනම අවිධිමත් අන්දමින් කරන ලද රුපියල අවප්‍රමාණය කිරීම හා දැනට සිදුකරන මුදල් අච්චුගැසීම් ආදී ක්‍රියාමාර්ග හේතුවෙන් රටේ විනිමය ඒකකය වන ශ්‍රී ලංකා රුපියල දැඩි අර්බුදයකට ලක්වී තිබෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස විදේශ ශ්‍රමිකයන් විසින් රටට එවන මුදල් හෙවත් ප්‍රේෂණ ද අඩුවී තිබෙනවා. මේවා ඍජුවම ආර්ථික අපරාධ ලෙස සැලකිය හැකියි. ඒ සම්බන්ධ විමර්ශන කළ යුතුයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපකාර ලබාගැනීම කියන්නේ පූර්ණ විසඳුමක් නෙමෙයි. එක් ක්‍රියාමාර්ගයක් පමණයි. එය වැදගත්. ඒ ව

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ලාංකීය විප්ලවය

Image
  April 8, 2022   admin   Politics අජිත් පැරකුම් ජයසිංහ අර්බුදයේ වර්තමාන අවධිය පටන් ගත්තෙ 2005 සිට උපාධිධාරීන්ට උත්සව පවත්වමින් රජයේ රැකියා දෙමින් මහින්ද රාජපක්ෂ යටතේ විශාල රජයක් හා ඇස්බැන්දුම් සංවර්ධනයක් නිර්මාණය කිරීම හරහා නිර්මාණය වුණ මහින්ද චින්තනයෙන්. අයිඑම්එෆ් එකත් එක්ක ප්ලග් ගලවලා සීයට දහයට වැඩි ගිනි පොළී මූල්‍ය වෙළඳපොළට ලංකාව ගැටගහපු එක ගැන විමල් වීරවංශලා ගහපු කයිවාරු මතකද? ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන්නෙ වෘත්තික සංවිධානයක්. ඔවුන්ගේ මූලික අරමුණ ඔවුන්ගේ වැටුප් හා වරප්‍රසාද රැකගන්න එක. ඒ සඳහා තමයි ඔවුන් ලෝකයට ප්‍රතිපත්ති සම්පාදනය කරන්නෙ. ප්‍රධාන වශයෙන් ඇමරිකාවෙන්, යුරෝපයෙන් ලැබෙන සල්ලි ටික තමන්ගෙ වැටුප් විදියට දාගෙන, උන්ව සතුටු වෙන විදියට ප්‍රතිපත්ති හදලා, ඊට පස්සෙ වැල යන අත එහෙම බලලා ගැලපෙන විදියට පන්දලම ගහන එක තමයි මේ වෘත්තිකයන්ගෙ රස්සාව. කොහොම වුණත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙ වැඩසටහන සාර්ථකයි. මූලික වශයෙන් ගෝලීය ධනවාදයට අවශ්‍ය විදියට ලෝකයෙම වගේ ආර්ථිකයන් මේ වෙනකොට හැඩගස්වගෙන ඉවරයි. ඒක හරියට කර නොගත්ත ලංකාව වගේ රටවල් තමයි ලොකුම අර්බුදවල ඉන්නෙ. 2000 දශකයේ මුල හරියේ ලෝක වෙළඳ සංව

හිස ගිනිගත් අයගේ ඉච්ඡා භංගත්වයේ හෝරාව

Image
  April 8, 2022   admin   Politics – අජිත් පැරකුම් ජයසිංහ කිසිදා හමුවී නැති, ෆේස්බුක් එකේ පවා මා ලොකු විවාදයකට පැටලී නැති, අඩු තරමේ දේශපාලන කාරණයක් චැට් කර හෝ නැති පුද්ගලයකු වන එරන්ද ගිනිගේ මගේ නම ටැග්කරමින් හිටිහැටියේ මා ඔහුගේ ජීවිතයට තර්ජනයක් බව ප්‍රකාශ කිරීම සම්බන්ධ ‘ගිනිගේ චර්යාව’ තේරුම්ගැනීම අවශ්‍යයි. එය මට අදාළ පෞද්ගලික කාරණයක් පමණකැයි මා සිතන්නේ නැහැ. ඔහුගෙන් ප්‍රකාශ වන්නේ කිසියම් ප්‍රවණතාවක්. එවැනි අයගෙ මානසිකත්වය අනුව මට හිතෙන්නෙ ඔහු කරන්නෙ මාව සහ තවත් අයව කාගෙ හරි අවධානයට යොමුකරන එකයි. ඔහු ජනාධිපති උපදේශක කෙනෙකු නිසා හරි නම් ඒ අවධානය යොමුකරන්නෙ ජනාධිපතිට වෙන්න ඕනැ. ජනාධිපතිට මගේ අදහස් යොමුකරනවා නම් මා ඉතා කැමතියි. ඒ වුණාට අපි දන්නවා ජනාධිපති උපදේශකකම කියන්නෙ රස්සා නැති උපාධිධාරීන්ට දෙන සංවර්ධන නිලධාරි තනතුරක් වගේ සැනසිලි තෑග්ගක්ය කියන එක. සමහරුන්ට ජනාධිපති ලේකම් කාර්යාලයේ මේසයක්, පුටුවක් හෝ එහි යාමට අවස්ථාවක්වත් ලැබෙන්නෙ නැහැ. ජනාධිපති උපදේශකකම ලැබෙන අයට කරන්නට අමාරුම වැඩේ තමයි ජනාධිපතිට උපදෙස් දෙන එක. හැබැයි, ජනාධිපති උපදේශක හැඳුනුම්පතයි, විසිටිං කාඩ් එකයි පාවිච්චි කරලා දේශප

වාමාංශිකයන්ගේ අවසාන විසඳුම

Image
  April 6, 2022   admin   Economy   Politics මේ සමග තිබෙන සංවාදයේ ආචාර්ය සුමනසිරි ලියනගේගේ විසඳුම කියවා තේරුම් ගන්න. ආන්තික වාමාංශිකයන්ගේ න්‍යායධරයා වන සුමනසිරි යෝජනා කරන්නේ ණය ගෙවීම අවිධිමත් ලෙස පැහැරහැර, බංකොලොත්භාවය ප්‍රකාශයට පත්කර ජාතික වශයෙන් ගොඩයාමේ සැලැස්මක් සකස් කරන ලෙසයි. මෙහි ‘ජාතික’ යන වචනය ඉතා වැදගත්ය. තනි රටක විප්ලවය සිහිගන්වන මෙය තනි රටක් ලෙස ඉතිහාසයේ ආපස්සට යාමට කරන යෝජනාවකි. කෙසේ වෙතත්, මෙය විධිමත් විසඳුම් යෝජනාවකි. අතිශය දැවැන්ත පරිවර්තනයකි. 2019දී තිබූ ජීවිතය පමණක් නොව මේ වන විට පවා අප සතුව තිබෙන ජීවිතය ද මුළුමනින්ම අතහැර දමා අලුතෙන් පටන්ගැනීමකි. දැනට ස්ථාවරයක් නොමැතිව මඩේ හිටවපු ඉනි සේ වැනි වැනී ඉන්නා ජවිපෙ, ලාල් කාන්ත, ලියනගේ අමරකීර්ති, හරිනි අමරසූරිය වැනි අය මේ විසඳුම සම්බන්ධයෙන් දක්වන ආකල්පය වැදගත්ය. වාමාංශික පක්ෂයක් ලෙස ජවිපෙ බංකොලොත්භාවය ප්‍රකාශ කර ජාතික වශයෙන් රට ගොඩනැගීමේ මෙම මූලෝපාය පිළිගන්නවාද? නැතිනම්, දැනට තිබෙන හොඳම විකල්පය ලෙස අප දකින ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩසටහනක් ඔක්සේ ආර්ථිකය තිරසර සංවර්ධන මාවතට යොමු කරගන්නවාද? (මෙම රූපයේ තිබෙන අනෙකුත් අදහස් ද