Posts

Showing posts from October, 2021

සුන්දර ඉංගිරිසි: බකප් එක

Image
  October 28, 2021   admin   Education බකප් එක දෙනවා කියන එක හැත්තෑගණන්වල තමයි මං මුලින්ම ඇහුවෙ. කාගෙ හරි අදහසකට, ක්‍රියාවකට, එම පුද්ගලයා සතුටට පත්වන ආකාරයෙන් ඉතා හොඳ සහයෝගයක් දෙන එකට තමයි බකප් එක දෙනවාය කිව්වෙ. මෙය තත්සම ඉංග්‍රීසි වචනයක්. ඉංග්‍රීසියේ තිබෙන පහත දැක්වෙන වචනය තමයි, සිංහලේ බකප් එක කියලා භාවිතා කරන්නේ.  කොලින්ස් ශබ්දකෝෂයෙන් එහි අරුත බලන්න buck up – phrasal verb ඉංග්‍රීසියේ මෙය නාමපදයක් ලෙස භාවිතා වන්නේ නැහැ. ඒත්, සිංහලේ එය ක්‍රියාපදයක් ලෙස භාවිතා වන්නේ නැහැ. බකප් කරනවා කියා කියන්නේ නැහැ. ඒ වෙනුවට කියන්නේ බකප් එක දෙනවා කියායි. මතක තියාගන්න, මේ වචනය හැදිලා තියෙන්නෙ back up මගින් නෙමෙයි. ඒත්, මේ වචනය සිංහල භාෂාවේ භාවිතයට ආපු කාලයේ නම් එහි අරුතත් බකප් අරුතට සමීපයි. දැන් නම් බැකප් වැඩිපුර භාවිතා කරන්නේ පරිගණක භාෂාවේදීයි. ඒ අමතර පිටපතක් සේව්කර තබාගැනීමටයි. Adapted from praja.lk

ගුරුවරුන්ට කළ හැකි දේ

Image
  October 25, 2021   admin   Education   Politics අජිත් පැරකුම් ජයසිංහ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද සමග නිර්මාණය වූ කොරෝනා පොකුරුවලින් හා ගුරුවරුන්ගේ දැවැන්ත අරගලයෙන් පසු පාසල් අද සිට හරියට ආරම්භ වේ. මුලින් ආරම්භ වන්නේ ප්‍රාථමික පන්ති පමණි. ගුරු ඉල්ලීම් ලැබුණේ නැතත්, ගුරු අරගලය විසින් ලබාදුන් ජයග්‍රහණ රැසක් තිබේ. පාසල් අධ්‍යාපනය හා ගුරු භූමිකාව පිළිබඳ සමාජ සංවාදය ඒ අතරින් ප්‍රධානය. ඉතා දීර්ඝ කාලයකට පසුව අද පාසල් එන ප්‍රාථමික දරුවන්ට ගැටලු රැසකට මුහුණදෙන්නට සිදුවේ. නිල ඇඳුම්, සපත්තු ආදිය පුංචි වීම ඒ අතරින් ප්‍රධාන ගැටලුවකි. ඒ ගැන සංවේදී වූ අධ්‍යාපන අමාත්‍යාංශය දරුවන්ට නිල ඇඳුම නොමැතිව පවා පාසල් එන්නට අවස්ථාව ලබාදී තිබේ. එය අධ්‍යාපනය පැත්තෙන් අප සිතනවාට වඩා ඉතා වැදගත් තීන්දුවකි. රජය පාසල් පටන්ගැනීමේ ප්‍රතිපත්ති තීන්දුව ගෙන තිබේ. එහෙත්, එතනින් එහාට පාසල් පවත්වාගෙන යාමේ වගකීම තිබෙන්නේ අධ්‍යාපන නිලධාරීන්ට, විදුහල්පතිවරුන්ට, ගුරුවරුන්ට, මාපියන් හා සිසුන්ටයි. රජයෙන් අවශ්‍ය පහසුකම් සියල්ල නොලැබෙන බව ඇත්තකි. එහෙත්, රජය තවමත් නොපිරිහෙළා වැටුප් ගෙවන බව නම් අමතක නොකළ යුතුය. එවැනි තත්වයක් තුළ ගුරුව

වසංගතයට මුවාවී මූලික මානව අයිතිවාසිකම්වලට තට්ටු කිරීමේ තවත් උත්සාහයක්

Image
  October 23, 2021   admin   Human Rights   Politics අජිත් පැරකුම් ජයසිංහ – පැරාගේ විරාමය කොලම, ලංකා පුවත්පත 2020 දෙසැම්බර් 10දාට යෙදුණු ජාත්‍යන්තර මානව හිමිකම් දිනයේ තේමාව වුණේ මානව හිමිකම් දිනයේ තේමාව වන්නේ “වඩා හොඳින් සුවපත් වෙන්න – මානව හිමිකම් වෙනුවෙන් නැගීසිටින්න (Recover Better – Stand Up for Human Rights)” යන්නයි. කොවිඩ්-19 ගෝලීය වසංගතය සමග සම්බන්ධ සුවපත් වීමේ හා කිරීමේ උත්සාහයන්වලදී මානව හිමිකම් තහවුරු කිරීම තමයි එහි අරමුණ වුණේ. මෙය ශ්‍රී ලංකාවට විශේෂයෙන් අදාළ වෙනවා. කොවිඩ්-19 වසංගතය මැඩලීමේ මුවාවෙන් ගනු ලබන ඇතැම් ක්‍රියාමාර්ගවලදී ශ්‍රී ලංකාවේ මානව හිමිකම් නොතකා හරින ප්‍රවණතාවක් දකින්නට ලැබෙනවා. මේ මානව හිමිකම් නොතකාහැරීම කොයිතරම්ද කියනවා නම්, සාමකාමී උද්ඝෝෂණයකට සහභාගී වූ ගුරු සංගම් නායක ජෝසප් ස්ටාලින් ඇතුළු පිරිසක් දඬුවමක් ලෙස නිරෝධායනයට යොමුකරන්නට පොලිසිය කටයුතු කළා. ඒ බොරුවට එරෙහිව සමාජ විරෝධය ගොඩනැගෙද්දී ඊනියා නිරෝධායනය අතරමගම එම පිරිස නිදහස් කිරීමට පොලිසිය කටයුතු කළා. පසුගිය අවුරුද්දේදී මහර බන්ධනාගාරයේ සිරකරුවන් 11දෙනෙකු ඝාතනයට ලක්වුණේ කොවිඩ්-19න් ආරක්ෂාව ඉල්ලා කළ උද්ඝෝෂණ

තෙල් මිල වැඩිකිරීම අනිවාර්යය

Image
  October 11, 2021   admin   Politics අජිත් පැරකුම් ජයසිංහ මේ වනවිට රජය කරනු ලබන සියලු වෙළඳාම් අලාභ ඒවාය. උදාහරණයක් ලෙස, ඉන්ධන, ගෑස් වැනි දේ ආනයනය කර තොග මිලට ලබාදීම නම් සරල වෙළඳ ව්‍යාපාරය කරගන්නටවත් ආණ්ඩුවට බැරිය. මේ වන විට ඛනිජ තෙල් සංස්ථාවේ ණය ගෙවන්නට වෙනම ණය ගන්නට සිදුවී තිබේ. 2020 වසරේදී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව රුපියල් බිලියන 18ක් පාඩු ලැබූ බව සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ පසුගිය දෙසැම්බර් මාසයේදී මව්බිම පුවත්පතට පැවසීය. දැන් ඛනිජ තෙල් සංස්ථාව වෙනුවෙන් ඩොලර් බිලියන 2.5ක විදේශ ණයක් ගැනීමට යයි. විදේශවලින් ණය ලබාගෙන තෙල් පුච්චන්නට අපට පිස්සුද? තෙල් මිල වැඩිකළ යුතුය. ලෝක වෙළඳපොළේ තෙල් මිල සමග ලංකාවේ තෙල් මිල ගැලපිය යුතුය. ඒ අනුව, විදුලි බිල් වැනි අදාළ සියල්ල ප්‍රතිව්‍යූහගත විය යුතුය. ඉන්ධන පරිභෝජනය අවම කිරීමට ද තිබෙන මාර්ගය එයයි. ඉන්ධනවලට සහනාධාර දෙන්නේ පොදු ප්‍රවාහනයට මුවාවෙමිනි. එහෙත්, ඉන්ධන සහනාධාරයෙන් වැඩිම ලාභයක් ලබන්නේ වැඩියෙන් ඉන්ධන පරිභෝජනය කරන ධනවතුන්ය. දුප්පතුන්ට ඉන්ධන සහනාධාරයක් දෙන්නට අවශ්‍ය නම්, වෙනත් ක්‍රමයක් සැකසිය යුතුය. සමස්තයක් ලෙසම, සහනාධාර යාන්ත්‍රණයන් ඍජුව

හමුදා විසුරුවාහරිමු. සාමය ස්ථාවර කරමු.

Image
  October 8, 2021   admin   Military   Politics මේ ලිපිය ලියන්නට හේතු වුණේ  ප්‍රසාද් වැලිකුඹුර  විසින් ෆේස්බුක්හි තබා තිබූ සටහනකුයි. එය මෙසේයි: ගුරුවරු ළමයි ලක්ෂ ගණනකට උගන්වනවා. – රාජ්‍ය සේවයේ වැටුප් වලින් 17.3 ≈ 1/5. සෞඛ්‍ය සේවකයෝ – රෝගීන් ලක්ෂ ගණනකට ප්‍රතිකාර කරනවා. – රාජ්‍ය සේවයේ වැටුප් වලින් 10.9 ≈ 1/10. ත්‍රිවිධ හමුදාව – ??? – රාජ්‍ය සේවයේ වැටුප් වලින් 18.2 ≈ 1/5. මේ කතාව අහපු ගමන් ඔබ කම්පනයට පත්වේවි. සිංහල ජාතිවාදියෝ අපට බනින්නට පටන් ගනීවි. අපි කොටින්ට කඩේ යනවාය, මුස්ලිම් අන්තවාදීන්ට කඩේ යනවාය කියාවි. හමුදාව නැතුව ආරක්ෂාව සලස්වාගන්නේ කොහොමද අසාවි. ඒ සියල්ලට පිළිතුරු මෙම ලිපියේ තියෙනවා. ලංකාවට අවශ්‍ය වන්නේ සාමයයි. රට තුළ සාමය තිරසර කරගන්නේ නම්, මෙතරම් විශාල හමුදාවක් නොවෙයි. හමුදාවක් ඇත්තෙන්ම අවශ්‍යම නැහැ. හොඳ පොලිස් සේවයක්, ආපදා කළමනාකරණ සේවයක්, වෙරළාරක්ෂක සේවයක් සමග සන්නද්ධ හමුදාවක අවශ්‍යතාව සෑහෙන දුරට අවම කළ හැකියි. අවශ්‍ය නම් ස්වේච්ඡා බලකා හා සංදර්ශනාත්මක හමුදාවක් තිබීම නරක නැහැ. මෙරට මහජන මුදලින් 18.2%ක් වියදම් කරන හමුදාවකින් ලංකාවට ඇති වැඩක් නැහැ. මන්ද, එය ඉන්දියාව වැනි රටක හ

දත්තවල වැදගත්කම හා සයිබර් ත්‍රස්තවාදය

Image
  October 1, 2021   admin   Politics   Technology අජිත් පැරකුම් ජයසිංහ “සංඛ්‍යානමය චින්තනය අනාගතයේදී කාර්යක්ෂම පුරවැසිභාවයක් සඳහා කියවීම හා ලිවීම තරමට ම වැදගත් වනු ඇත.” – විද්‍යා ලේඛක එච්.ජී. වෙල්ස් නූතන සමාජයේ ජීවත් වන පුරවැසියන් කියන්නේයනු දත්ත සමග ජීවත් වන ජනතාවක්. දුම්රිය කාලසටහනේ සිට, කාලගුණ තොරතුරු, වෙළඳපොළ මිළ උච්චාවචනයන් ආදී වූ දත්ත රැසක් අප එදිනෙදා භාවිතා කරනවා. ඒ අතර, කොවිඩ්-19 සම්බන්ධ දත්ත මෑත කාලයේදී ඉතා වැදගත් වුණා. අපගේ ජීවිතයට දත්ත සම්බන්ධ වන ආකාරය ඕනෑම කෙනෙකුට තේරුම් ගත හැකි උදාහරණයක් තමයි කොවිඩ්-19 වසංගතය සම්බන්ධ දත්ත භාවිතය. එක්සත් ජාතීන් විසින් වසර 2030 වන විට සාක්ෂාත් කර ගැනීමට අරමුණු කරගෙන තිබෙන තිරසාර සංවර්ධන අරමුණු 17න් 17වන අරමුණ ගෝලීය හවුල්කාරිත්වයට අදාළයි. එහිදී දත්තවල වැදගත්කම විශේෂයෙන් අවධාරණය වෙනවා.  තිරසාර ඉලක්ක 17 සාක්ෂාත් කර ගැනීමේදී රටක ප්‍රතිපත්ති සහ තීරණ ඉතා වැදගත් වෙනවා. ගනු ලබන තීරණ සාක්ෂි මත පදනම් වූ විට ඒවා වඩා නිවැරදි වෙනවා. දත්ත අවශ්‍ය වන්නේ ඒකටයි. උදාහරණයක් ලෙස, කෝවිඩ්-19 පාලනය කිරීම සඳහා කුමන මට්ටමේ සමාජ සම්බාධක පැණවිය යුතුද යන්න තීරණය කිරීමේද

සහල් ප්‍රශ්නයට මහජන විසඳුම කුමක්ද?

Image
  September 29, 2021   admin   Politics අජිත් පැරකුම් ජයසිංහ බත් යනු ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රධාන මූලික ආහාරයයි. සියවස් ගණනක සිට ශ්‍රී ලාංකිකයෝ බත් කෑම සඳහා වී ගොවිතැන කළහ. වී ගොවිතැන හා බත්කෑම වටා නිර්මාණය වූ සංස්කෘතියක උරුමයක් ද අපට තිබේ. මේ කිසිවක් වෙනස් කළ නොහැකි දේ නොවේ. උදාහරණයක් ලෙස හෙළ රජ දරුවන් බත් කෑවාය කියා අප ද බත් මරුවන් වීම අත්‍යවශ්‍ය නැත. එසේම, මිල අඩු ආහාර වර්ග ලෝක වෙළඳපොළෙන් මිලදීගත හැකි නම්, අධික පිරිවැයක් සහිතව වී ගොවිතැනම කර සහල් දේශීයව නිපදවා ගන්නටම අවශ්‍ය ද නැත. කෘෂිකර්මාන්තයේ ඵලදායිතාව නංවාගැනීම සඳහා කළ හැකි බොහෝ දේ තිබේ. එහෙත්, ඒවා එක රැයින් වෙනස් කරන්නට උත්සාහ නොකළ යුතුය. ශ්‍රී ලාංකික සමාජයේ වාමාංශික හා දක්ෂිණාංශික සංරක්ෂණවාදී කොටස් එයට එරෙහිව නැගීසිටීම අපේක්ෂා කළ හැකි තත්වයකි. ලංකාවේ ආණ්ඩුවට තිබෙන තාර්කිකත්වය මේ වන විට වේගයෙන් අහිමි වී යයි. ශ්‍රී ලංකාවේ ආණ්ඩුවල ප්‍රධාන කාර්යයක් වූයේ සුබසාධනයයි. එහෙත්, මේ වන විට, බොහෝ සුබසාධනයන් සිදුකිරීමේ හැකියාව ආණ්ඩුවට අහිමි වෙමින් තිබේ. ආණ්ඩුවේ දේශපාලකයන්ගේ හා රජයේ නිලධාරීන්ගේ හා සේවකයන්ගේත්, රජය සමග කොන්ත්‍රාත් කරන ව්‍යාපාරික