Posts

Showing posts from September, 2021

යුගදනවි සම්බන්ධ විදේශ ආයෝජනය වැරදිද?

Image
  September 25, 2021   admin   Economy අජිත් පැරකුම් ජයසිංහ කෙරවළපිටියේ අක්කර 25ක පිහිටි යුගදනවි බලාගාරය මෙගවොට් 300ක ජනන හැකියාවෙන් යුක්තයි. අදියර දෙකකින් ඉදිකරන ලද මෙම බලාගාරය 2010 පෙබරවාරි මස සම්පූර්ණ කළා. මෙය ඉදිකර තිබෙන්නේ HSBC හරහා ලබාගත් යූරෝ මිලියන 152 ක ණය මුදලක් භාවිතා කරමිනුයි. ඩොලර් මිලියන 250ක මිලකට අවුරුදු 15ක කාලයක් සඳහා යුගදනවි සමාගමේ කොටස්වලින් 40%ක් නිව් ෆෝට්‍රස් එනර්ජි නම් ඇමරිකා එක්සත් ජනපදය පදනම් කරගත් සමාගමකට පවරා තිබෙනවා. මෙම බලගාරයට එල්එන්ජී සැපයීමේ අයිතිය ඒ අනුව එම සමාගමට පැවරෙනවා. දිනකට එල්එන්ජී ගැලුන් මිලියන 1.2ක් පමණ සැපයීමට එමගින් ඔවුන්ට අවස්ථාව ලැබෙනවා. එල්එන්ජී හෙවත් ද්‍රව ස්වාභාවික වායු දහනයෙන් විදුලිය නිෂ්පාදනය කිරීම නොරොච්චෝලේ බලාගාරය වැනි ගල් අඟුරු බලාගාරවලින් විදුලිය නිපදවීමට වඩා පිරිසිදුයි. එල්එන්ජී බලාගාරවලින් නිකුත් කරනු ලබන කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිශතය ගල් අඟුරුවලට සාපේක්ෂව 50%කින් පමණ අඩුයි. බලශක්ති නිෂ්පාදනයේ අනාගතය වන පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් සමග ජාලගත වීමේදීත්, අනාගත කාබන් රහිත බලශක්ති ප්‍රභවයන් වෙත සංක්‍රමණය වීමේදීත් එල්එන්ජී බලාගාර අතිශය

දැවෙන විහඟුන්: සිනමාව රූප සෞන්දර්යය පමණක්ද?

Image
  September 21, 2021   admin   Cinema අජිත් පැරකුම් ජයසිංහ ගම්වල ජීවත් වන මිනිසුන් වන අප ලංකාවේ සම්භාව්‍ය සිනමාකරුවන්ගේ සම්මානලාභී චිත්‍රපට බලන්නෙ දැඩි කැපකිරීමක් කරලායි. දැවෙන විහඟුන් මතුගම ජානකී සිනමා ශාලාවේ ටිකට් අරගෙන බලන්නට උත්සාහ කළත්, සෙනග මදි බව කියා විනාඩි පහකින් දර්ශනය නැවැත්තුවා. ඉන් පසු, චිත්‍රපටය බලන්නට අවස්ථාවක් ලැබුණෙ නැහැ. ඊයේ සිනමාවර්ල්ඩ් චැනල් එකේ දැවෙන විහඟුන් පෙන්නුවා. ඒ නිසා බැලුවා. දැවෙන විහඟුන් ගැන මගේ කැමැත්ත අනුව මං සටහනක් දැම්මා එය දුර්වල චිත්‍රපටයක්ය කියලා. ඒක මගේ විනිශ්චය. විනිශ්චය කියන්නෙ තෝරාගැනීමක්නෙ. ඒ නිසා ඒක පෞද්ගලිකයි. අසාධාරණ ප්‍රකාශයක් වෙන්නත් පුළුවන්. දැවෙන විහඟුන් ජාත්‍යන්තර සම්මාන ලද චිත්‍රපටයක්. ඒ නිසා මා එය දුර්වල චිත්‍රපටයක්ය කියනවා නම්, මා එය පැහැදිලි කළ යුතුයි. දුර්වල චිත්‍රපටයක් නම් එයට සම්මාන ලැබුණේ කොහොමද? දැවෙන විහඟුන් දෙස සුබවාදී ඇසකින් බලනවා නම් එය රූප කාව්‍යයක් ලෙස හඳුන්වන්නට පුළුවන්. එහි සෑම රූප රාමුවක්ම, දර්ශනයක්ම මනාව සැලසුම් කර, සංවිධානය කර, සංරචණය, වර්ණ, ගැඹුර ආදී සියල්ල ඉතා නිර්මාණශීලී ලෙස අපේ ඇසට ඉදිරිපත් කරනවා. රූපය ගැන අධ්‍යක

ඇඳිරි නීති වෙනුවෙන් සටන් කර මර්දනය කැඳවාගත් හැටි

Image
  September 17, 2021   admin   Politics අජිත් පැරකුම් ජයසිංහ පසුගිය අගෝස්තු 20 ලංකාව පුරා ඇඳිරි නීතිය පනවන්නට පෙර දිවයින පුරාම උද්ඝෝෂණ රැල්ලක් පැනනැගී තිබිණි. පොහොර නැති නිසා ගොවීහු උද්ඝෝෂණ කළහ. ගුරුවරු වීදි බැස සිටියහ. කොතලාවල විශ්වවිද්‍යාල පනතට එරෙහිව ශිෂ්‍යයන් අවදි වී තිබිණි. වැඩි වන බඩු මිලට එරෙහිව ජවිපෙ කාන්තා සංවිධාන වීදියට කැඳවා තිබිණි. මේ අතර කොවිඩ්-19 ඩෙල්ටා ප්‍රභේදය වේගයෙන් පැතිර යමින් තිබිණි. රෝගීන්ගෙන් රෝහල් පිරී යාමත් සමග කොවිඩ්-19 රෝගීන් කළමනාකරණය සම්බන්ධයෙන් එදා සිටම පැවති ගැටලුව උත්සන්න විය. රෝගීන් කළමනාකරණය සම්බන්ධ ගැටලුව යනු අන් කිසිවක් නොව ලෙඩුන්ට කිට්ටු වීමට දොස්තරලා ඇතුළු සෞඛ්‍ය සේවකයන්ගේ අධික බියයි. බොහෝ රෝගීන් මියයන්නේ හරිහමන් ප්‍රතිකාරයක් නැති නිසා බව කොවිඩ් වාට්ටුවල සිටි අයත්, සෞඛ්‍ය සේවකයෝත් දනිති. මේ නිසා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය වැනි ආයතන විසින් රට ලොක්ඩවුන් කළ යුතු යයි මතයක් ප්‍රචාරය කළ අතර, විශේෂඥයන් කියන බව කියමින් වාමාංශික පක්ෂ, වෘත්තීය සමිති, සිවිල් සමාජය මෙන්ම ජනමාධ්‍ය, ෆේස්බුක් පෙරළිකාරයන් හා ව

අජිත් නිවාඩ් කබ්රාල් සුබේරි සමග රටට අහිමි කළ ඩොලර් මිලියන 8.5

Image
  September 15, 2021   admin   Crime   Politics මහබැංකුවට අලුතෙන් පත්කරන ලද අජිත් නිවාඩ් කබ්රාල් යනු දේශපාලකයෙකි. ඔහුගේ පත්වීම මහබැංකුව සම්බන්ධ නීතිවලට හා ආචාරධර්මවලට පටහැණිය. රජිත් කීර්ති තෙන්නකෝන් විසින් එම පත්වීම අභියාචනාධිකරණයේදී අභියෝගයට ලක්කර තිබේ. අජිත් නිවාඩ් කබ්රාල් යනු රාජපක්ෂ පවුලේ ඉත්තකු වන වංචනික පුද්ගලයකු බව නොදන්නා කෙනෙකු සිටිය නොහැකිය. ප්‍රෝඩාකාරී රාජපක්ෂ පවුල යළි බලයට පත්කිරීම නම් ඓතිහාසික මුග්ධකම සිදුකළ ලාංකික ජනතාව අජිත් නිවාඩ් කබ්රාල් මහබැංකුවට පත්කිරීම පිළිබඳ එතරම් විමතියට පත්නොවනු ඇත. කබ්රාල්ට චෝදනා රැසක් තිබේ. එක්සත් ජනපදය විසින් අපරාධ වැරදි සඳහා සිරගත කර තිබෙන ඉමාඩ් ෂා සුබේරිට 2014දී ශ්‍රී ලංකාව විසින් එක්සත් ජනපදය තුළ රටේ ප්‍රතිරූපය ගොඩනැගීම සඳහා ඩොලර් මිලියන 8.5ක් මහබැංකුව හරහා ගෙවා තිබේ. එවකට මහබැංකුවේ අධිපති ධුරය හෙබවූයේ අජිත් නිවාඩ් කබ්රාල්ය. කැබිනට් අනුමැතියකින් තොරව සිදුකරන ලද මෙම ගනුදෙනුවේ කතාව කුතුහලය දනවන එකකි. 50 හැවිරිදි ඉමාඩ් ෂා සුබේරි යනු යනු කැලිෆෝනියාවේ ආකේඩියාහි ව්‍යාපාර වස්තු ධනවාදියෙකි. එක්සත් ජනපද දිස්ත්‍රික් අධිකරණයක් විසින් පසුගියදා ඔහු අවු

WHAT IS SRI LANKA’S DEAL WITH ZUBERI

Image
  September 15, 2021   admin   English   Politics Central Bank of Sri Lanka, governed by Ajith Nivard Cabral, in 2014 paid a US agent a massive US $8.5 to build image of Sri Lankan government. This agent was later proven a criminal before a US court and now he is in jail. The agent used much of the money transferred by Sri Lanka for his own luxury. The payment made through the Central Bank of Sri Lanka has not been endorsed by the cabinet of Sri Lanka. There may be some Sri Lankans as well who benefitted from this racket. The government of Sri Lanka hired Zuberi in 2014 to rehabilitate the country’s image in the United States, which had suffered because of allegations that its minority Tamil population had been persecuted. Zuberi promised to make substantial expenditures on lobbying efforts, legal expenses, and media buys, which prompted Sri Lanka to agree to pay Zuberi a total of $8.5 million over the course of six months in 2014. Days after Sri Lanka made an initial payment of $3.5 m

ගෝඨාභය රාජපක්ෂ පෙසප ලුහුබඳින්නේ ඇයි?

Image
  September 13, 2021   admin   Politics රාජපක්ෂ ආණ්ඩු විසින් කිසියම් අපැහැදිලි හේතුවක් නිසා පෙරටුගාමී සමාජවාදී පක්ෂයට එලව එලවා පහරදෙන ආකාරයක් දක්නට ලැබේ. මෙය ඇත්තෙන්ම ආරම්භ වූයේ එම පක්ෂය ජවිපෙන් කැඩී ජන අරගල ව්‍යාපාරය ලෙස ක්‍රියාත්මක වෙමින් සිටියදීය. පෙසප ක්‍රියාධරයන් දෙදෙනෙකු වන ලලිත් හා කුගන් පැහැරගෙන ගොස් අතුරුදහන් කරන ලදී. 2011 වර්ෂයේ දෙසැම්බර් මස 09 වෙනිදා ලලිත් වීරරාජ් හා කුගන් මුරුගානන්දන් යාපනයේදී අතුරුදහන් වූයේ යුද්ධය හේතුවෙන් අතුරුදහන් වූ පුද්ගලයින් සොයා දෙන මෙන් රජයට බල කරමින් මානව හිමිකම් දිනය වෙනුවෙන් යාපනයේ මාධ්‍ය හමුවක් සංවිධානය කරමින් සිටියදීය. මොවුන්ගේ පවුලේ සාමාජිකයින් පැවසුවේ සුදු වෑන් රථයකින් පැමිණි පිරිසක් මොවුන් පැහැරගෙන ගිය බවට තමන්ට දැනගන්නට ලැබුණු බවය. පසුව ඔවුන් ගමන් ගත් යතුරු පැදිය කෝපායි පොලිසියේ තිබී හමුවිණ. මෙම අතුරුදහන් වීම සම්බන්ධ හබයාස්කෝපුස් නඩුවේදී සාක්ෂි විමසීම සඳහා එවකට ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ අධිකරණයට කැඳවන ලද මුත්, අධිකරණ ක්‍රියාමාර්ග හරහා ඔහු එය වළක්වාගැනීමට සමත් විය. ( මූලාශ්‍රය බීබීසී ) ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වීමෙන් අනතුරුව, ගෝ

මහින්ද රාජපක්ෂ නියෝජනය කරන රටයාමේ පෙරේත පාරිභෝජනවාදය

Image
  September 13, 2021   admin   Life   Politics අජිත් පැරකුම් ජයසිංහ ලංකාව දූපතක් වීම නිසාදෝ ලාංකිකයන් විදේශගත වීමට මහත් ඇල්මක් දක්වති. එසේම, ලංකාවෙන් විදේශගත වීම තරමක් දුෂ්කර කාර්යයකි. අතීතයේ නම් කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ටිකට් රැගෙන රාමේශ්වරම් දක්වා යාමේ හැකියාව තිබිණි. තලේමන්නාරම දක්වා දුම්රිය මාර්ගය හදා තිබුණද, යුද්ධය අවසන් වී 12 වසරකට පසු පවා තලේමන්නාරමේ සිට රාමේශ්වරම් දක්වා අතීතයේ තිබුණු බෝට්ටු සේවය ආරම්භ කිරීමට අපි අසමත් වී සිටින්නෙමු. රට යාම ලාංකිකයන්ට වරප්‍රසාදයකි. හේතුව රට යන ලාංකිකයන් ආපසු ලංකාවට එයිදැයි පවතින සැකය නිසා ලොව බොහෝ රටවල් ශ්‍රී ලාංකිකයන්ට වීසා ලබාදීමට මැලිවීමයි. එසේම, ගුවන් ටිකට්පත් සඳහා ද අතිවිශාල වියදමක් දැරීමට සිදුවේ. සාමාන්‍ය ලාංකිකයන්ට විදේශගත වෙන්නට ලැබෙන්නේ මැද පෙරදිග රැකියාවක් හෝ ජීවිත කාලයටම වරක් කරන දඹදිව චාරිකාවක් වැනි අවස්ථාවකදීය. ශ්‍රී ලාංකිකයන්ගෙන් මේ රටෙන් කෙසේ හෝ පළායාමට බලාසිටින ඇතැම් ලාංකිකයන් බෝට්ටුවලින් හෝ යති. ලංකාවේ පොලිසියෙන්, හමුදාවෙන්, ආණ්ඩුවෙන් කරදර බව කියා දේශපාලන රැකවරණ ලබාගන්නා පිරිසක් ද සිටිති. (ලිපියේ ඉතිරිය ඡායාරූ‍පයෙන් පසු) එහෙ

IS IT RIGHT TO OBTAIN A FOREIGN LOAN OF $ 2.5 BILLION FOR PETROLEUM?

Image
September 12, 2021   admin   Economy   English Sri Lanka’s cost of crude oil and refined products imports in 2021 is projected to be $2.5 billion, roughly benchmarking a barrel of crude oil at $59, according to Ceylon Petroleum Corporation (CPC). In 2019, Sri Lanka spent $2.7 billion on petroleum. The prices in the local markets are higher than in the world market. CPC has an employee cadre of over 2,700 in 2018, according to the year’s annual report. CPC supplies 1,278 fuel stations islandwide while the other player in the market Lanka Indian Oil Corporation (LIOC) supplies 202 fuel stations. Importing crude oil or refined products, refining crude old and selling in a dominant market with only one competitor whose growth is restricted is not a very complicated business. The retail prices are always higher compared to the crude oil prices in the world market. Chairman of Advocata Institute Murtaza Jafferjee pointed out that “Even after the price hike, diesel is sold at a loss of four r

මහාචාර්ය ඩබ් .ඩී. ලක්ෂ්මන් කිව්වේ ඇත්තද? බොරුද?

Image
  September 12, 2021   admin   Economy   Life ඩබ්.ඩී. ලක්ෂ්මන් මහාචාර්යවරයා වාමාංශික අදහස් දරන කෙනෙකි. ඔහු කලක් සමාජ විද්‍යාඥයන්ගේ සංගමයේ සභාපතිත්වය ද දැරුවේය. එය වනාහි කුමාරි ජයවර්ධනගේ මූලිකත්වයෙන් බිහිවූ සංවිධානයකි. 1970-77 යුගයේ ආර්ථික මූලෝපාය ගැන ලක්ෂ්මන්ට සුබවාදී දැක්මක් තිබුණු බව පෙනේ. අසූහැවිරිදි වියට ළංවෙමින් සිටින මෙම පුද්ගලයා මහබැංකු අධිපතිකමට යෝජනා කර තිබෙන්නේ ආර්ථික ඝාතකයකු යයි විමල් වීරවංශ විසින් පවා හඳුන්වාදෙන ලද ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර විසිනි. 2015 මැතිවරණ පරාජයෙන් පසු නිකවැරටිය පැත්තේ කාබනික ගොවිතැන කරමින් සිටි බව කියන ජයසුන්දර සිය විනෝදාංශය රටට ආදේශ කර මේ වන විට ශ්‍රී ලංකාවේ ආහාර නිෂ්පාදනය පවා ඝාතනය කර හමාරය. ඔහුත්, ඔහුගේ ප්‍රධානීන් වන ඇමරිකානුවනුත් ලංකාවේ ආර්ථික ජීවිතය ඝාතනය කිරීමෙන් කුමක් අපේක්ෂා කරන්නේදැයි පැහැදිලි නැත. එහෙත්, මේ ලිපියේ අරමුණ වන්නේ පී.බී. ජයසුන්දර කතා කළ විට පෙරේතකමට මහ බැංකු අධිපතිකම භාරගත් ඩබ්.ඩී. ලක්ෂ්මන් නම් වාමාංශික මහලු පුද්ගලයාට වෙච්ච දේ කෙරෙහි අවධානය යොමුකිරීමටයි. සති දෙකක සිට ඇතිවූ සිත් රිදවීම් නිසා ඔහු ඉල්ලා අස්වන බව කියයි. සිත් රිද

IMF ALTERNATE EXECUTIVE DIRECTOR POSITION THAT PROF. W.D. LAKSHMAN REJECTED

Image
  September 11, 2021   admin   Economics   Economy   English Prof. W.D. Lakshman, Governor of Central Bank of Sri Lanka has decided to retire ‘prematurely’, however, at the age of 80 years, due to certain worries that he declines to reveal. His bosses in the Rajapaksa family have been alleged of notorious behaviour against some officials and it is yet to be revealed what they have done to this old man to make him so distressed to vacate the post. Meanwhile, the Rajapaksas are going to appoint a practising politician, present State Minister Ajith Niward Cabral as Lakshman’s successor. Opposition MP Eran Wickramarathna said that such a move was illegal. In his Zoom press briefing, the outgoing Governor said that he had declined a lucrative offer from IMF to accept the post of Alternate Executive Director, due to his policies and principles. The background of the academic shows that he was a Marxist who even held the post of Chairman of the leftist Social Scientists’ Association (SSA) of

වසංගතය, දෛනික විද්‍යාව හා අනාගතවාදී විද්‍යාව

Image
  September 7, 2021   admin   Life අජිත් පැරකුම් ජයසිංහ මං ඇඳිරි නීතිවලට දැඩි ලෙස විරුද්ධ කෙනෙක්. ඇඳිරි නීති ප්‍රවර්ධනය කරන වෛද්‍ය විද්‍යාවටත් මං විරුද්ධයි. මිනිසා වැනි සමාජ සත්වයෙකුට බිත්තර කටුවක් තුළ හැංගිලා කොවිඩ්-19 වැනි වසංගතයක් පරාජය කරන්නට පුළුවන්ය කියා මං විශ්වාස කරන්නෙ නැහැ. මං පෙනී ඉඳින්නෙ මාස්ක් දාගෙන වයිරස්වලින් බේරෙන්න හදන දෛනික (day-to-day) විද්‍යාවක් වෙනුවෙන් නෙමෙයි. වයිරස් එක්ක සටන් කරන්න පුළුවන්, එහෙම සටන් කරලා වයිරසය පරාජය කරන්නට පුළුවන් හා එයට ඔරොත්තු දෙන්නට පුළුවන් මිනිසුන්ගෙ ජාන මිනිස් වර්ගයා වෙනුවෙන් ඉදිරියට ගෙන යන විද්‍යාවක් වෙනුවෙන්. ඒක දෛනික විද්‍යාවක් නෙමෙයි. අනාගතවාදී විද්‍යාවක්. විද්‍යාව විසින් කොවිඩ්-19ට එරෙහිව සටන් කරන්නට නිර්මාණය කරගත් ප්‍රධාන මෙවලම වන එන්නත ලංකාවේ දේශපාලනීකරණය වුණා. නිලධාරීන් හා දේශපාලකයන් එන්නත සොරකම් කළා. මරණ අවම කරන්නට ඕනැ නම් ප්‍රමුඛ පදනමින් එන්නත දිය යුතුව තිබුණේ වයස අවුරුදු 60ට වැඩි වැඩිහිටියන්ට හා බහුවිධ රෝගාබාධ සහිත අයටයි. ලංකාවෙ එහෙම කළේ නැහැ. දැන් මහළු අය හා බහුවිධ රෝගාබාධ සහිත අය බුරුතු පිටින් මැරෙනවා. එන්නත් මාත්‍රා දෙකම දුන්

පෝන් සුලබ වීම නිසා ලිංගිකත්වයේ රසය අඩුවෙනවාද?

Image
  September 3, 2021   admin   Politics අජිත් පැරකුම් ජයසිංහ ශ්‍රී ලංකා පොලිසිය විස්මිත වේගයකින් ක්‍රියාත්මක වෙමින් පහන්තුඩාව ඇල්ල අසල එළිමහන් ලිංගික වීඩියෝවක පෙනී සිටි තරුණිය හා තරුණයා අත්අඩංගුවට ගෙන තිබේ. ඒ සඳහා තම තාක්ෂණික විමර්ශන හැකියාව උපරිමයෙන් යොදාගෙන තිබේ. මේ හැකියාව පාස්කු ප්‍රහාරය සමග තිබෙනවා යයි කියන කුමන්ත්‍රණය විමර්ශනය කරන්නටත් යොදාගන්නට කිසිදු බැරිකමක් නැත. එහෙත්, එසේ කරනවාද? කෙසේ වෙතත්, පහන්තුඩාවේ සිදුවීම නිමිති කරගෙන ලිංගිකත්වය පිළිබඳ මේ වනවිට සමාජයේ විශාල සංවාදයක් නිර්මාණය වී තිබේ. එය ඉතා වැදගත්ය. එසේම, මෙවැනි ලිංගික පෝන් දර්ශනයක් සම්බන්ධයෙන් පවතින නීතිය ද සාකච්ඡාවට භාජනය වේ. අශ්ලීල සහ අසභ්‍ය යයි කියන ප‍්‍රකාශන සම්බන්ධ නීති පිළිබඳ එය වැදගත් සාකච්ඡාවක් වනු ඇත. නිරුවත් රූ දෙස බලා ලිංගිකව සතුටු වීම හා වෙනත් අය ලිංගිකව හැසිරෙන ආකාරය දෙස බලා ලිංගිකව සතුටු වීම ඉංග්‍රීසියෙන් හැඳින්වෙන්නේ වයර්රිස්ම් හෙවත් voyeurism කියායි. එවැනි අපභ්‍රංස නමක් එයට දමන්නට ඇත්තේ එය අසාමාන්‍ය ක්‍රියාවක් ලෙස සැලකුණු නිසා විය යුතු ය. ස්කොපොෆීලියා යයි කියන්නේ ද මෙයට ම ය. එයට සිංහලෙන් දර්ශකාමය දර්ශන ක