Posts

Showing posts from February, 2021

අප්පච්චි මළෝ කොමිසන් ගැන කිව්ව කවිය හරියට

Image
  February 27, 2021   admin   Art   Literature   Poetry පාස්කු කොමිෂන් සභාව ගැන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුනි සොයිසා ඊයේ සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී රැස්වීමෙන් පසු අපූරු කවියක් මතක් කළා. ඔහු එහි පද කිපයක් අපිළිවෙලට සඳහන් කළත්, ඒ කවිය නිසි පිළිවෙලට ගත් කල ඇත්තෙන්ම මේ කොමිෂන් සභා ගැන සදය උපහාසයක්. කවිය මෙහෙමයි: කොළඹ යුගයේ කීර්තිමත් කවියකු වූ බොරලැස්ගමුවේ ජී. එච්. පෙරේරා එදා මෙම කවිය කිව්වේ හැම දෙයක් ගැනම කොමිසම් පත්කිරීම ගැන සරදමටයි. හොද්ද ලුණු වැඩි නිසා අඹුවට ගෙහිමියා සැර වූ සැටී බැද්ද මාළුව හොරෙන් කෑවට කුස්සි අම්මා ලද ගුටී රෙද්ද ඉරිලා හාමිනේගේ දාසි සරදම් කළ සැටී නැද්ද කොමිසම් සභාවට තව කීවේ කවුරුත් වැඳ වැටී බොරැලැස්ගමුවේ ජී.එච්. පෙරේරා (1896-1948) ගුරුවරයෙක් හා විදුහල්පතිවරයෙක්. සමස්ත ලංකා ජාතික ගුරු සංගමයේ හා සමස්ත ලංකා සිංහල කවි සමිමේලනයේ සභාපති ලෙසද අගනුවර තරුණ කවි සමාජයේ අනුශාසකවරයෙකු ලෙසද කටයුතු කළ ඔහු හිටිවන කවියෙහි ද දක්ෂයෙක්. බේබදු ගෙදර, පරලොවට පණිවිඩයක්, සුදුඅන්තුවා, කුරක්කන් හේන, බුද්ධ ස්තෝත්‍ර හෙවත් බුදුරජාණන් වහන්සේ වැනි පද්‍ය හා ගද්‍ය කෘති රචනා කළේ ඔහුයි. කු

කොවිඩ් මළසිරුරු බලෙන් පිච්චීම හා ජාත්‍යන්තර බලපෑම මත වළලන්නට ඉඩදීම

Image
  February 26, 2021   admin   Human Rights   Politics අවසානයේදී ශ්‍රී ලංකා ආණ්ඩුව ජාත්‍යන්තර ප්‍රමිතිවලට අනුගත වෙමින් කොවිඩ්-19 මළසිරුරු බලෙන් ආදාහනය කිරීමේ ප්‍රතිපත්තියෙන් ඉවත් වී තිබේ. මළසිරුරු පිළිස්සීම නොකරන සිංහල, දෙමළ, ක්‍රිස්තියානි ආදී තවත් ප්‍රජාවන් සිටියත්, මෙම ප්‍රශ්නය දැඩි ලෙස මතුකළේ මෙරට මුස්ලිම් ජනතාවයි. එසේම, මෙම බලහත්කාරය ප්‍රවර්ධනය කළේ ද මුස්ලිම් විරෝධී ජාතිවාදීන්ය. මුස්ලිම් විරෝධී බොහෝ දෙනා අමතක කරන කාරණය වන්නේ කොවිඩ්-19න් මියගිය ලාංකිකයන් අතර මුස්ලිම් ප්‍රජාවට අයත් පිරිස විශාල සංඛ්‍යාවක් බවයි. රජයේ සෞඛ්‍ය බලධාරීන් ආණ්ඩුවටත් වඩා ආන්තික වෙමින්, අනම්‍ය ලෙස සිටි ස්ථාවරය දැන් වෙනස් කර තිබේ. ඒ දිනවල ඔවුන් තර්ක කළේ කොවිඩ් මළසිරුරු ආදාහනය කළහොත් භූගත ජලයට වයිරසය එකතු වන බවයි. විද්‍යාත්මක වශයෙන් සනාථ නොවූ මෙම තර්කය ඇතැම් බලවේග විසින් ජාතිවාදීන් අතර ජනප්‍රිය වීම සඳහා පාවිච්චි කරන ලදී. අවසානයේදී ආණ්ඩුවට මෙම තීරණය වෙනස් කිරීමට සිදු විය. මේ තරම් සුළු අභ්‍යන්තර ප්‍රශ්නයක් විසඳාගැනීමට පවා ජිනීවා මානව හිමිකම් සභාවේ ඒ පිළිබඳ සඳහන් වනතුරු අසමත් වන පාලකයන්ට රටේ ප්‍රශ්න ජාත්‍යන්තරකරණය වී

එන්නත ගත්තාම ඉන්න ඕනැ විදිය (WHO උපදෙස් ඇසුරෙන්)

Image
  February 26, 2021   admin   Health මේ දිනවල රටේ ඇතැම් තැන්වල කෝවිඩ්-19 එන්නත ලබාදෙනවා. එන්නත ලබාදෙන ආකාරයේ කිසිදු පිළිවෙලක් නැහැ. ඒ නිසා මහජනතාවට රස්තියාදු වෙන්නට සිදුවෙලා. බලපුළුවන්කාරයන් පෝලිම් පැන ගොස් එන්නත ලබාගන්නවා. කෙසේ වෙතත්, මහජන මුදලින් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනිකා එන්නත ආනයනය කරන්නටත්, එය ජනතාවට ලබාදෙන්නටත් රජය තීරණය කර අවසන්. ඒ සඳහා ප්‍රතිපත්තියක් සකසාගත යුතුයි. ඒ ප්‍රතිපත්තිය කුමක්දැයි පුරවැසියන් දැනගත යුතුයි. ලංකාව කියන්නේ සෞඛ්‍ය සේවකයන්ටත් කලින් රටේ දේශපාලන නායකයන් හොරෙන්ම එන්නත ලබාගත් බව පෙනෙන රටක්. දේශපාලකයන් මහජනතාවට කලින් විලිලජ්ජා නැතුව කලින්ම එන්නත ලබාගත් රටක්. ඒ නිසා පුරවැසියන්ට තමන්ගේ මුදලින් ආනයනය කරන ලද එන්නත ලබාගන්නට පවා සටන් කරන්නට සිදුවෙලා. එය කණගාටුදායක තත්වයක්. එහෙත්, එම තත්වය වෙනස් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙමු. එන්නත ලබාගැනීමෙන් පසු සිදුවිය හැකි දේ ගැන අවබෝධ කරගන්න. මෙම තොරතුරු සඳහා මූලාශ්‍රය ලෝක සෞඛ්‍ය සංවිධානයයි. එන්නත්වල විවිධ අමුද්‍රව්‍ය අඩංගු වෙනවා. කල් තබාගන්නා ද්‍රව්‍ය, ස්ථායීකාරක, මිශ්‍ර වීම පහසු කරන රසායනික, අවෂේප, සහ සමහර අවස්ථාවල තනූකකාරක හෝ

සාලිය පීරිස්ගේ ජයග්‍රහණය තේ කෝප්පයේ කුණාටුවක් පමණක්ද?

Image
  February 25, 2021   admin   Law මේ සමග පළවන ඡායාරූපය අප අධිනීතීඥ සාලිය පීරිස්ගේ ෆේස්බුක් පිටුවෙන් උපුටාගෙන මෙහි පළ කළේ විශේෂ හේතුවක් මතය. නිකවැරටිය අධිකරණ භූමිය අසල පිහිටා ඇති මෙම නීතීඥ කාර්යාල විසින් නීති වෘත්තිය ගැන කතාවක් නිහඬව කියයි. ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නව සභාපති සාලිය පීරිස් මහතා ඒ පිළිබඳ සංවේදී විය යුතුය. නීති වෘත්තිය තුළ සිදුවිය යුතු සංවර්ධනයන් රැසක් තිබේ. “නීතීඥ සංගමය කියන්නෙ මට ඡන්දෙ දීපු නීතීඥවරුන් විතරක් නෙමෙයි. මට ඡන්දෙ නොදීපු නීතීඥවරුනුත් මේ සංගමේ සාමාජිකයන් වෙනවා. සභාපති වශයෙන් මා බලාපොරොත්තු වන්නේ මුළු සංගමයේම සියලු සාමාජිකයන්ගේ සභාපති වෙන්න. නිලවරණ කාලෙ බොහෝ දේ වෙනවා. අපි ඒවා අමතක කරන්න ඕනැ. ඒ හිත් රිදීම් අමතක කරලා ඉදිරියට යන්නට ඕනැ,” යි නිලවරණය ජයගැනීමෙන් පසු ජනාධිපති නීතීඥ සාලිය පීරිස් පැවසීය ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මෙම ප්‍රකාශය කළ දිනයේම දහවල් පැවැත්වුණු පාර්ලිමේන්තු රැස්වීමේදී දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යන් රාසමානික්කම් මන්ත්‍රීවරයා පසුගිය සැප්තැම්බර් මාසයේදී භාරදුන් ප්‍රශ්නයකට පිළිතුර පමාවීම පිළිබඳ ප්‍රශ්න කළවිට ආණ්ඩු පක්ෂයේ සංවිධායක

අයිතිය වෙබ් අඩවිය සමග ප්‍රජා සංස්කාරක (වීඩියෝ)

Image
  February 24, 2021   admin   Video සමාජ මාධ්‍ය ආචාරධර්ම හා භාවිතාව පිළිබඳ ඇත්ත ගැටලුවක් තිබෙනවා. සමාජ මාධ්‍ය යුගයේ මාධ්‍යකරුවා හා පුරවැසියා අතර පරතරය අවම වී තිබෙනවා. අද වන විට, සමාජ මාධ්‍යවල තිබෙන පහසුකම් නිසා ඕනෑම පුරවැසියෙකුට මාධ්‍යකරුවකු බවට පත්වෙලා මාධ්‍යවේදියකුගේ මට්ටමෙන්ම හෝ සමහර විට ඊටත් වඩා පිරිසක් වෙත සන්නිවේදනය වන පරිදි මාධ්‍යකරණයේ යෙදෙන්නට පුළුවන්කම තිබෙනවා. බොහෝ වෙලාවට මේ සමාජ මාධ්‍ය/ පුරවැසි මාධ්‍ය හසුරුවන්නේ මාධ්‍ය පිළිබඳ පුහුණුවක් තිබෙන අය නෙමෙයි. ඔවුන් ඇතැම් විට මාධ්‍ය සම්බන්ධ අවම මූලික පුහුණුව හෝ ලබා නැහැ. මාධ්‍ය සම්බන්ධ ඉවකින් තමයි ඔවුන් කටයුතු කරන්නේ. ඔවුන් සතුව තාක්ෂණික දැනුම හා මාධ්‍ය ඇසුරු කිරීමෙන් ලබාගත් අත්දැකීම් තිබෙනවා. මේක අලුත්ම තත්වයක් නෙමෙයි. ලංකාවේ අතීතයේ පටන්ම විධිමත් මාධ්‍ය අධ්‍යාපනයක් තිබුණෙ නැහැ. එහෙත්, සංස්කාරක භූමිකාවෙ අඩුව නිසා, එහෙම නැතිනම්, මාධ්‍යකරුවා විසින්ම සංස්කාරක භූමිකාව ද ඉටුකිරීම නිසා ගැටලු ඇතිවෙනවා. එය විසඳිය නොහැකි ප්‍රශ්නයක් නෙමෙයි. පොදුවේ සමාජයට මාධ්‍ය සාක්ෂරතාව හා මාධ්‍ය පිළිබඳ අධ්‍යාපනයක් ලබාදිය හැකියි. එසේම, හඳුනාගත්, කැපීපෙනෙන සම

පාස්කු කොමිෂමේ අරමුණ මොකක්ද?

Image
  February 23, 2021   admin   Crime   Politics පාස්කු ඉරිදා ප්‍රහාරය නමින් ප්‍රකට 2019 අප්‍රේල් 21 දින ඉස්ලාම් අන්තවාදීන් පිරිසක් විසින් ක්‍රිස්තියානි දේවස්ථාන හා හෝටල් කිහිපයකදී එල්ලකරන ලද මරාගෙන මැරෙන ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කිරීම සඳහා පත්කරන ලද කොමිෂන් සභාවේ වාර්තාව නිකුත් වී තිබේ. දැනට හෙළිදරව් වී තිබෙන ආකාරයට එහි තිබෙන ආන්දෝලනාත්මකම නිර්දේශය වන්නේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව අපරාධ චෝදනා ගොනුකිරීමයි. පාස්කු ප්‍රහාරය පිළිබඳ ඉන්දියාවෙන් ලැබුණු තොරතුරු මත පදනම්ව ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් ජාතික ආරක්ෂාව භාර ජ්‍යේෂ්ඨ නිලධාරීන් හා අවසානයේදී ආරක්ෂක ඇමතිවරයා ලෙස ජනාධිපතිවරයා වගකිවයුතු බැවින් ඔහුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත යුතුය. එහෙත්, රාජපක්ෂවරුන් මෙම කොමිෂම පත්කිරීමේ අරමුණ 2014දී තමන්ට පිටුපෑ මෛත්‍රීපාල සිරිසේනගෙන් පළිගැනීම පමණකැයි කියා කෙනෙකුට තර්ක කරන්නට පුළුවන. ඉස්ලාම් අන්තවාදී සංවිධාන මෙන්ම බොදුබල සේනාව ද තහනම් කරනවා නම් හොඳය. තවත් යම් වැදගත් නිර්දේශ ද එහි තිබෙන බව පෙනේ. එහෙත්, ප්‍රහාරයෙන් මියගිය අය, තුවාල ලද අය හා ඔවුන්ගේ පවුල්වලට යුක්තිය ඉටුවී තිබේද? එහෙත්, පා

ලන්ඩනයේ කළු බැලුන් හා වර්ග සංහාර චෝදනා

Image
  February 22, 2021   admin   Human Rights   News   Tamil එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සභාවේ 46වන සැසිවාරය 2021 පෙබරවාරි 22දා ආරම්භ විය. ඒ නිමිති කරගෙන ලන්ඩනයේ දෙමළ ක්‍රියාකාරිකයන් විසින් දියත් කරන ලද කළු බැලුන් විරෝධතාවක ඡායාරූප කිහිපයක් ටැමිල් ගාඩියන් වෙබ් අඩවියෙහි පළ කර තිබිණි. ශ්‍රී ලංකාවේ සංචාරක ප්‍රචාරණ පාඨය වන So Sri Lanka අනුකරණය කරමින් සකස්කරන ලද I am Sri Lanka. I am so Genocide යන පාඨය එම බැලුන්වල මුද්‍රණය කර තිබිණි. මෙම වාක්‍යය ව්‍යාකරණානුකූලව නම් I am so genocidal විය යුතු යයි සිතමු. කෙසේ වෙතත්, මෙම ප්‍රචාරණයෙන් දෙමළ ක්‍රියාකාරිකයන් උත්සාහ කරන්නේ ශ්‍රී ලංකාව වර්ග සංහාරයක යෙදුණු බව පෙන්වීමටයි. වර්ග සංහාර චෝදනාව ඉතා භයානක එකකි. එය මනුෂ්‍යත්වයට එරෙහි දරුණුම අපරාධය ලෙස සැලකිය හැකිය. යම් ජන කොට්ඨාසයක පැවැත්ම අහෝසි කරදැමීමේ අරමුණින් එම ජනවර්ගය ඝාතනය කිරීම වර්ග සංහාරයයි. 1951 ජනවාරි සිට ක්‍රියාත්මක වන 1948 දෙසැම්බරයේදී සම්මත කරගන්නා ලද වර්ග සංහාරය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතිය අනුව, ජාතික, වාර්ගික හෝ ආගමික කණ්ඩායමක් සමස්තයක් ලෙස හෝ කොටසක් ලෙස විනාශ කිරීමේ අරමුණින් සිදුකරනු ලබන ප

කොවිඩ්-19 සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු ලබාදෙනු

Image
February 22, 2021   admin   Governance   Health බිම් මට්ටමෙන් වාර්තා වන කොවිඩ් මරණ සංඛ්‍යාව හා රජයේ ජාතික මට්ටමේ නිල සංඛ්‍යාලේඛන අතර වෙනස්කම් තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. මෙම සැකය වෙනත් අංශ විසින් ද මතුකර තිබේ. නිල සංඛ්‍යාලේඛන අනුව පවා මේ වන විට දිනකට රෝගීන් දහසකට ආසන්නව ද, මරණ දහයකට ආසන්නව ද හමුවන දින තිබේ. ජනගහනයෙන් සෑම මිලියනයකටම මරණ සංඛ්‍යාව පසුගිය ජනවාරි මාසයේදී 13ක මට්ටමේ සිට වර්තමානයේදී 19දක්වා ඉහළ ගොස් තිබේ. මේ වන විට ලෝකයේ කොවිඩ්-19 ප්‍රස්ථාරයේ වක්‍රය පහතට නැඹුරු වෙමින් තිබෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත ඉදිරිපුවරුවෙන් පෙනේ. (1 රූපය බලන්න) කොවිඩ්-19 ලෝක ප්‍රස්ථාරයේ වක්‍රය පහතට හැරෙමින් ඇමරිකා එක්සත් ජනපදය, ඉන්දියාව, බ්‍රසීලය, ඉතාලිය, රුසියාව, එක්සත් රාජධානිය වැනි වේගයෙන් කොවිඩ්-19 පැතිර ගිය රටවල ද ප්‍රස්ථාරයේ වක්‍රය පහළට නැඹුරු වී තිබේ. (2 රූපය) කොවිඩ්-19 වේගයෙන් පැතිරුණු රටවල ප්‍රස්ථාරවල වක්‍රයන් පහතට හැරෙමින් එහෙත්, ශ්‍රී ලංකාව පවතින්නේ අර්බුදකාරී තත්වයක බව ශ්‍රී ලංකාව සම්බන්ධ ප්‍රස්ථාරය පෙන්නුම් කරයි. (3 රූපය බලන්න) රී ලංකාවේ කොවිඩ්-19 තත්වය තවමත් අවිනිශ්චි

ජිනීවා ගැන විගණනයක් අවශ්‍ය නැද්ද?

Image
  February 20, 2021   admin   Human Rights   International අජිත් පැරකුම් ජයසිංහ – 2021 පෙබරවාරි 21 අනිද්දා පුවත්පතේ ද පළවිය ලංකාවේ මිනිසුන්ට ජිනීවා කියන්නේ හුදු ස්විට්සර්ලන්තයේ නගරයකට එහා ගිය දේශපාලන අරුතක් දෙන වචනයක්. මානව හිමිකම්, යුද අපරාධ, අතුරුදහන්වීම්, ජාතික ප්‍රශ්නය, දේශපාලන විසඳුම් ආදිය සමග ජිනීවා සම්බන්ධයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය (UNHRC) කියන්නේ එක්තස් ජාතීන්ගේ සංවිධානයේ අන්තර් රාජ්‍ය ආයතනයක්. මානව හිමිකම් සම්බන්ධ සියලු ප්‍රශ්න හා තේමා සාකච්ඡා කිරීමේ අයිතිය මෙම සභාවට තිබෙනවා. සෑම වසරකම මාර්තු, ජූනි හා සැප්තැම්බර් මාසවල සාමාන්‍යයෙන් මානව හිමිකම් සභාව රැස්වෙනවා. මාර්තු සැසිය සති හතරක් හා සෙසු සැසි සති තුනක් පැවැත්වෙනවා. 2021 පෙබරවාරි 22 සිට මාර්තු 23 දක්වා පැවැත්වෙන්නේ මානව හිමිකම් සභාවේ 46වන සැසිවාරයයි. එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් කාර්යාලය (OHCHR) මානව හිමිකම් කවුන්සලයේ ලේකම් කාර්යාලය ලෙස සැලකෙනවා. එය ලෝක සෞඛ්‍ය සංවිධානය, එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල, ජාත්‍යන්තර කම්කරු සංවිධානය වැනි එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන 36ක් අතරින් එකක්. මෙම නියෝජිතායතන අද වන විට බුද්ධිමය වෘත

එක්සත් ජාතීන්ගෙන් සෞඛ්‍ය හිමිකම් ඕනැ; මානව හිමිකම් එපා

Image
  February 19, 2021   admin   Human Rights   Life අජිත් පැරකුම් ජයසිංහ, පැරාගේ විරාමය – ලංකා පුවත්පත, 2021 පෙබරවාරි 21 මේ මොහොතේ ලංකාවේ බොහෝ දෙනෙක් හිතන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානය කියන්නේ බටහිර ජාතීන්ගේ උවමනාවන් ඉටු කර ගැනීමට පිහිටුවා තිබෙන ආක්‍රමණික සංවිධානයක්ය කියායි. හේතුව තමයි ජිනීවා. හැම අවුරුද්දකම දෙතුන් වතාවක් ශ්‍රී ලංකාවෙ මාධ්‍ය, දේශපාලනඥයන් හා සිවිල් සමාජය ජිනීවා දෙස බලනවා. ශ්‍රී ලංකාවේ මිනිසුන්ට ජිනීවා කියන්නේ හුදු ස්විට්සර්ලන්තයේ නගරයකට එහා ගිය දේශපාලන අරුතක් දෙන වචනයක්. මානව හිමිකම්, යුද අපරාධ, අතුරුදහන්වීම්, ජාතික ප්‍රශ්නය, දේශපාලන විසඳුම් ආදිය සමග ජිනීවා සම්බන්ධයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සභාව (UNHRC) කියන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අන්තර් රාජ්‍ය ආයතනයක්. මානව හිමිකම් සම්බන්ධ සියලු ප්‍රශ්න හා තේමා සාකච්ඡා කිරීමේ අයිතිය මෙම සභාවට තිබෙනවා. සෑම වසරකම මාර්තු, ජූනි හා සැප්තැම්බර් මාසවල සාමාන්‍යයෙන් මානව හිමිකම් සභාව රැස්වෙනවා. මාර්තු සැසිය සති හතරක් හා සෙසු සැසි සති තුනක් පැවැත්වෙනවා. සාමාජික රාජ්‍යයන් තුනෙන් එකක් විසින් ඉල්ලීමක් ඉදිරිපත් කළහොත්, මානව හිමිකම් ගැටලුවක් ස

BIMSHANI JASING ARACHCHI – THE FIRST WOMAN DEPUTY INSPECTOR GENERAL OF SRI LANKA POLICE

Image
  February 19, 2021   admin   English   Life   People Mrs. Bimshani Jasing Arachchi was promoted as Sri Lanka’s first woman Deputy Inspector General (DIG) in October 2020, creating history in Sri Lanka’s 154 years old police service.   The march of DIG Bimshani Jasing Arachchi in her career in police service is an example to Sri Lanka’s women. She is presently the DIG in charge of police administrative grievances division and called as police ombudsman.  “I am from Weeraketiya in Hambanthota district,” DIG Bimshani Jasing Arachchi started to tell us her exciting story. She was born into a family of ten children. She received her primary education in Meegasara Maha Vidyalaya and learned in Tangalle Girls’ College up to Advanced Level examination. She remembered thankfully the guidance she received from her parents and grandparents. “They did everything to provide us with a good education. Now, all my siblings are graduates. They are employed in medical, engineering and administrative fi