Posts

Showing posts from November, 2020

අලුත් වීඩියෝවෙන් හෙළිදරව් වන ලංකාවේ වැඩ ලෝකයේ ප්‍රචණ්ඩත්වය

Image
  November 25, 2020   admin   Life අජිත් පැරකුම් ජයසිංහ ගම්පහ දිස්ත්‍රික්කයේ උඩුගම්පොළ මාර්ග සංවර්ධන අධිකාරියේ කාර්යාලයක ඉංජිනේරුවරයකු යයි සඳහන් වෙන පුද්ගලයකු තමන් යටතේ සේවය කරන රජයේ නිලධාරිනියකට පහර දෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යවල වයිරල් වෙලා. එම වීඩියෝව පහත දැක්වෙනවා. මේ හා සමානම සිද්ධියක් සති කිහිපයකට කලින්ද වාර්තා වුණා. එහිදී කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍ය සාගරිකා දිලුක්ෂණී සේනානායක විසින් පිළිකා ශල්‍ය විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරාට එරෙහි රෝහල් බලධාරීන්ට හා ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණිලි කරනු ලැබුවා. එහිදී ඇය පැවසුවේ එම වෛද්‍යවරයා ඇයට ශාරීරිකවත්, මානසිකවත් හිරිහැර කරන බවයි. ඒ සම්බන්ධයෙන් කළ යුත්තේ විමර්ශනයක් සිදුකිරීමයි. එහෙත්, ඊටත් පෙර, චූදිත වෛද්‍යවරයා වෙනුවෙන් ඉදිරිපත් වූ ඇතැම් ප්‍රබල මාධ්‍ය හා වෙනත් පුද්ගලයන් කටයුතු කරන ආකාරයෙන් එවැනි විමර්ශනයකට බාධා සිදුවන බව හා පැමිණිලිකාරියටත්, විමර්ශන නිලධාරීන්ටත් බලපෑමක් සිදු වන බවත් පෙනේ. වෛද්‍යවරයාගේ මිතුරකු පමණක් වන නිකම්ම නිකම් පුද්ගලයකු හා මාධ්‍ය සම්බන්ධකම් යොදවා පවත්වා රූපවාහිනී නාලිකා මගින් විකාශය කරවාගත් පහත දැක්වෙන වී

සනීපාරක්ෂක තුවාවලට තවත් බදු පැණවීම රාජ්‍ය නොපණත්කමකි

Image
  November 24, 2020   admin   Health   Women අජිත් පැරකුම් ජයසිංහ 2021 අයවැය යෝජනාවලින් පසු ආණ්ඩුව සනීපාරක්ෂක තුවාවලට තවත් 15%ක බදු පණවලා. සනීපාරක්ෂක තුවායක් මිලදීගැනීමේදී ලාංකික කාන්තාවක් විසින් විශාල බදු ප්‍රමාණයක් ගෙවිය යුතු බව පැහැදිලියි. සාමාන්‍යයෙන් ගත් කල කාන්තාවන් සිය ජීවිත කාලය තුළදී දින 2500 – 3000 අතර කාලයක් ඔසප් වීම සමඟ ගත කරන බවට තක්සේරු කර තිබෙනවා.  එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ අධ්‍යයනයක් අනුව, ශ්‍රී ලංකාවේ මව්පියන්ගෙන් 60%ක් සිය දියණියන් ඔසප් දිනවලදී පාසල් යවන්නේ නැහැ. 80%ක් මව්පියන් සිතන පරිදි මෙම දිනවලදී නෑම මගහැරිය යුතුයි. සෞඛ්‍ය ප්‍ර‍වර්ධන කාර්යාංශයේ සේවය කරන ප්‍ර‍ජා වෛද්‍ය විශේෂඥ අසන්ති ප්‍ර‍නාන්දු බලපිටියගේ සහ කැලණිය විශ්වවිද්‍යාලයේ ප්‍ර‍ජා වෛද්‍ය මහාචාර්ය පුෂ්පා ජයවර්ධනගේ සහභාගිත්වයෙන් කලුතර දිස්ත්‍රික්කයේ 10 ශ්‍රේණියේ පාසල් ශිෂ්‍යාවන් අතර වසර පහකට පමණ ඉහතදී කරන ලද සමීක්ෂණයකදී හෙළිදරව් වූ පරිදි එම ගැහැණු ළමයින්ගෙන් 44.4%ක් ඔසප් දිනවලදී පාසල් යාම මගහරින බව පවසා තිබුණා. එසේම, ඔසප් ස්වස්ථතාව වෙනුවෙන් අවශ්‍ය පහසුකම් තිබුණේ දිස්ත්‍රික්කයේ පාසල් අතරින් 48.9%ක පමණයි. ඔසප්

පාසල් යළි ආරම්භ කිරීමේ එඩිතර තීන්දුව

Image
  November 23, 2020   admin   Health   Life අජිත් පැරකුම් ජයසිංහ බස්නාහිර පළාතේ කොළඹ, ගම්පහ, කලුතර දිස්ත්‍රික්කවල පාසල් හා තවත් පාසල් කීපයක් හැර සෙසු පාසල් ආරම්භ කිරීමට රජය තීරණය කර තිබේ. එය ඉතා එඩිතර තීන්දුවකි. රටේ සමස්ත පාසල් සංඛ්‍යාව 10,100කට වැඩි අතර, ඒ අතරින් 5,100කට වැඩි සංඛ්‍යාවක් ආරම්භ කෙරේ. ශ්‍රී ලංකාවේ පාසල් අතරින් 90%කට වඩා සිසුන් 1,000ට අඩු ඒවා බැවින් සමාජ පරතරය පවත්වාගැනීම දුෂ්කර නොවන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා පෙන්වා දෙයි. එසේම, හදිසි තත්වයන් තුළ සෞඛ්‍ය උපදේශානුකූලව තීරණ ගැනීමේ බලය පාසල් බලධාරීන්ට පවරා තිබේ.  විස්තර මෙතැනින් >> කෙසේ වෙතත්, ලංකා ගුරු සංගමයේ සභාපති ජෝසප් ස්ටාලින් පවසන්නේ පළමුව උසස් පෙළ පන්ති ආරම්භ කර ක්‍රමානුකූලව පාසල් ආරම්භ කිරීමට ගුරු සංගම් කළ ඉල්ලීමට රජය සවන් නොදුන් බවයි. පාසල් ආරම්භ කිරීමේ අවදානමක් තිබේ. එහෙත්, මෙවැනි අවධියක රජයක් විසින් අවදානම් ගන්නට සිදු වේ. ගන්නා අවදානම සම්බන්ධ වගකීම බෙදී යන පරිදි සියලු පාර්ශ්ව සමග සාකච්ඡා කර තීරණවලට එළැඹීමට රජය සමත් විය යුතුය. එහෙත්, වත්මන් ආණ්ඩුව එවැනි සාමූහිකත්වයකින් කටයුතු කරන බවක් නොපෙනේ. කෙසේ වෙතත

ජනමාධ්‍යවේදීන් දෙසීයේ ලැයිස්තුව

Image
  November 22, 2020   admin   Media ආණ්ඩුව විසින් ආණ්ඩුව විවේචනය කරන ජනමාධ්‍යවේදීන් 200කගේ ලැයිස්තුවක් සකසා පොලිසියට භාර දී තිබෙන බව පසුගිය දිනෙක සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිටියාස් බකීර් මාකර් පාර්ලිමේන්තුවේදී පැවසීය. මේ වන විට ආණ්ඩුව සමාජ මාධ්‍ය පසුපස පැන්නීම ආරම්භ කර තිබේ. ආණ්ඩුව විවේචනය කරන සමාජ මාධ්‍ය බලපෑම්කරුවන්ගෙන් සිදුවන සුළු වැරදිවලදී පවා ඔවුන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර කරදරයට පත්කරන ආකාරය දැකිය හැකිය. උදාහරණයක් ලෙස, කොවිඩ්-19 ආසාදිතයන් මහමග වැටී මියයන බවට සමාජ මාධ්‍ය පළකිරීම් සිදුකළ බව කියන පුද්ගලයන් දෙදෙනෙකු දැනට අත්අඩංගුවට ගෙන තිබේ. තවත් 25ක් පමණ අත්අඩංගුවට ගැනීමට සොයන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය. සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් අතින් සිදුවන සුළු වැරදි සම්බන්ධයෙන් පළමු වරට දැඩි ලෙස අවවාද කර නිදහස් කිරීමේ හැකියාව තිබියදීත්, පොලිසිය ඒ වෙනුවට පුද්ගලයන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කරනු දක්නට ලැබේ. ඔවුන් රිමාන්ඩ් කරනු ලබන්නේ මේ වන විට නම්, කොරෝනා වසංගතය නිසා පීඩාවට පත් වී තිබෙන බන්ධනාගාරවල වීම ඇත්තෙන්ම දඬුවමකි. මෙම තත්වය හමුවේ උදාවිය හැකි තත්වයන් පිළිබඳ අවධානය යොමු

WILL SRI LANKA LOSE GSP+ AGAIN?

Image
  November 20, 2020   admin   Economy   English   International   Politics Ajith Perakum Jayasinghe European Union (EU) indicated today that the special Generalised System of Preferences (GSP+) offered by the EU to Sri Lanka hung in the balance.  GSP+ is the system of preferential trading arrangements through which the European Union extends preferential access to its markets to developing countries. GSP+ provides Sri Lanka competitive, predominantly duty and quota-free access to the EU market. The countries not receiving the benefit question the integrity of the agreement.  GSP+ is based on the continued implementation of 27 international conventions on human rights, labour, environment, climate change and good governance, the joint statement issued by the Delegation of the European Union (EU) and the Embassies of France, Germany, Italy, Netherlands and Romania declared.  “Not least due to these unilateral trade preferences, the EU is the second-biggest export market for Sri Lanka wor

ජාතික ප්‍රාර්ථනා

Image
  November 20, 2020   admin   Art   Literature   Politics අජිත් පැරකුම් ජයසිංහ ශ්‍රී ලංකාවේ අපේ පැතුම් හරිම අවිහිංසකයි ණය අරන් චීනෙන් කරමු මෙගා ප්‍රොජෙක්ට් වඩමු යටිතල පහසුකම් ඩොලර් වෙළඳපොළේ තොපි අපට ණය දියව් නරියනි එසේ ණය අරගෙන එදිනෙදා වියදම් කරගෙන ණය ගෙවන්නට තවත් ණයගෙන ඉන්න බැරි ඇයි අප හට? විවෘත වෙළඳපොළේ රජයට ණය දෙන්නන් ගෙවන්නට පුළුවන්ද බැරිද නොබලා අපට ණය දෙනවා නම් ශ්‍රේණිගත කරනා ආයතන කුමට සොයනවාද මේ ණය ගෙවීමේ හැකියාව? ගෙවන්නට පුළුවන්ද බැරිද නොබලා ඇයි ණය දෙන්න බැරි ලෝකයට?. ආර්ථිකය අමාරු නම් සරලයි ආනයනය තහනම් ස්වයංපෝෂිතය කහ ඉඟුරෙන් යවමු ඇඟලුම් ඇමරිකාවට යුරෝපෙට, අඟහරු ලෝකෙට ඉඳිමු සොමියේ ලාභ ලැබගෙන වෙළඳ ශේෂය උන්ගෙ විඳගෙන යුරෝපය හා ඇමරිකාවද චීනය වගේ සොඳුරු නම් අපේ මානව හිමිකම් උනුත් නොසෙවිය යුතු නොවෙද? අපේ බඩු අරගෙන ඇයි ඉන්න බැරි උන්ටත් චීනය අපට බඩු විකුණාගෙන ඉන්නවා වගේ නිහඬව? අසල්වැසි ඉන්දියාවද චීනය සේ හැසිරිය යුතුය බිස්නස්ම පමණක් කළ යුතුය ධනවත් චීනයට දෙන දේ ඒ හැටියෙන්ම තමන්ටද භාරතය ඉල්ලිය යුතු නැත ලොකු අයියලා කළ යුත්තෙ මල්ලීට වියදම් කරන එක නොවෙද සහෝදරකම නම් ඒකය ලෝකයේ නාභිය ලංකාව විය ය

ජනාධිපති ගෝඨාභය ෆේල්ද?

Image
  November 16, 2020   admin   Politics අජිත් පැරකුම් ජයසිංහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයට පත් වී වසරක් සපිරෙමින් තිබේ. ඒ හා සමගම සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචලිත වූ ඔහු අසමත්ය හෙවත් ස’ ෆේල් ප්‍රචාරණ ක්‍රියාමාලාව හේතුවෙන් ආණ්ඩු පාක්ෂිකයන් කුපිත වී ඇති බව පෙනේ. හමුදාපති ශවේන්ද්‍ර සිල්වා විසින් කරන ලද ප්‍රකාශයක් දිනමිණ පුවත්පත විසින් ප්‍රධාන ප්‍රවෘත්තිය ලෙස පළ කළේ ආණ්ඩුව අසමත් නැති බව කියමිනි. එය ඇත්තෙන්ම ආණ්ඩුවට හිතවත්බව පෙන්වමින් ආණ්ඩුවට ඍණ ප්‍රචාරයක් ලබාදුන් ශීර්ෂ පාඨයක් විය. අසමත් නැතිනම් ෆේල්ය කීම ගැන ඔය තරම් කලබල විය යුතු නැත. මේ අන්දමින්ම කලබල වූ තවත් ආධුනික දේශපාලකයකු වූ රාජ්‍ය ඇමති චන්න ජයසුමන එය රාජ්‍ය නොවන සංවිධාන වැඩක් බව ද කියමින් පැරණි දේශප්‍රේමී, දේශද්‍රෝහී බෙදීම තුළ ආණ්ඩු විරෝධීන්ට එරෙහි සමාජ වෛරය ප්‍රවර්ධනය කරන්නට උත්සාහ කළේය. ආණ්ඩුව අසමත් නැතිනම්, එතරම් වෛරයකින් මේ ෆේල් කතාවට ප්‍රතිචාර දක්වන්නට අවශ්‍යද? කොවිඩ්-19 හමුවේ ලොව බොහෝ රාජ්‍ය අසමත් වී තිබේ. ඒ අනුව බැලූ කල ශ්‍රී ලංකාව නරකම ස්ථානයක නැති බව අප පිළිගත යුතුය. දෙවෙනි කොරෝනා රැල්ල පවා යම් පාලනයකට නතු කරගැනීමට රජය සමත් වී තිබේ

ඉතිහාස ඒබීසී මතින් කතා කාපට් ඇතිරූ සේපාලි මායාදුන්නේගේ ‘දෑවාන’

Image
  November 11, 2020   admin   Literature සේපාලි මායාදුන්නේගේ ‘දෑවාන’ නවකතාව කියෙව්වේ ඇගේ ‘මහාසාමි’ නවකතාවෙන් විඳි අනර්ඝ රසය හේතුවෙන් ඇය කෙරෙහි ඇති වූ ගෞරවය නිසාය. නොඑසේ නම්, පොත් කියවීම අතිශය වැදගත් පුද්ගල හෝ සමාජ කාර්යයක් ලෙස නොසලකන මා වැනි අයෙකු අතින් අතරමගදී එම පොත ගිලිහීයන්නට ඕනෑ තරම් ඉඩ තිබෙන තරමට එය කියවීම වෙහෙසකර කාර්යයකි. සේපාලිගේ මහාසාමි ගැන මා මීට වසර කීපයකට පෙර ලියූ සටහනක කොටසක් මෙසේය: ඉතිහාසය මත වර්තමානය නිරූපණය කිරීම දේශපාලනයේදී නම් දැවැන්ත විනාශයන් නිර්මානය කිරීමට හේතු වී තිබේ. ලංකාවේ ජනවාර්ගික යුද්ධය මේ සඳහා හොඳම උදාහරණයයි. සිංහල හා දෙමළ ජාතිවාදයන් බොහෝ දුරට පදනම් වූයේ වර්තමාන අවශ්‍යතාවන් මත ගොඩනගා ගත් ඉතිහාස කතිකාවන් මත ය. මහාවංශය හා සිංහල ජාතිවාදය අතර ඇති සම්බන්ධය එවැන්නකි.  මහාසාමි නවකතාවේ විශිෂ්ටත්වය ඉස්මතු වන්නේ මෙතැනදී ය. මාක් ට්වේන් රජු සහ සිඟන්නා ලියුවේ 19වන සියවසේ අග හරියේදී ය. එහෙත්, සේපාලි මායාදුන්නේ මහාසාමි ලියන්නේ 2010 දශකයේදී ය. එහෙත් ඇය අති දක්ෂ ලෙස අතීතය විනිවිදින්නී ය. ඇය සිය ඓතිහාසික අධ්‍යයනය නවකතාවක් බවට පත් කරමින් පාඨකයා ක්‍රම ක්‍රමයෙන් ඇය පාදක කර ගන්

අලුත් සාමාන්‍ය තත්වය

Image
  November 11, 2020   admin   Health   Politics අජිත් පැරකුම් ජයසිංහ නිව් නෝමල් හෙවත් අලුත් සාමාන්‍ය තත්වය පිළිබඳ ශ්‍රී ලංකාවේ දේශපාලකයෝ දැන් කතාකරති. මෙම අලුත් සාමාන්‍ය තත්වය යටතේ ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගනයේදී නොවැම්බර් 27 සිට දෙසැම්බර් මැදභාගය දක්වා පැවැත්වේ. විස්තර මෙතැනින්  Read Lanka Memo>> අලුත් සාමාන්‍ය තත්වයට ගැලපෙන පරිදි රජය ප්‍රවාහන ප්‍රතිපත්තියක් සකසා තිබේ. ඒ අනුව, දැනට පොදු ප්‍රවාහනයේ ආසන ගණනට මගීන් රැගෙන යා හැකි අන්දමින් විධිවිධාන සකසා තිබේ. විස්තර මෙතැනින්  Read Lanka Memo>> රජය පවසන අලුත් සාමාන්‍ය තත්වය තුළ කොවිඩ්-19 මරණ හා සියගණනින් රෝගීන් හමුවීම දෛනික අත්දැකීමක් බවට පත්වනු ඇත. සෑමදෙනෙකුම හැකිතරම් නිවෙස්වල රැඳී සිටිය යුතුය. ගමන්බිමන් අවම කළ යුතුය. කරන කියන සියලු දේ තමන්ට කොවිඩ්-19 බෝ නොවන, තමන් අනුන්ට බෝකරන්නකුද නොවන ආකාරයෙන් කළ යුතුව තිබේ. ඉදිරි කාලයේදී ක්‍රිකට් තරග පමණක් නොව, වෙනත් ක්‍රීඩා හා විනෝදාස්වාද කටයුතුද, අභ්‍යන්තර සංචරණය, රැස්වීම්, අධ්‍යාපනය වැනි කටයුතුද නව සාමාන්‍ය තත්වය යටතේ ආරම්භ කිරීමට සිදුවනු ඇත. එසේ

ප්‍රකාශනයේ නිදහසට වැටබැඳීම සාධාරණීකරණය කරන මාධ්‍ය භාවිතයන්

Image
  November 9, 2020   admin   Media අජිත් පැරකුම් ජයසිංහ (උපුටාගැනීම  ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ වෙබ් අඩවිය ) මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කම්හලේ සේවකයන් හා ආශ්‍රිතයන් සහිත නව කොවිඩ්-19 පොකුරක් නිර්මාණය වීමත් සමග දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට පොලිස් ඇඳිරි නීතිය පැනවීමට රජය තීරණය කළේය. ඒ සමගම දිවයින පුරා ඇඳිරි නීතිය පැනවූ බවට ව්‍යාජ පුවත් ද සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර ගියේය. ජනාධිපති ලේකම් කාර්යාලයේ ලිපි ශීර්ෂයක අනුකරණයක් හා දෙරණ රූපවාහිනී නාලිකාවේ ලාංඡනය ද සහිතව මෙවැනි ව්‍යාජ පුවතක් නිර්මාණය කළ 18 හැවිරිදි පුද්ගලයකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන 2020 ඔක්තෝබර් 09දා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදී. ජාතික ආරක්ෂාව අවදානමට පත්කිරීම සහ ජනතාව අතර නොසන්සුන්තාවක් නිර්මාණය කිරීමට උත්සාහ කිරීම හේතුවෙන් ඔහු 2007 අංක 24 දරණ පරිගණක අපරාධ පනත යටතේ ගැනෙන වරදක් සිදුකර තිබෙන බව පොලිසිය විසින් අධිකරණයට වාර්තා කරන ලදී. තරුණයා ඔක්තෝබර් 22දා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කරන ලදී. මෙවැනි ක්‍රියා ශ්‍රී ලංකාවේ නීතිය යටතේ දඬුවම් ලැබීමට සිදුවන වැරදි බව ඒවා කරන බොහෝදෙනෙකු දන්නේ ද නැත. තමන්ගේ පරිගණකය භාව