ඔස්ට්‍රේලියානු සමාගමක් දැනුත් මන්නාරමේ ඛනිජ වැලි ගවේශනයේ


  Economy Industry International

Read in English>>

ඕස්ට්‍රේලියාවේ ටයිටේනියම් සෑන්ඩ්ස් නම් සමාගම මන්නාරම් දූපතෙහි ඛනිජ වැලි සම්බන්ධ ගවේශණ ව්‍යාපෘතිය කොවිඩ්-19 ඇඳිරි නීතිවලින් පසු නැවත ආරම්භ කර තිබෙන අතර තිබෙන බව ඕස්ට්‍රේලියාවේ ProactiveInvestors.com වෙබ් අඩවිය වාර්තා කරයි.

Translations by Creative Content Consultants

මෙම සමාගමට එවැනි ගවේශනයක් සඳහා ශ්‍රී ලංකාවේ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය අවසර ලබා දී නැති බවත්, එවැනි අවසරයක් ඇති වෙනත් පාර්ශ්වයක් සමග එක්ව මෙම ගවේෂණය සිදුකරන්නේද යන්න සොයා බලන බවත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු කිරීම සඳහා විශේෂඥ කමිටුවක් පත්කිරීම ඇතුළු පියවර සඳහා අවශ්‍ය කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බවත්, පසුගිය ජුලි මාසයේදී කර්මාන්ත ඇමති විමල් වීරවංශ පැවසීය. එකී සමාගම නීති විරෝධී අන්දමින් කටයුතු කර තිබේ නම් එය නතර කරනු ඇති බවත් ඇමතිවරයා පැවසීය.

කෙසේ වෙතත්, රජයේ ඩේලි නිව්ස් පුවත්පත ඊට පෙර වාර්තා කළේ මෙම ව්‍යාපෘතිය සඳහා නිසි අවසර හා මාර්ගෝපදේශ සියල්ල සහිතව බවයි. ඒ බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විසින් තහවුරු කළ බවක් ටයිටේනියම් සෑන්ඩ්ස් සමාගම මූලාශ්‍රය කරගත් එම වාර්තාවේ දැක්වෙන්නේ නැත. එම වාර්තාව මෙතැනින් කියවන්න>>

ටයිටේනියම් සෑන්ඩ්ස් සමාගම මෙම ගවේශන අවසරය ලබාගෙන තිබෙන්නේ මුරුසි රාජ්‍යයේ සමාගමක් සතු බලපත්‍රයක් යටතේ බව පසුගිය ජුනි මාසයේ නිව්ස් ෆස්ට් වාර්තා කළේය. එම වාර්තාව මෙතැනින්>>

කෙසේ වෙතත්, අලුත්ම වාර්තාවේ දැක්වෙන පරිදි, ටයිටේනියම් සෑන්ඩ්ස් සමාගම ශ්‍රී ලංකා රජය සමග සමීපව කටයුතු කරමින් මෙම ඛනිජ වැලි නිෂ්පාදන ගැනුම්කරුවන් සමග පූර්ව ගිවිසුම්වලට එළැඹීම සඳහාත්, තවත් හවුල් ආයෝජන සඳහාත් සාකච්ඡා කරමින් සිටියි. දේශීය සමායතන උපදේශක සමාගම් සමග එක්ව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ, යුරෝපයේ සහ චීනයේ ආයෝජකයන් සමග හවුල්කාරීත්වයන් ද, ජපානය සහ ඉන්දියාව සමග පූර්ව ගැනුම්කාර ගිවිසුම් ද සාකච්ඡා කරමින් සිටින බව වාර්තාවේ දැක්වේ.

දිගුකාලීන ගොඩදැමීමක් අපේක්ෂිත මෙම නිධියේ 4.38%ක් ඉල්මනයිට්, රූටයිල්, සර්කොන් වැනි බැර ඛනිජ වර්ග හා 0.35%ක් ගානට් (මැණික් විශේෂයකි) සහිත වැලි ටොන් මිලියන 264.93ක් ඇති බව සමාගම තක්සේරු කර තිබේ. එම ඛනිජ වැලි ටොන් එකක් ඕස්ට්‍රේලියන් ඩොලර් 357ක් වන බව ද වාර්තාවේ දැක්වේ.

මේ සම්බන්ධ මහජන සම්බන්ධතා කටයුතු මෙරට සමාගමක් වන SAPA ආයතනයට භාර දී තිබේ. ඔවුන්ගේ වෙබ් අඩවියට මෙතැනින් පිවිසෙන්න.>>

මෙම ව්‍යාපෘතියේ වාසි, රැකියා අවස්ථා, ගවේශනය හා නිෂ්පාදනය සිදු වන ආකාරය, ගවේශනයෙන් පසු පුනරුත්ථාපනය ආදිය පිළිබඳ මහජනයා දැනුවත් කිරීම මෙම සමාගමට පවරා තිබේ.

මේ සම්බන්ධ නීතිමය කටයුතු Varner’s සමාගමට භාර දී තිබේ. ඔවුන්ගේ වෙබ් අඩවියට මෙතැනින් පිවිසෙන්න>>

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා