ශ්‍රීලන්කන් ගුවන් සේවය විදේශ ශ්‍රමිකයන් සූරාකෑම නවතනු

 


ශ්‍රී ලංකාව විසින් ආපසු සියරට පැමිණීම සඳහා පහසුකම් නොසැපයීම නිසා, රැකියා ද නැතිව මැද පෙරදිග කුවේටයේ රැඳී සිටින පුද්ගලයන් ආපසු ගෙන්වා ගැනීම හා නිරෝධායනය සඳහා ශ්‍රීලන්කන් ගුවන් සේවය හරහා රජය රු. 250,000ට අධික මුදලක් අය කරන බව ද, එම මුදල දරාගැනීමට නොහැකි වීමෙන් රැකියා විරහිත ලාංකිකයන්ට ආපසු සියරට පැමිණීමට නොහැකි වී තිබෙන බව ද ඉකොනොමි නෙක්ස්ට් වෙබ් අඩවිය වාර්තා කරයි.

Translations by Creative Content Consultants

එසේම, ආපසු සියරට පැමිණීම සඳහා ගුවන් ගමනක් සූදානම් කර දීම සඳහා ශ්‍රී ලන්කන් ගුවන් සේවය එසේ වියදම් දැරිය හැකි පුද්ගලයන් 150දෙනෙකු සොයාගෙන දන්වන්නැයි ද මෙම අසරණ වූ ශ්‍රී ලාංකිකයන්ට දැනුම් දී තිබෙන බව වෙබ් අඩවිය පවසයි.

මැයි 20දායින් පසු ශ්‍රී ලංකාව බලා පැමිණි පළමු ගුවන් ගමන අද සිදු වූ අතර, එයින් ශ්‍රී ලාංකිකයන් 160ක් ආපසු සියරට බලා පැමිණිය හ. ඉහත දැක්වෙන ලිපිය එම ගුවන් ගමන හා සම්බන්ධ ය.

ශ්‍රී ලාංකිකයන් 19,000ක් කුවේට් සිට ආපසු පැමිණීමට ලියාපදිංචි වී සිටින බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. ඒ අතරින් බහුතරය ගෘහ සේවිකා, කම්කරු වැනි සුළු රැකියා කරන අයයි. අති විශාල පිරිසක් වීසා නොමැතිව රැඳී සිටින අයයි. ඔවුන් අතරින් ඇතැමෙකුට මේ වන විට ආහාරපාන සපයා ගැනීම පවා දුෂ්කර වී තිබේ. එවැනි පිරිසක් මෙතරම් අධික වියදමක් දරන්නේ කෙසේ ද?

ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මීට පෙර අවසන් වරට කුවේට්වලින් පැමිණි පිරිස කොරෝනා බෝම්බයක් ලෙස හැඳින්වී ය.

Adapted from praja.lk

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා