කාන්තාවන් පෞ. රෝහල්වල 70%ක්. වෛද්‍ය 50%+. අතුරු වෛද්‍ය 70%ක් සමස්ත 62%ක්

 

ඊශා කප්පරගේ

2016 සංඛ්‍යා දත්ත අනුව, ශ්‍රී ලංකාවේ සමස්ත සෞඛ්‍ය සහ සමාජ සේවා කාර්ය මණ්ඩලයෙන් 62%ක් ම කාන්තාවන් බවත්, පෞද්ගලික රෝහල්වල කාර්ය මණ්ඩලයෙන් 70%ක් ම කාන්තාවන් බවත් සමස්ත පෞද්ගලික රෝහල් සහ සාත්තු නිවාස සංගමය පවසනවා.

Translations by Creative Content Consultants

“ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ සෙසු බොහෝ වැදගත් අංශවල වගේ ම සෞඛ්‍ය අංශයේත් කාන්තාවන් වැදගත් භූමිකාවක් ඉටු කරනවා. එම නිසා ඔවුන් මුහුණ දෙන අභියෝග තේරුම් ගැනීමට උත්සාහයක් දැරිය යුතුයි. ඔවුන්ගේ සේවය අගයන ගමන් එම ගැටලුවලට විසඳුම් ලබා දෙන පරිදි ප්‍රතිපත්ති සම්පාදනය කළ යුතුයි,” යි සමස්ත පෞද්ගලික රෝහල් සහ සාත්තු නිවාස සංගමයේ සභාපති වෛද්‍ය ලකිත් පීරිස් පැවසුවා.

වැඩ කරන කාන්තාවන්ට දරුවන් බලාගැනීමේ නිසි පහසුකම් නොමැති වීම ප්‍රධාන ගැටලුවකි. කාන්තාවන් වැඩිපුර සේවය කරන සේවා ස්ථානවල හෝ දරුවන් වෙනුවෙන් ප්‍රමිතියක් සහිත දිවා සුරැකුම් මධ්‍යස්ථාන පිළියෙල කිරීම අවශ්‍ය ය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත අනුව ද 2019 වසර වන විට ලොව රටවල් 104ක සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලින් 67%ක් ම සමන්විත වන්නේ කාන්තාවන්ගෙන්. විශේෂයෙන් ම හෙද හා වින්නඹු රැකියා අති විශාල වශයෙන් කාන්තාවන් රැකියා කරන ක්ෂේත්‍රයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ සංඛ්‍යාලේඛන අනුව 2015 වන විට ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් සෑම 1,000කට ම හෙදියන් දෙදෙනෙකු සිටිනවා. 2005 වන විට මෙම තත්වය පැවතුණේ 1,000ට එකක් ලෙසයි.

ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යාංශය විසින් 2016 වසරේ නිකුත් කරන ලද සංඛ්‍යාලේඛන අනුව, වෛද්‍ය විද්‍යාලවලට ඇතුළත් වන සිසුන්ගෙන් අඩකට වඩා ස්ත්‍රී වන අතර අතුරු වෛද්‍ය පුහුණුවීම්වලට ඇතුළත් වන අයගෙන් 70%ක් ම කාන්තාවන්.

කොවිඩ්-19 සංදර්භය තුළ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශවල කාන්තා සහභාගීත්වය කැපී පෙනෙනවා. කොවිඩ්-19න් යථා තත්වයට පත් වීමේ සැලසුම් සකස් කරන කාර්ය සාධන බලකායන් තුළ කාන්තාවන් මැනැවින් නියෝජනය වනු පසුගිය සමයේ දක්නට ලැබිණි.

ශ්‍රී ලංකාවේ සෑම ක්ෂේත්‍රයකදී ම පාහේ කාන්තාවන් හා ගැහැණු ළමයින් දැනට මුහුණ දෙමින් සිටින අසමානතා වසංගතය නිසා වැඩි වී තිබෙන බව එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ අදහසයි. එම නිසා ජීවිත බේරා ගැනීමේදී වැදගත් වන ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය සේවා ලබාගත නොහැකි වී තිබේ. ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයට ප්‍රතිචාර දැක්වීම සඳහා රජයට ඇති හැකියාවට එමගින් බාධා සිදු වේ. එසේ සිදු වී තිබෙන්නේ, කාන්තාවන්ට සහ ගැහැණු ළමයින්ට එම සේවාවන් වැඩියෙන් ම අවශ්‍ය මොහොතක බව එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල පවසනවා.

(Photo courtesy: WHO)

Adapted from praja.lk

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා