සිබිල් වෙත්තසිංහ මැතිනියට උපහාර!

සිබිල් වෙත්තසිංහයන් යනු ලංකාවේ ළමයින්, නව යොවුන් වියේ පුද්ගලයන් මෙන්ම වැඩිහිටියන් වෙනුවෙන් අපූරු කතා සාහිත්‍යයක් හා ඒ හා බැඳුණු චිත්‍ර කලාවක් නිර්මාණය කළ ලේඛිකාවකි. ඇගේ කතා හා චිත්‍ර සිංහල සාහිත්‍යයේ නොමැකෙන මං සලකුණකි.
ඇය තම කලාව වෙනුවෙන් මුළු ජීවිතයම කැප කළ කාන්තාවකි. පරම්පරා කීපයක පුද්ගලයන් ඇගෙන් ආවේදන ප්‍රබෝධය ලබාගෙන ඇති බව ඇය ගැන කියැවෙන ගුණකථනවලින් පෙනේ. එහෙත්, ඇගෙන් පසු ළමා සාහිත්‍යයට අත් වී තිබෙන ඉරණම ගැන නම් අපට සතුටු විය හැකි බවක් නොපෙනේ.
මොනවා හෝ වැල් බයිලා ටිකක් පාට පාට චිත්‍ර අස්සට ඔබා විකුණන ඊනියා ළමා කතාකරුවන් බොරුවට සිබිල් නැන්දාගේ ආභාසය ගැන කතා නොකර ඉන්නවා නම් සිබිල් වෙත්තසිංහයන්ට කළ හැකි ලොකුම උපහාරය එයයි.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා