ව්‍යාපාර ලෝකයේ ලාංකික කාන්තාවට සංකේතාත්මක ජයග්‍රහණ දෙකක්

ශ්‍රම බලකායේ කාන්තා සහභාගිත්වය ද 2010දී 41%ක මට්ටමක තිබී 2018 වන විට 34% දක්වා පහත බැස්සේ ය. මෙයට සාපේක්ෂව ශ්‍රම බලකායේ පිරිමි සහභාගිත්වය 73%කි.
ව්‍යවසායකත්වයේදී හා ව්‍යාපාරකරණයේදී ද ශ්‍රී ලාංකික කාන්තාව සිටින්නේ පසුපසිනි. ව්‍යාපාර ලෝකයේ ශ්‍රී ලාංකික කාන්තාවගේ දායකත්වය අවම ය. ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනෙකු මෑතදී ලබාගත් ජයග්‍රහණය ඇගයීමට ලක් කළ හැක්කේ මෙම සංදර්භය තුළයි.
මෙලනි ජනීන් කනකා පසුගියදා කළමනාකරණ ගණකාධිකාරිවරුන්ගේ වරලත් ආයතනයේ (CIMA) 101වන වාර්ෂික මහා සභාවේදී ගෝලීය උප සභාපති ධුරයකටතේරී පත් වූවා ය. බ්‍රිතාන්‍යයෙන් පරිබාහිර රටක කාන්තාවක් CIMA ගෝලීය නායකත්ව තනතුරකට පත් වූ පළමු වතාව එයයි. ඇය ක්ෂේත්‍රයේ 30 වසරක අත්දැකීම් හා කීර්තියක් සහිත කාන්තාවකි.
මේ අතර, කස්තුරි චෙල්ලරාජා විල්සන් හේමාස් ගෘප් පීඑල්සී සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි තනතුරට පත් වී ඇත. ඇය ශ්‍රී ලාංකික ව්‍යාපාර සමූහයක ප්‍රධාන විධායක නිලධාරි තනතුරට පත් වූ පළමු කාන්තාව ලෙස ඉතිහාසගත වේ.
ඇය එම සමාගමේ හිටපු කළමනාකාර අධ්‍යක්ෂවරිය වන අතර ශ්‍රී ලංකාවේ ජාතික මට්ටමේ වෘත්තීය බාස්කට්බෝල් ක්‍රීඩිකාවක ලෙස ද ප්‍රසිද්ධ ය.


Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා