කොවිඩ්-19 අතරතුර සෙක්ස්

කොවිඩ්-19 මර්දනය කිරීම සඳහා අනුගමනය කරනු ලබන සම්බන්ධ සමාජ දුරස්ථකරණයන් නිසා මතු වන වැදගත් ප්‍රශ්නයක් තමයි ලිංගික කටයුතු කොහොමද කරන්නේ කියන එක. මේ ගැටලුව මේ වන විටත් ඔබ විසඳාගෙන හමාර ඇති. එහෙත්, ඒ ගැන යම් වැදගත් කරුණු කීපයක් පසුගියදා අප නෙත ගැටුණු ලියවිල්ලක තිබුණා. ලිංගිකභාවය, ලිංගික සෞඛ්‍යය සහ කොවිඩ්-19 යන තේමාවෙන් වෛද්‍ය ශිෂ්‍ය සංගම් ජාත්‍යන්තර සම්මේලනය විසින් තරුණ ජනයා ඉලක්ක කරගෙන නිර්මාණය කරන ලද වීඩියෝ කථාංග පිටපතකින් තමයි මේ වැදගත් කරුණු කීපය උපුටා ගත්තේ. එම සංවිධානයටත්, එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලටත් අපගේ විශේෂ ස්තුතිය හිමි වෙනවා.
Translations
ලිංගික සෞඛ්‍යය සහ කොවිඩ්-19 ගැන සාකච්ඡා කිරීම වැදගත්
  • ලිංගික සෞඛ්‍යය කියන්නේ, අපගේ ලිංගිකභාවය හා සම්බන්ධ ශාරීරික, මානසික සහ සමාජමය යහපැවැත්මයි. එයින් අදහස් වන්නේ ඔබේ කොන්දේසි සහ අන්‍යෝන්‍ය කැමැත්ත මත, සතුට දනවන, ආරක්ෂිතව ලිංගික අත්දැකීම් ලැබීමට හැකි බවයි.
  • ලොක්ඩවුන් පවතිද්දීත්, ඔබට සහකරුවකු/ සහකාරියක සිටියත්, නැතත්, ලිංගිකත්වය යනු අපේ ජීවිතවල නිරෝගීභාවයේ සාමාන්‍ය කොටසක්.
  • ශාරීරික දුරස්ථභාවය තබාගන්නා අතරතුර අපගේ ලිංගිකභාවය ප්‍රකාශයට පත්වන සතුට දනවන, ආරක්ෂිත ලිංගික අත්දැකීම් ලබාගන්නට පුළුවන් කොහොමද කියන ප්‍රශ්නය අප වැඩි දෙනෙකුට තිබෙනවා. එය සාමාන්‍ය තත්වයක්.
ලිංගික සෞඛ්‍යය ගැන කතාකිරීම වැදගත් වන්නේ ඇයි?
  • බොහෝ රටවල, තරුණ ජනයාට ලිංගික සහ ප්‍රජනන සෞඛ්‍ය සේවා, තොරතුරු සහ නිෂ්පාදන වෙත පිවිසෙන්නට අමාරුයි. ලොක්ඩවුන් හේතුවෙන් අත්‍යවශ්‍ය සේවා ලබාගැනීම තවත් අමාරු වෙනවා. . 
  • LGBTI පුද්ගලයන්, තරුණයන්, ආබාධිත තරුණ පුද්ගලයන් සහ ස්වදේශික තරුණයන් වැනි වැඩිපුර අවදානමට මුහුණ දෙන තරුණ කොටස්වලට තොරතුරු හා සේවා ලබාගැනීමට ඇති බාධක තවත් වැඩියි.
  • තරුණ ජනයාට වෙනස් අවශ්‍යතා තිබෙන බව අප තේරුම් ගත යුතුයි. අප හැම එකිනෙකාගෙන් වෙනස් වන අතර, අපට විවිධ අවශ්‍යතා තිබෙනවා. අපගේ තෝරාගැනීම් නිවැරදිව කිරීම සඳහා අවශ්‍ය තොරතුරු හා සේවා ලබාගැනීමට අපට අයිතියක් තිබෙන්නේ ඒ නිසායි.
ලිංගිකත්වය සහ කොවිඩ්-19  
  • පහත දැක්වෙන්නේ අප දන්නා දෙයයි. පළමුකොටම, අවබෝධ කරගත යුතු දෙය නම්, කොවිඩ්-19 ආසාදිත අයෙකු සමග ඍජු ලිංගික සම්බන්ධයක් පැවැත්වුවහොත්, ඔබට ද රෝගය ආසාදනය වීමේ අවදානමක් ඇති වේ.
  • තාක්ෂණික වශයෙන් ගත් කල, කොවිඩ්-19 යනු ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදනයක් නොවෙයි.  එහෙත්, ශාරීරික ස්පර්ශය, සිපගැනීම වැනි ක්‍රියා අධි අවදානම් සහගතයි. එයට හේතුව, කොවිඩ්-19 වයිරසය පැතිරෙන්නේ සමීප ඇසුර හේතුවෙන් වීමයි.
  • ලිංගික සම්බන්ධකමකින් ඔබට කොවිඩ්-19 ආසාදනය වීමේ අවදානම රඳාපවතින්නේ ඔබ ලිංගික එක්වීමක් සඳහා තෝරාගන්නා පුද්ගලයා මතයි. එම පුද්ගලයා විසින් විවිධාකාරයෙන් සම්බන්ධතා පවත්වා තිබෙන සෙසු සියලු පුද්ගලයන් ද එහිදී අදාළ වෙනවා. ඔබට සුදුසු හොඳම තෝරාගැනීම කරන විට මේ සියලු කාරණා සිතට ගන්න.
මෙයින් අදහස් වන්නේ වසංගතය අවසන් වනතුරු අපට ලිංගිකත්වය අකැප බව ද?
  • ඔබට ලිංගික සතුට භුක්ති විඳිය හැකි බොහෝ ආකාර තිබෙනවා. උදාහරණයක් ලෙස, ස්වයං වින්දනය යනු ආරක්ෂිත භාවිතාවක්. මෙවැනි වසංගත තත්වයකදී ඔබගේ සුරක්ෂිත ම ලිංගික සහකරුවා/ සහකාරිය ඔබ ම තමයි.
  • ලිංගික ක්‍රියා අතරතුරදී ඔබට සනීපාරක්ෂක ක්‍රියාමාර්ග ගත හැකියි. ලිංගික ක්‍රියාවට පෙර හා පසු දෑත් සෝදන්න. එසේම, හැම විට ම සහකරුවාගේ/ සහකාරියගේ කැමැත්ත විමසා දැනගන්න. ආරක්ෂිතව ලිංගික කටයුතු කරන්න.  
අන්තර්ජාල ලිංගිකත්වය ගැන අදහස කුමක් ද?
  • සමාජ මාධ්‍ය භාවිතයේදී අප සැම අපේ සහකරුවාගේ/ සහකාරියගේ පෞද්ගලිකත්වයට ගරු කළ යුතුයි. අප ඔවුන් පිළිබඳ පළකරන, විශේෂයෙන් ම ලිංගිකත්වයට සම්බන්ධ හැම දෙයකට ම ඔවුන් හැම විට ම කැමැත්ත පළ කර තිබිය යුතුයි.  
  • ඔබ අන්තර්ජාලයෙන් කතා කරන්නේ කා සමග ද යන්න ගැන කල්පනාවෙන් කටයුතු කරන්න. ඔබ දන්නා, විශ්වාසවන්ත අය සමග පමණක් ලිංගික පණිවුඩ හුවමාරුව හා ඔන්ලයින් සෙක්ස් කරන්න. ඔබට අපහසුවක් හා අනාරක්ෂිතබවක් දැනේ නම්, බැහැ කියන්නට හා ඉවත් වන්නට ඔබට හැමවිට ම අයිතිය තිබෙනවා.  
  • ලිංගික ක්‍රියා සඳහා කැමැත්ත ලබාදීමේදී ඔබේ රටේ නීතියට අනුකූල වයස කුමක් ද යන්න පිළිබඳ දැනුවත්ව කටයුතු කරන්න. මෙය විශේෂයෙන් ම කාමුක චිත්‍රපට හා ලිංගික පණිවුඩ හුවමාරුවට අදාළ වෙනවා.  
ලිංගාශ්‍රිත රෝග හා අනවශ්‍ය ගැබ්ගැනීම් වළක්වාගැනීම
  • අප බිය විය යුතු එකම වයිරසය කොවිඩ්-19 පමණක් නොවෙයි. එච්අයිවී වැනි ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන ද ලොක්ඩවුන් කර නැහැ. ලිංගික ක්‍රියාවලදී ලිහිස්සි ද්‍රව්‍යයක් අඩංගු පිරිමි හා ගැහැණු කොන්ඩම් හා ඩෙන්ටල් ඩෑම් භාවිතා කිරීමෙන් ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග වළක්වාගත හැකියි.    
  • ගැබ්ගැනීම වළක්වාගැනීම සඳහා අපට අප කැමති නවීන ප්‍රතිසන්ධිරෝධකයක් භාවිතා කළ හැකියි. ගැබ්ගැනීම් වළක්වාගැනීම ගැන වැඩිදුර ඉගෙනීම සඳහා ඔබට ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO ) වෙබ් අඩවියේ ප්‍රතිසන්ධිරෝධක සහ කොවිඩ්-19 පිළිබඳ නිතර අසන ප්‍රශ්න (FAQ) පිටුව බැලිය හැකියි.
ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය සේවා ලබාගැනීමට අවශ්‍ය නම් අප කළ යුත්තේ කුමක් ද?
  • මේ වන විටත් බොහෝ රටවල හා ප්‍රදේශවල සෞඛ්‍යාරක්ෂක සේවා ලබාගැනීමට ඔසුසලට, සායනයට යාමේ හැකියාව තිබෙනවා. මෙම ස්ථානවලින් ලබාගත හැකි සේවා අතර ලිංගික සහ ප්‍රජනන සෞඛ්‍ය සේවා ද පවතිනවා. .
  • ඔබට හැකි නම්, ඔබගේ සෞඛ්‍ය සේවා සම්පාදකවරයාගේ උපදෙස් ලබාගෙන ඉදිරි මාස කීපයේදී ඔබට අවශ්‍ය විය හැකි ද්‍රව්‍ය ගබඩා කර තබාගන්න. ඉදිරි සති කීපයේදී ඔබගේ ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය අවශ්‍යතා ගැන සිතන්න. උදාහරණ ලෙස ඔසප් සෞඛ්‍යය හා සම්බන්ධ නිෂ්පාදන, කොන්ඩම්, උපත් පාලන ද්‍රව්‍ය හෙවත් ප්‍රතිසන්ධිරෝධක, එච්අයිවී සඳහා ලබාගන්නා ඖෂධ වැනි අවශ්‍යතා තිබේ.
  • ඇතැම් රටවල, අන්තර්ජාල ඇප් සහ ඍජු දුරකථන අංක මගින් ප්‍රතිසන්ධිරෝධක, ඔසප් සෞඛ්‍ය නිෂ්පාදන වැනි ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය සැපයුම් ගෙන්වාගත හැකියි. ඔබේ රටේ එවැනි සේවා තිබේදැයි විමසන්න.
විශේෂයෙන් ම, මෙවැනි අවිනිශ්චිත කාල වකවානුවලදී අපගේ අවශ්‍යතා සපුරාගැනීම තහවුරු කරගැනීමට හා අපගේ ප්‍රශ්නවලට පිළිතුරු සොයාගැනීමට තිබෙන වඩාත් ම වැදගත් ක්‍රමය වන්නේ, තරුණ පුද්ගලයන්ගේ ලිංගික සෞඛ්‍යය පිළිබඳ විවෘතව සාකච්ඡා කිරීමයි.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා