ලංකාවෙ අපි කොවිඩ්-19 ගණන් ගන්නෙ නැහැ: අධ්‍යයනයක තොරතුරු

කොවිඩ්-19ට මහජන ප්‍රතිචාර සම්බන්ධයෙන් පසුගියදා සිදු කරන ලද සමීක්ෂණයක ප්‍රතිඵල අනුව 63%ක් ජනයා සිතන්නේ කොවිඩ්-19 තම ප්‍රදේශය කරා පැතිරීමක් සිදු නොවන බවයි. තමන්ගේ ප්‍රදේශයට මෙය කිසි සේත්ම නොඑනු ඇතැයි සිතන 35%ක් ඉන්නවා. මේ සියලු දෙනා මේ රෝගය බොහොම සැහැල්ලුවෙන් ගන්නා බවයි පෙනෙන්නේ. මෙය බරපතල තත්වයකැයි සිතන්නේ 3%ක් පමණයි. අධි අවදානම් කලාපයක් වන බස්නාහිර පළාතේ පවා තත්වය එයයි.
Translations by Creative Content Consultants
මේ අතර, රජයේ ක්‍රියාමාර්ග පිළිබඳ 73%ක් අතර තෘප්තිමත්භාවයක් තිබුණා. ඒ ගැන අතෘප්තිමත් වුණේ 1%ක් තරම් සුළුතරයක් පමණයි.
වෑන්ගාඩ් සර්වේ සමාගම විසින් වෙරිටෙ රිසර්ච් ආයතනය වෙනුවෙන් සිදු කර තිබෙන මෙම සමීක්ෂණයට පළාත් නවයෙන් අවුරුදු 18ට වැඩි සියලු වයස් කාණ්ඩවල, සියලු ප්‍රජාවන්ගේ සහ විවිධ ආදායම් තත්වයන්හි සිටින පුද්ගලයන් 2,188ක් යොදාගෙන තිබෙනවා.
මෙම සමීක්ෂණය පැවැත්වූ වකවානුව වන විට 90%කටත් වඩා ජනයා ආහාර හා අත්‍යවශ්‍ය අනෙකුත් ද්‍රව්‍ය ගබඩා කරගෙන තිබුණා. 20%ක් ජනයා ඇඳිරි නීති අතරතුර භාණ්ඩ මිල දී ගැනීම කර තිබෙනවා.
34%ක් ජනතාවට ඖෂධ අවශ්‍යතාවක් තිබී නැහැ. 33%ක් තමන්ට අවශ්‍ය ඖෂධ ගබඩා කරගෙන තිබෙනවා. 17%කට ඖෂධ ලබාගැනීමට හැකි වී නැහැ.
57%ක් සතුව ප්‍රමාණවත් තරම් මුදල් අතේ හෝ බැංකුවේ තිබුණා. උතුරු නැගෙනහිර මිනිසුන් අත නම් මුදල් අඩුයි.
22%කට මුදල් ලබාගැනීමේ දුෂ්කරතාව තිබුණ අතර 12%කට මුදල් ණයට ගන්නට හෝ රන් භාණ්ඩ උගස් තබන්නට සිදු වුණා.
අප්‍රේල් මාසය දක්වා ඇඳිරි නීතිය දීර්ඝ වුවහොත්, කිසිම ප්‍රශ්නයක් නැති බව කීවේ 25%ක් පමණයි. මුදල් සපයාගැනීම ගැන 70%කට ගැටලු තිබුණා. 66%කට අත්‍යවශ්‍ය ආහාර සපයා ගැනීම ගැටලුවක් බව පැවසුවා. ඖෂධ ලබාගැනීමගැන 61%කට ප්‍රශ්න තිබෙනවා.
ආදායම් උපයාගැනීමේ ගැටලුව ජනගහනයෙන් 64%කට තිබෙනවා. කිසිසේත්ම ගැටලුවක් නැති බව කීවේ 6%ක් පමණයි.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා