වාහන අනතුරකින් මිය යන අයෙකුට ගෙවන රක්ෂණ වන්දිය තවමත් රු.50,000යි

වසර 1951දී සම්පාදනය කරන ලද මෝටර් රථ පනත යාවත්කාලීන නොවීම සංවර්ධනයට බාධාවක් බව ශ්‍රී ලංකා මෝටර් රථ සේවා සපයන්නන්ගේ සංගමයේ සභාපති අමල් පියතිලක පවසයි. ඔහු මේ බව පවසා තිබුණේ ලංකාදීප පුවත්පතෙහි ලිපියක ය.
ඔහු පවසන පරිදි 1951දී සම්පාදනය කරන ලද පනත අවස්ථා කීපයකදී සංශෝධනය වුවත්, 1951දී භාවිතා කළ, එහෙත් ඊට පෙර සැකසූ අණ පනත් තවමත් එහි අන්තර්ගත ය. හානි ප්‍රතිපූර්ණය සඳහා රක්ෂණ ක්‍රමයක් අත්‍යවශ්‍ය ය. මෝටර් රථ හා ජීවිත රක්ෂණ තිබෙන්නේ ඒ සඳහා ය. 1951දී සම්මත කළ නීතියට අනුව අනතුරකදී මිය යන පුද්ගලයකුට රක්ෂණයකින් ගෙවිය යුතු බවට නියම කරන වන්දිය රු. 50,000කි.
1951දී පුද්ගලයකුගේ උපරිම වැටුප රු. 300කි. ඒ අනුව එකල රු. 50,000ක වටිනාකම අද ලක්ෂ 50කට සමාන කළ හැකි ය. එහෙත්, වසර 2020 වන විට ද ගෙවනු ලබන්නේ 1951දී නියම කරන ලද රු. 50,000 වන්දිය ම ය.
ඒ සඳහා නඩු මගට ද යා යුතු ය. රු. 50,000 නඩු ගාස්තු සඳහාවත් ප්‍රමාණවත් වන්නේ නැත.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා