බර වැඩි දුම්රිය ආනයනය ඇසුරෙන් රජයේ සේවකයන්ගේ වගකීම නැවත කියවීම

ශ්‍රී ලංකාවේ රාජ්‍ය නිලධාරීන් අතර ඉදිරිපෙළ විනයධරයන් පිරිසක් විය යුතු යයි අපේක්ෂිත විනිසුරුවරුන් අතරින් පිරිසක් වෘත්තිකභාවය පැත්තෙන් කොයි තරම් පහත් අන්දමින් කටයුතු කර තිබේදැයි රන්ජන්ගේ දුරකථ ඇමතුම් හඬ ගොනුවලින් හෙළිදරව් වෙමින් තිබේ.
Translations by Creative Content Consultants
රාජ්‍ය නිලධාරීන් දේශපාලකයන්ට වඩා බෙහෙවින් දූෂිත බව ද, ඔවුන් රටේ බොහෝ ගැටලුවලට දේශපාලකයන්ට වඩා වගකිව යුතු බව ද අපි මුල සිට ම පෙන්වා දුන්නෙමු. එහෙත්, ඔවුන් බොහෝ විට දේශපාලකයන්ට ආවරණය වී තම වැරදි වසාගනු දක්නට ලැබේ. පහළ මධ්‍යම පන්තිය මත පදනම් වන, ඉහළ මධ්‍යම පන්තියට සංක්‍රමණය වෙමින් සිටින සමාජ ස්ථරයට ප්‍රේම කරන ජවිපෙ, පෙසප වැනි මධ්‍යම පන්තික දේශපාලන ව්‍යාපාර විසින් පසුගිය සමයේ ගොඩනැගූ ඉතා වැරදි මතයක් වන්නේ රාජ්‍ය ආයතනවල සිදුවන සියලු දූෂණ හා නාස්තිවලට වගකිව යුත්තේ දේශපාලකයන් මිස රාජ්‍ය නිලධාරීන් නොවන බවයි. (දේශපාලකයන් දූෂිත නැති බවක් හෝ රාජ්‍ය නිලධාරීන්ට වඩා ඵලදායිතාවෙන් ඉහළ බවක් හෝ මෙයින් අදහස් වන්නේ නැත. එහෙත්, රාජ්‍ය නිලධාරීන් යනු සුදුසුකම් මත පත් කරන ලද පිරිසක් නිසා ඔවුන් දේශපාලකයන්ට වඩා වගකීම් සහගත විය යුතු ය)
පසුගිය අවුරුදු 4 1/2ක කාලය තුළ රාජ්‍ය අංශය තුළ දේශපාලකයා තවදුරටත් දුර්වල වෙමින් නිලධාරීන් වඩාත් ප්‍රබල විය. දැන් දැන් ඔවුන්ගේ වගකීම් වැඩි වැඩියෙන් හෙළිදරව් වෙමින් තිබෙන අතර රන්ජන්ගේ දුරකථන සාකච්ඡාවලින් හෙළිදරව් වන පරිදි ඇතැම් රාජ්‍ය නිලධාරීන් අතිශය දීනයෝ ය. දේශපාලකයන් ඔවුන්ට වඩා ඉදිරියෙනි.
රාජ්‍ය නිලධාරීන් දේශපාලකයන් මෙන් මහජනතාවට වගකියන්නේ නැත. ඔවුන් කිසිවකුට වගකියන ස්වභාවයක් දක්නට නොලැබේ. වෙනස් කළ යුතුව තිබෙන තත්වය මෙයයි. රාජ්‍ය නිලධාරීන් මහජනතාවට වගකියන තත්වයට පත්කරගන්නට නම් මහජනතාව තව තවත් ශක්තිමත් විය යුතු ය.
පහත දැක්වෙන ප්‍රවෘත්තිය වැනි පුවත් විග්‍රහ කිරීමේදී දැන්වත් අප මෙවැනි ක්‍රියා සම්බන්ධයෙන් නිලධාරීන්ගේ වගකීම් දැඩිිව ප්‍රශ්න කළ යුතු අතර, දේශපාලකයන්ට මුවා වී ඔවුන්ට ගැලවී යාමට ඉඩ නොදිය යුතු ය. (ප්‍රවෘත්තිය උපුටා ගනු ලබන්නේ දිවයින පුවත්පතෙනි)
එපමණක් නොව, මෙම පුවත ඇත්ත නම්, මෙම දුම්රිය අංගනවල නිකම් ගාල් කර නොතබා විසඳුම් සෙවිය යුතු ය. මේවා හැදූ රටට ආපසු මේවා ලබා දී වෙනත් දුම්රිය ලබාගැනීමට සාකච්ඡා කළ යුතු ය. ඒ සම්බන්ධයෙන් දේශපාලකයන් මෙන් ම නිලධාරීන් ද උත්සුක විය යුතු ය.

බර වැඩි නිසා පීලිවලට ඔරොත්තු දෙන්නේ නෑ – මිලියන 1000 ක් ගෙවා ඉන්දියාවෙන් ගෙන්වූ දුම්රිය එන්ජින් 10ක් කොටඋඩ

p1 5
ඉන්දියාවෙන් ගෙන්වා ඇති එම් – 11 වර්ගයේ දුම්රිය එන්ජින් දහයක් අධික බරකින් යුක්ත වීම නිසා ඒවා ශ‍්‍රී ලංකාවේ දුම්රිය මාර්ගවල ධාවනය කළ නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇත.

රුපියල් මිලියන 1000 කට අධික මුදලක් වැයකොට පසුගිය ආණ්ඩුව සමයේදී ගෙන්වා ඇති මෙම එන්ජින්වලින් දෙකක් ධාවනයට එක් කළද එම එන්ජින් දෙකම දුම්රිය පීලි මත පෙරළී යෑම හේතුවෙන් දැඩි විනාශයක් සිදුව තිබේ.

මෙරට දුම්රිය මාර්ග පද්ධතියට මෙම ටොන් 120 ක පමණ බරකින් යුක්ත දුම්රිය එන්ජින් කිසිසේත්ම ඔරොත්තු නොදන බැවින් දුම්රිය පීලි ඇදවී හානියට පත්වී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තු ආරංචිමාර්ග පවසයි.

මෙම එන්ජින් මෙරටට ගෙන්වීමට අනුමැතිය ලබා දුන් හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා සහ තාක්‍ෂණික කමිටුව පිළිබඳවද මෙම එන්ජින් සම්බන්ධවද විශේෂ පරීක්‍ෂණයක් පැවැත්වීමට මගී ප‍්‍රවාහන, විදුලිබල හා බලශක්ති ඇමැති මහින්ද අමරවීර මහතා දුම්රිය බලධාරීන්ට උපදෙස් දී ඇත.

ඒ සඳහා නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරී, ප‍්‍රධාන ඉංජිනේරු සහ ප‍්‍රධාන මාර්ග ඉංජිනේරුවරයාගෙන් සමන්විත විශේෂ කමිටුවක් පත්කිරීමට ද ඇමැතිවරයා උපදෙස් දී තිබේ.

මේ අතර අධික බරකින් සහ දිගින් වැඩි මෙම එන්ජින් සහ තිරිංග පද්ධතියට ගැළපෙන මැදිරි මෙරට ඇත්තේ 30 ක් වැනි සුළු ප‍්‍රමාණයක් වන බැවින් මෙම එන්ජින් මෙරටට ගෙන්වා නිරපරාදේ ගාල් කර තිබෙන බවද හෙළිවී ඇත. (අකිත පෙරේරා)

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා