Posts

Showing posts from 2020

ඡන්දෙන් පස්සෙ පුරවැසි දේශපාලනය

Image
August 5, 2020adminPolitics මේ වන විට 2020 පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙමින් තිබේ. දළ ප්‍රතිඵලය අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පහසු ජයක් අත් කරගනු ඇතැයි සිතිය හැකි ය. ඔවුන්ගේ උන්නතිකාමී ඉලක්කය තුනෙන් දෙකකි. තුනෙන් දෙකේ බලයකින් කරන්නට යන දෙය අභිරහසකි. කෙසේ වෙතත්, ආණ්ඩුව වන ජනාධිපතිවරයාත්, රාජපක්ෂ පවුලත්, ඔවුන්ගේ අනුගාමිකයිනුත් ප්‍රජාතන්ත්‍රවාදය තවදුරටත් ශක්තිමත් කරනු ඇතැයි බලාපොරොත්තු විය නොහැකි ය. එම නිසා අනිද්දායින් ඇරඹෙන යුගය තුළ පුරවැසියන් මුහුණ දෙන බරපතල ම අභියෝග වන්නේ දැනට පවත්නා ප්‍රජාතාන්ත්‍රික අයිතිවාසිකම් ආරක්ෂා කරගැනීමයි. ස්වාධීන කොමිෂන්, තොරතුරු දැනගැනීමේ අයිතිය ආදියෙන් පටන් ගෙන මූලික මානව හිමිකම් දක්වා අයිතිවාසිකම් ආරක්ෂා කරගැනීම සඳහා පුරවැසියන්ට විශාල අරගලයක් කරන්නට සිදු විය හැකි ය.අනෙක් කාරණය දූෂණය හා භීෂණයයි. මෙම කාරණා දෙක සම්බන්ධයෙන් රාජපක්ෂ පවුල හා ඔවුන්ගේ අනුගාමිකයන් සතුව ඇත්තේ ඉතා නරක ඉතිහාසයකි. අනාගතය නිදොස් කරගැනීම ඔවුන්ගේ වැඩකි. එහෙත්, මහජන දේපල හා ජන ජීවිත ආරක්ෂා කරගැනීම පුරවැසියන්ගේ වගකීමකි.ලංකාව වැනි රටක පාලකයන්ට කළ හැකි මහ ලොකු දෙයක් නැත. දැවැන්ත, අකාර්යක්ෂම රජ…

මැතිවරණයේදී වෙන්න යන දේ

Image
August 2, 2020adminPolitics අජිත් පැරකුම් ජයසිංහපාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රචාරණ කටයුතු අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වේ. මා මෙවර මැතිවරණයේදී කිසිදු පක්ෂයකට හෝ අපේක්ෂකයෙකුට ප්‍රචාරණයේ යෙදුණේ නැත. ඇත්තම කියනවා නම් කවුරුවත් මගේ උපකාර ඉල්ලුවේ ද නැත. මෙවර මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාර දෙස මම බැඳීම්වලින් තොරව උපේක්ෂාවෙන් බලා සිටියෙමි. මගේ තක්සේරුව අනුව, දේශපාලනයේදී රාජපක්ෂ ව්‍යාපෘතියත් රටේ සෙසු සියලු බලවේගත් අතර විශාල පරතරයක් තිබේ. මෙම පරතරය වැඩි ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ඒ වටා ඒකරාශි වන බලවේග අතරයි. එහි ඇත්තේ තනිකර ම රජ පවුලක් හා වහලුන් අතර ඇති පරතරය වැනි එකකි. එම පක්ෂය තුළ ගෝඨාභය හා බැසිල් බලවත් වීම යනු ඛෙදවාචකයකින් නිම වීමට ඉඩ ඇති දූෂිත ඒකාධිපතිවාදයක මගසලකුණු විය හැකි ය.මෙම පාර්ලිමේන්තු මැතිවරණයෙන් පොහොට්ටුව ඉතා පහසුවෙන් බහුතර ආසන ගණනක් දිනාගනු ඇති බව මගේ පුරෝකථනයයි. මේ වන විටත්, ආණ්ඩුව ජනතාව අතර ජනප්‍රියත්වය රැකගැනීමේ අර්බුදයකට මුහුණ දී තිබේ. එහෙත්, සියලු වැරදි කොරෝනා වයිරසය පිට දැමීමටත්, රට තුළ කොවිඩ්-19 ව්‍යාප්තිය සෙසු රටවලට සාපේක්ෂව පාලනය කරගැනීමට සමත් වීමේ ලකුණු තමන්ට දමාගැනීමටත් ආණ්ඩුව…

උකුස්සන්, බළලුන් ලවා කුඩු ප්‍රවාහනය සහ කියවන විට ලියන මාධ්‍ය

Image
August 2, 2020adminCrime අජිත් පැරකුම් ජයසිංහපොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය කුඩු ජාවාරම් කර අසු විය. වැඩි විස්තර වාර්තා වෙන්නේ නැත. විමර්ශන මන්දගාමී බව නීතිපති දෙපාර්තමේන්තුව ම පෙන්වා දුන්නේ ය. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරුන්ගේ ලොකු ටෝක් ද නැත. මීගමුව බන්ධනාගාර අධිකාරිවරයා කුඩු ජාවාරම්කරුවන්ට අන් සිරකරුවන්ට නැති සුපිරි පහසුකම් සපයා අසු විය. නඩු පැවරෙන්නේ කූඨ ලේඛන සැකසීමක් ගැන ය. එහෙත්, බන්ධනාගාර අධිකාරිවරයා එසේ කරන්නට ඇත්තේ නිකම් නොවන බව ඕනෑ කෙනෙකුට වැටහේ. එහෙත්, අල්ලස් ගැනීම ගැන විමර්ශනයක්වත් ඇති බවක් වාර්තා නොවේ.ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් කාලයේ මර්දනය කිරීමට උත්සාහ කළ, එහෙත් ඉන්පසු, ඔහුගේ සොහොයුරු ජනාධිපති රාජපක්ෂ විසින් තකහණියක් හෙලිකොප්ටරෙන් ගොස් බදා වැළඳගත් ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ ප්‍රබලයන් වෙමින් තිබේ.ආණ්ඩුව ආර්ථිකය කළමනාකරණය කරගන්නට අසමත් වී ඇත. ඉන්දියාවෙන් ගිය සතියේ ණයක් ඉල්ලා ගන්නා ලදී. මේ සතියේ වරාය සේවකයෝ කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තය ඉන්දියාවට නොදෙන බවට ලිඛිත පොරොන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා වරාය සේවකයෝ වර්ජනයේ ය. වරාය…

වරාය පෞද්ගලීකරණය නොකරන බව ලිඛිතව දෙන්න බැරි මොකද?

Image
August 1, 2020adminPolitics කොළඹ වරායෙහි සිදුවෙමින් තිබෙන වැඩ වර්ජනය ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුවට දෙන ඉතා වැදගත් සංඥාවකි. එනම්, පසුගිය ආණ්ඩුවේ වැඩසටහන් සංශෝධන සහිතව හෝ රහිතව කරගෙන යාමට කිසිදු අයිතියක් ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවට නැති බවයි. මෙම වර්ජනයට නායකත්වය දෙන්නේ ගෝඨාභය බලයට ගෙන ඒමට උර දුන් වෘත්තීය සමිති වන අතර, ඒ සමග ආණ්ඩුවේ නැති භික්ෂූන් ප්‍රමුඛ ජාතික බලවේගය සිටගනිමින් සිටියි.රාජපක්ෂවරුන් කරන්නට බැරි ජාතිවාදී මගුල් ගැන සිහින මවා බලය ගත්තා නම්, දැන් ඉතින් ඒ දුක විඳිය යුතු ය. කුම්බලා මාළු කෑ බළලුන් විඳිනවා ය කියන්නේ ද මේ දුකම ය.ශ්‍රී ලංකාවේ ආර්ථිකය සංවර්ධනය කිරීම පමණක් නොව මේ තියෙන හැටියෙන් පවත්වා ගැනීම ද පහසු කාර්යයක් නොවේ. ඒ සඳහා ජාත්‍යන්තර සම්බන්ධතා මැනැවින් පවත්වා ගැනීම අත්‍යවශ්‍ය ය. කුමන අඩුපාඩු තිබුණ ද පසුගිය රජය මෙම ගමන සීරුවෙන් ගියේ ය. එහෙත්, ජාතික දේපල වෙළඳපොලකරණය සම්බන්ධ ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රතික්ෂේප වී ඇති බව අප පිළිගත යුතු ය.ඒ නිසා පාර්ලිමේන්තු මැතිවරණය දිනාගෙන ඉන් පසු කලින් ආණ්ඩුවේ මාර්ගය තුළ තිබුණු එම්සීසී ප්‍රදාන, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩසටහන්, චීන ණය ආදිය ලබාගනිමින් පහ…

මැතිවරණ අපේක්ෂකයන් සූරාකෑමට ලක්වන හැටි

Image
August 1, 2020adminPolitics උදෙන්ම ලෑන්ඩ් ෆෝන් එක රිං වුණා. දේශපාලන දැන්වීමක්. අහන් හිටියා. රාජිතගෙ කටහඬ. නම කියන්නත් කලින් නෑසී ගියා. අන්තිමට ‘මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි’ කියලා ඉවර වුණා. මුන් සල්ලිත් අරන් දැන්වීම්වලට ගේමුත් දෙනවා වෙන්න පුළුවන්.ඇත්තටම දේශපාලකයන් කියන්නෙ මේ දිනවල දැවැන්ත සූරාකෑමකට ලක්වන පිරිසක්. ඇඩ්වටයිසිං කොම්පැනි, රූපවාහිනී චැනල්, රේඩියෝ, පත්තර, යූටියුබ් චැනල්, ෆේස්බුක් පේජ් ඇඩ්මින්ලා, ස්ටේජ් හා පුටු ආදිය සපයන අය, සවුන්ඩ් සිස්ටම් සපයන අය, මුද්‍රණාල, රැස්වීම් සංවිධායකයො, කුලියට කොල බෙදන අය ආදී හැමෝම දේශපාලකයන්ට ගේම් ගහනවා. අච්චර ප්‍රචාරයක්, මෙච්චර ප්‍රචාරයක්, අච්චර ඡන්ද, මෙච්චර ඡන්ද ගැන අපේක්ෂකයන් තුළ බලාපොරොත්තු ඇති කරමින් මුදල් ගසාකනවා. දේශපාලකයන් මේ දවස්වල ඉන්නෙ පස්ස කැඩිච්ච කඩි වගේ. උන්ට මේ හැම එකක් ම හොයා බලන්නට වෙලාවක් නැහැ. උන් ළඟ එහෙම සංවිධිතභාවයකුත් නැහැ. උදාහරණෙකට කොල බෙදන එක ගන්න. කුලියට කොල බෙදන එවුන්ගේ සිට පක්ෂ හිතවතුන් දක්වා අයගෙ ගෙවල්වල මේ වෙනකොට අපේක්ෂකයන්ගෙ ප්‍රචාරණ පත්‍රිකා ගොඩගහලා.මේව බෙදුවා ය කියලාත් ඇති වැඩක් නැහැ. කවුරුද මේවා කියවන්නෙ…

මහ මැතිවරණයෙන් විප්ලවීය වෙනසක් සිදු විය හැකි එක් විදියක්

Image
July 31, 2020adminPolitics අජිත් පැරකුම් ජයසිංහ – පැරාගේ විරාමය, ලංකා පුවත්පත, 2020-07-31පාර්ලිමේන්තු මැතිවරණයට තව දින කීපයකි. අප අවධානය යොමු කරන්නට යන්නේ රටේ ජනගහනයෙන් 52%ක් වන කාන්තාවන්ට කෙතරම් නියෝජනයක් ලැබේ ද යන්නයි. අපේ රටේ කාන්තාවන්ගෙන් ශ්‍රම බලකාය සමග සම්බන්ධ වන්නේ 35%ක් පමණ ප්‍රතිශතයකි. සමස්ත රැකියා නියුක්තිය සලකා බැලූ විට, රැකියාවල නියුතු වී සිටින්නේ ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහණයෙන් 45%ක් පමණක් බව 2012 සංගණන දත්ත පෙන්නුම් කරයි.කාන්තා ජනගහණය සලකා බැලුවහොත් 65%ක් ම රැකියාවල නිරත වන්නේ නැත. 2006 සහ 2016 අතර දස වසර තුළදී ශ්‍ර‍ම බලකාය සමග සම්බන්ධ වන කාන්තා ජනගහණයේ ප්‍ර‍තිශතය 5%කින් පහත වැටී තිබේ.ලංකාවේ පිරිමින් අතර ද ව්‍යවසායකයන් සංඛ්‍යාව 5%කට අඩු ය. කාන්තාවන් අතරින් නම් 1%ක්වත් ව්‍යවසායකයන් නොවේ.ලංකාවේ සැබෑ සමාජ වෙනසක් ආරම්භ කළ හැකි එක් සන්ධිස්ථානයක් වන්නේ ශ්‍රම බලකායේ කාන්තා ප්‍රතිශතය වැඩි කිරීම සහ කාන්තා ව්‍යසායකත්වය වර්ධනය කිරීමයි. මෙම ගැටලු විසඳාගැනීමට නම් කාන්තාවන්ට සාධාරණ නියෝජනයක් අවශ්‍ය ය. ඒ වෙනුවෙන් කාන්තාවන්ගේ දේශපාලන නියෝජනය වැඩි විය යුතු ය.ලංකාවේ පාර්ලිමේන්තු ඉතිහාසය තුළ කි…

දොස්තර කාවින්ද ජයවර්ධනටත් හෝමෝෆෝබියාව

Image
July 30, 2020adminNewsPeople සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක කාවින්ද ජයවර්ධන වෛද්‍යවරයෙකි. ඔහු එක්සත් ජාතික පක්ෂයේ හිටපු මන්ත්‍රී වෛද්‍ය ජයලත් ජයවර්ධනගේ පුතා ය. රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. ඔහුගේ වෛද්‍ය උපාධිය ලබාගෙන ඇත්තේ ඉන්දියාවේ චෙන්නයිහි ශ්‍රී රාමචන්ද්‍ර වෛද්‍ය විද්‍යාලයෙනි.ශ්‍රී ලංකාවේ සමරිසි ප්‍රජාවට අයිතිවාසිකම් ලබා දිය යුතු ද යන ප්‍රශ්නය SLVlog විසින් ඔහුගෙන් විමසූ විට ඔහු එය එක හෙළා ප්‍රතික්ෂේප කරයි. එය මෙරටට හරියන්නේ නැති බව ඔහු පවසයි. “මං විශ්වාස කරන්නෙ ඒක මානසික ලෙඩක්. අනෙක, මම කතෝලිකයෙක්. අපේ කතෝලික සභාව මේ දේවල් ප්‍රතික්ෂේප කරනවා. මේවා ඕපන්ලි කතා කළාම තමයි ඒවා බලන කුඩා දරුවො ඔය පිස්සු මරගාත කරන්නෙ. අපේ ඉතිහාසෙ ඕව තිබුණෙ නැහැ. මහාවංශෙ, සෙල්ලිපි කියවලා බලන්න. ඒවයෙ මේ ජරාව තිබුණෙ නැහැ. මොඩර්න් වර්ල්ඩ් එකේ මේ ලෝකය විවෘත කිරීමත් එක්ක එක එක මානසික ආතතිවල ඉන්න පිරිස් ඉන්නවා. එක එක ආසාවල් තියෙන පිරිස් ඉන්නවා. ඒවා නීතිගත කරන්න ඕනැ නැහැ. ඒ මිනිස්සුන්ට ඒ ආසාවල් තියෙනවා නම්, වෙන රටවල්වලට, වෙන පළාත්වලට ගිහින් කාමරයක් ඇතුළෙ කරගන්න එක වෙනම කතාවක්. ලංකාවට ගේනවට මම එකඟ නැහැ…

රුක් රැකගන්න සටන් කළ කාමිනී මීදෙණිය විතාරණ

Image
July 29, 2020adminPeople කාමිනී මීදෙණිය විතාරණ කියන්නේ ශ්‍රී ලංකාවේ සිටි ජ්‍යේෂ්ඨ පරිසර ක්‍රියාකාරිනියක්. 1928දී රුවන්වැල්ල ආසන්නයේ මුදුගමුව ගමේ උපන් ඇය 2020 ජුලි 27දා 92 වසරක් ආයු වළඳා අභාවප්‍රාප්ත වුණා. ඇය ලංකා සමසමාජ පක්ෂයේ නායක මහාචාර්ය තිස්ස විතාරණගේ බිරිඳ මෙන් ම ප්‍රවීණ රංගවේදිනී අයිරාංගනී සේරසිංහගේ නැගණියයි.පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරී සත්ව විද්‍යාඥවරියක වන ඇය 1970 දශකයේදී එවකට පැවති ශ්‍රීලනිප, සමසමාජ හා කොමියුනිස්ට් පක්ෂ සභාග ආණ්ඩුව විසින් තුනී ලෑලි සඳහා සිංහරාජ වනාන්තරය කපා ජනාවාස බිහිකිරීමට විරුද්ධ අරගලයට 1975දී බිහි කරන ලද රුක් රැකගන්නෝ සංවිධානය හරහා නායකත්වය දුන්නා. එම වකවානුවේදී තරුණ ප්‍රභූ කාන්තාවන් පිරිසක් මූලිකත්වය ගෙන ආරම්භ කරන ලද මෙම සංවිධානය අභියෝග රැසකට මුහුණ දුන්නා. එසමයේ පැවති සංවර්ධන රැල්ල තුළ වනාන්තර ආරක්ෂා කරගැනීම බොහෝ දෙනෙකුට විහිළුවක් මෙන් වුණා. කාමිනී මීදෙණිය විතාරණ
මෙම අරගලය අවසන් වන විට සිංහරාජ වනාන්තරය ලෝක උරුමයක් ලෙස සංරක්ෂණය වී තිබුණත්, කළුතර දිස්ත්‍රික්කයේ සිංහරාජ වනාන්තරය සම්පූර්ණයෙන් ම විනාශ කර දැමුවේ මෙම කාලයේදීයි. යට්ටපාත, තිනියාවල වැනි ප්‍රදේශ…

ඡන්දෙන් පස්සෙ නීතියට ඉහළින් ගොස් මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධ මර්දනයට සැලසුම්

Image
July 29, 2020adminCrimeOpinion මහ මැතිවරණයෙන් පසු ආණ්ඩුව ජනප්‍රියත්වය ඉලක්ක කරමින් මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධ මැඩලීමේ තිරශ්චීන මර්දන මෙහෙයුමක් ආරම්භ කිරීමට සූදානම් වෙමින් සිටින බව රජයේ ප්‍රධානීන්ගේ ප්‍රකාශ හා ආණ්ඩුවේ ප්‍රචාරණ උපායන් හරහා පෙනී යයි. මහ මැතිවරණයෙන් පසු ගනු ලබන, බදු ඉහළ නැංවීම්, සහනාධාර කප්පාදු, වැටුප් කප්පාදු හා සේවක හා මහජන අරගල මර්දනය හමුවේ ජනප්‍රියත්වය ඉහළ නංවාගැනීම සඳහා පිලිපීන ජනාධිපති රෝඩ්‍රිගෝ ඩුටර්ටේ විසිනු අනුගමනය කරන ආකාරයේ නීතියට ඉහළින් යන රාජ්‍ය අපරාධ රැල්ලක් මගින් මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධ මැඩලීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව සූදානම් වන බව අනුමාන කළ හැකි ය.එහෙත්, ජනාධිපතිවරයා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් සමයේ ඔහු විසින් මර්දනය කිරීමට ගිය ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් යයි චෝදනා ලද පුද්ගලයන් ඔහු ජනාධිපති පදවිය හොබවන ආණ්ඩුව යටතේ ද ප්‍රබල තත්වයක සිටින අතර ඔවුන්ට තවමත් ජනාධිපතිවරයාගේ සොහොයුරු අගමැති මහින්ද රාජපක්ෂගේ රැකවරණය ලැබෙන බව ද පෙනේ.මෙම තත්වය තුළ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් කෙසේ වෙතත්, මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කරනු ලබන මත්ද්‍…

ජෝර්දානයේදී ලාංකික ගැහැණුන්ට පහර දීමට තානාපතිවරිය හා ලංකා රජය වගකිව යුතුයි

Image
July 28, 2020adminInternationalOpinion ජෝර්දානයේ රැකියා අහිමිව සිටියදී ආපසු ශ්‍රී ලංකාවට ගෙන්වා නොගෙන අතරමං කර දමා සිටින ශ්‍රී ලාංකික කාන්තාවන් 300කට අධික පිරිසකට ජෝර්දාන පොලිසිය ලවා ප්‍රහාරයක් එල්ල කිරීමට ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය හා ජෝර්දාන තානාපති ශානිකා දිසානායක කටයුතු කිරීම ඉතාම නින්දිත ක්‍රියාවකි.ශ්‍රී ලංකාව තම රටට විදේශ විනිමය ගෙනත් දුන් පුරවැසියන් ආපසු ගෙන්වන්නේ ඉතා සෙමින් ය. ඔවුන් නිරෝධායනය කිරීම සඳහා අවශ්‍ය වියදම් දරාගැනීමට නොහැකිකම එක් හේතුවකි. අනෙක් පැත්තෙන්, කොවිඩ්-19 පාලනය කළ බව පෙන්වා මහ මැතිවරණයේදී වාසි ලබාගැනීම සඳහා මෙම ලාංකික පුරවැසියන් බිල්ලට දී තිබේ.මාස පහක සිට රැකියා අහිමිව සියරට පැමිණීමට නොහැකිව සිටින මෙම කාන්තාවන්ට තානාපති කාර්යාල නිලධාරීන් හමුවේ උද්ඝෝෂණය කිරීම හැර වෙන විසඳුමක් නැත. සංක්‍රමණික ශ්‍රමිකයන් ආපසු ගෙන්වා ගැනීම සීමා කිරීමේ ශ්‍රී ලංකා රජයේ අනම්‍ය ප්‍රතිපත්තිය නිසා තානාපතිවරියට වුව කිරීමට දෙයක් නැති විය හැකි ය. එහෙත්, ඇය ශ්‍රී ලංකා රජය වෙනුවෙන් වගකීම භාරගත යුතුව තිබිණි. තම නිලධාරීන් නිවැරදිව මෙහෙයවා ගත යුතුව තිබිණි. මෙම තත්වය ඇති වී තිබෙන්නේ ඇය එම කාන…

ඇමරිකාවට PPE අපනයනයට ලංකාවට දොරටු ඇරෙයි

Image
July 28, 2020adminHealthInternational බඩගින්නේ සිටින මිනිසකුට මාළුවකු අල්ලා දෙනවාට වඩා වටින්නේ බිලී පිත්තක් දීමයි. එවිට ඔහු මාළුවා අල්ලා ගන්නා හැටි ඉගෙන ගනු ඇත. ශ්‍රී ලංකාව කොවිඩ්-19 සමග මුහුණ දී සිටින ආර්ථික දුෂ්කරතාව හමුවේ ජාත්‍යන්තර මිතුරුකම් මැනිය හැකි එක් ආකාරයක් වන්නේ එම රටවලට අපනයන සිදුකිරීම සඳහා වෙළඳපොළ විවෘත කර දීමයි. එක්සත් ජනපදයට පෞද්ගලික සෞඛ්‍යාරක්ෂක උපකරණ හෙවත් PPE අපනයනය කිරීම සඳහා වෙළඳපොළ විවෘත කරගැනීම පිණිස ඇඟලුම් කර්මාන්තයේ මෙහෙයුම්කරුවන් 100ක පමණ පිරිසක් සඳහා එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර සංවර්ධන නියෝජිතායතනය හෙවත් USAID, ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් පුහුණුවක් ලබා දී තිබෙනවා. මෙය සංවිධානය කර තිබෙන්නේ කොළඹ එක්සත් ජනපද තානාපති කාර්යාලයයි.එම වෙබිනා මාලාවේදී එක්සත් ජනපද ආහාර සහ ඖෂධ පරිපාලන රෙගුලාසි සමග අනුගත වීමේ ක්‍රියාවලිය සහ එක්සත් ජනපද වෙළඳපොළට පිවිසීමේ ක්‍රියාවලිය පැහැදිලි කර දී තිබෙනවා.කොවිඩ්-19 නිසා පෞද්ගලික සෞඛ්‍යාරක්ෂක උපකරණ වෙළඳපොළ පුළුල් වෙමින් තිබෙනවා. ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තය ඉහළ ප්‍රමිතියකින් යුක්ත නිසා එම වෙළඳපොළට පි…

ශ්‍රී ලංකාව පීසීආර් 150,000 කළේ කාට ද?

Image
July 27, 2020adminHealth ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 නිවාරණ ජාතික මධ්‍යස්ථානය පීසීආර් පරීක්ෂණ 150,000ක් පැවැත්වීම පිළිබඳ අද හෙවත් ජුලි මස 27 දින ඇනුවේ ය. මහජනතාව ලෙස අපට ප්‍රශ්න කීපයක් ඇසීමට තිබේ. මෙසේ පීසීආර් පරීක්ෂණ කරන ලද පිරිස අතර දේශපාලන හා නිලධාරි ප්‍රභූන්ගේ කාර්ය මණ්ඩල සාමාජිකයන් කීදෙනෙකු සිටිනවා ද? ඔවුන් දින කීයකට වරක් පීසීආර් පරීක්ෂණවලට ලක්කරනවා ද?මේ අන්දමින් කාර්ය මණ්ඩලය පීසීආර් පරීක්ෂණවලට ලක්කිරීමේ වරප්‍රසාදය හිමි දේශපාලන හා නිලධාරි ප්‍රභූන් කවුරු ද?එම නිලධාරීන්, විදේශ රටවල සිට පැමිණෙන පුද්ගලයන්, නිරෝධායනයට ලක් කර සිටින පුද්ගලයන් හා කොවිඩ්-19 රෝගීන් හැර සමාජයේ පුද්ගලයන් කීදෙනෙකුට පීසීආර් පරීක්ෂණ සිදු කර තිබේ ද?මේ වන විට ශ්‍රී ලංකාවේ සමාජයේ කොවිඩ්-19 පැතිර තිබෙන්නට පුළුවන. කන්දකාඩු කොවිඩ්-19 පොකුරට රෝගය පැමිණියේ කෙසේ ද යන්න තවමත් හෙළිදරව් නොකරන ලද අභිරහසකි.අන්තිමට අයිඩීඑච් රෝහලෙන් පළා ගිය කොවිඩ්-19 රෝගියාගේ කතාව ද සර්ව සම්පූර්ණ නැත.මෙම තත්වය තුළ, කොවිඩ්-19 අවදානමෙන් අප රට තවමත් බේරී තිබෙන්නට හේතු දෙකක් අනුමාන කළ හැකි ය. එකක් වාසනාව ය. අනෙක සමාජයේ පීසීආර් පරීක්ෂණ සිදු කරන්නේ අවම වශය…

මුල්‍ය නීති කැඩුවාට බැංකු හා මුල්‍ය ආයතන පහකට දඩ ගසයි

Image
July 27, 2020adminNews ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි තොරතුරු ඒකකය විසින් මුල්‍ය විනිවිදභාවය වාර්තා කිරීම සම්බන්ධ නීති උල්ලංඝනය සම්බන්ධයෙන් බැංකු සහ මුල්‍ය සමාගම් පහකට දඩ ගසා තිබෙන බව ඉකොනොමි නෙක්ස්ට් වෙබ් අඩවිය වාර්තා කරයි. මෙම මුල්‍ය සමාගම් තුනට 2019 වසරේදී රු. මිලියන පහක් ද, 2020 වසරේදී රු. මිලියන එකක් ද දඩ ගසා ඇත. 2019 වසරේ දඩ පනවන ලද බැංකු සහ මුල්‍ය සමාගම් තුන වන්නේ, ලංකා බැංකුව (මිලියන තුනයි), නේෂන්ස් ට්‍රස්ට් බැංකුව (මිලියන එකයි) සහ කොමර්ෂල් ක්‍රෙඩිට් සහ ෆිනෑන්ස් (මිලියන එකයි).2020 වසරේදී සර්වෝදය සංවර්ධන මුල්‍ය ආයතනයට හා යූබී ෆිනෑන්ස් ආයතනයට රු. ලක්ෂ පහ බැගින් දඩ ගසා තිබේ.එම වෙබ් අඩවිය පවසන පරිදි මෙසේ දඩ ගසා තිබෙන්නේ දේශපාලනික වශයෙන් නිරාවරණය වී තිබෙන පුද්ගලයන්ගේ අනුමැතිය ලබාගනිමින් ලබාගන්නා ලද තුන්වන පාර්ශ්වයේ තැන්පතු පිළිබඳ නිසි වගකීම් ඉටු නොකිරීම, පරීක්ෂා කිරීමට ඉඩ නොදීම හා මුල්‍ය ගනුදෙනු වාර්තා නොකිරීම සම්බන්ධයෙනි.Adapted from praja.lk

කොවිඩ්-19ට වඩා භයානක ඒ පිළිබඳ ඇති සමාජ අපවාදය

Image
July 27, 2020adminHealth අජිත්පැරකුම් ජයසිංහඑක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දිගු කලක සිට සංචාරක රියදුරකු ලෙස සේවය කර, කොවිඩ්-19 නිසා රැකියාව අහිමිව සිට ශ්‍රී ලංකාවට ආපසු පැමිණීමෙන් පසු කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ දින 14ක් රැඳී සිට නිරෝධායනය වූ මගේ මිතුරෙකු තවත් දින 14ක් ස්වයං නිරෝධායනය වීම සඳහා ඔහු මාතර දිස්ත්‍රික්කයේ පිහිටි තම නිවසට පැමිණියේ ය. එම නිවසේ සිටි ඔහුගේ මව ඔහුට තනිවම නිරෝධායනය වීම සඳහා නිවස භාර දී ඥාති නිවසකට පිටත්ව ගියා ය. අසල නිවසක සිටින ඔහුගේ සොයුරිය ඔහුගේ කෑම පාර්සලය නිවසේ ඉදිරිපිට තබා යයි. ඔහු නිවසේ සිටින්නේ හුදකලාව ය. ඔහු මේ වන විට පීසීආර් පරීක්ෂණ තුනකට භාජනය වී තිබේ. ඒ සියල්ලෙන් ම ඔහු නෙගටිව් ය. ඔහු ස්වයං නිරෝධායනයට ලක්වන්නේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකුගේ අධීක්ෂණය යටතේ ය. මේ සියල්ලම එසේ වෙද්දීත්, ඔහු නිවසට පැමිණි දිනට පසු දින ම ඔහුගේ අක්කාගේ සැමියාට ඔහු කරමින් සිටි වඩු රැකියාව අහිමි වී තිබේ. බියපත් ගම්වැසියන් ඔහුට වැඩට එන්නට එපා යයි කියා ඇත. මේ වනාහි, වසර ගණනාවක් මෙරටට විදේශ විනිමය එවූ විදේශ ශ්‍රමිකයකු නිරෝධායනයට ලක්ව ගමට පැමිණ පැය 24ක් ඇතුළත මුහුණ දුන් තත්වයයි. පසුව මෙම ත…