ෂර්මි කුමාර් හිරේ නම් යූටියුබ් නාලිකා සිටිය යුත්තේ කොහේ ද?

තමන් ගණිකාවක් බව ප්‍රසිද්ධියේ කියන, ලිංගිකත්වය ගැන ප්‍රසිද්ධියේ කතාකරන ෂර්මි කුමාර් නම් කාන්තාවක පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීම ඇතැම් මාධ්‍ය විසින් නාට්‍යයක් ලෙස ආවරණය කර තිබිණි. මේ අතර, එම කාන්තාව අත්අඩංගුවට ගැනීම පිළිබඳ යම් උද්ඝෝෂණයක් කරමු යයි එක් රැඩිකල් වාමාංශිකයකු යෝජනා කර තිබෙනු ද දුටිමි.
Translations by Creative Content Consultants
ෂර්මි කුමාර්ගේ වීඩියෝ මා බැලුවේ මෙම සිදුවීමෙන් පසුව ය. ඇත්තට ම සිදු වී තිබෙන්නේ යූටියුබ්කාරයන් විසින් ෂර්මි කුමාර්ව සිල්ලරට විකුණාගෙන කෑමයි. එසේ නින්දිත අන්දමින් සූරාකෑමට ලක්වන ගැහැනියකට එසේ සූරාකෑමට ලක්වීමට තිබෙන අයිතිය වෙනුවෙන් කිසිවෙකු පෙනී සිටිය යුත්තේ ඇයි?
සම්ප්‍රදායික සංස්කෘතියක ජීවත් වූ දෙමළ කාන්තාවක ලෙස ලිංගික හා ප්‍රජනන සෞඛ්‍යය පිළිබඳ මූලික කාරණා නොදැන සිටි බවත්, තමන් පළමු වරට ලිංගික සංසර්ගයේ යෙදුණේ වයස අවුරුදු 27දී විවාපත්ව පළමු රාත්‍රියේදී සැමියා සමග බවත් පවසන මෙම කාන්තාවගේ වීඩියෝ බැලූ විට පෙනී යන්නේ ඇය බෙහෙවින් පාවිච්චි වී ඇති, දැනටත් යූටියුබ් නාලිකා කරන පිරිමින් වෙත සීමාවකින් තොරව පාවිච්චි වන, කුමන හෝ ආකාරයකින් ප්‍රදර්ශනය වීමට කැමති, නීතියක් රීතියක් නොදත්, වාචාල, මෝඩ කාන්තාවක් බවයි. යූටියුබ්කාරයන් මේ ගැහැණියගේ ලිංගික වාචාලකම් විකුණන අතර මොවුන්ට හිටිහැටියේ සිංහල බෞද්ධකම හා මුස්ලිම් හා දෙමළ විරෝධය පවා මතක් වන්නේ හාස්‍යය මතුකරමිනි.
කැමරාවක් ඉදිරියේ කතා කළ යුතු, කතා නොකළ යුතු දේ නොදත් මේ ගැහැණිය දමාගෙන යූටියුබ් චැනල් කළ පිරිමි ඇය දූෂණය කළ තරම් ඇය ඇත්තට ම සෙක්ස් හෝ කරන්නට නැත. ඇගේ වීඩියෝ බලා ආතල් ගන්නා පිරිමි බොහෝ අය ගණිකාවක් ලෙස හෝ ඇය මිළ දී ගැනීමට කැමති වේ යයි සිතිය නොහැකි ය. එවැනි වාචාල, මෝලක් හෙවත් යන්ත්‍රයක් වැනි ගැහැණියක සමග ලිංගිකව එක්වීමෙන් තෘප්තිය ඇය බාල වයස්කාර දැරියකගේ මවකි. නැවත විවාපත් වන්නට ද අදහසක් තිබේ. ඇය ලිංගික සංසර්ගය ගැන කතාකරන්නේ තිබහට වතුර බීම වැනි වැඩක් සේ ය. ලිංගිකත්වය ඒ මට්ටමට ගිය විට එහි තවදුරටත් රසයක් ඉතිරි වේද යන්න ප්‍රශ්නයකි.
මෙම ගැහැණිය පමණක් නොව ඇය යූටියුබ් මගින් දූෂණය කරන පිරිමි පවා රටේ නීතිය ගැන නොදනිති. පොලිසිය මාධ්‍ය සංදර්ශනයක් පාමින් අත්අඩංගුවට ගන්නේ මෙම කාන්තාව පමණක් වන මුත්, මෙම යූටියුබ් නාලිකා මහා පරිමාණෙන් රටේ නීති උල්ලංඝනය කර තිබේ. ඔවුන්ට එරෙහිව පොලිසිය ක්‍රියාත්මක වන්නේ කවදා ද? ඒවාත් මෙවැනි සංදර්ශන බවට පත් කරාවි ද?
ලංකාවේ ගණිකා වෘත්තිය නීතිගත කර නැත. එහෙත්, එය බොහෝ දුරට නිදහස් අන්දමින් රට තුළ සිදු වේ. එය ඇතැම් පිරිමින්ගේ අසහනයන් දුරුකිරීමට මෙන් ම ඇතැම් ගැහැණුන්ගේ දරිද්‍රතාව නැතිකිරීමට ද ඉවහල් වී තිබේ. ඒ ගැන අපි වරදක් නොකියමු. එහෙත්, මස් කන පළියට බෙල්ලේ බැඳගෙන නොකෑ යුතු ය. තරගකාරිත්වය නිසා බෙල්ලේ බැඳගෙන මස් කන්නා සේ ගණිකා වෘත්තියේ යෙදෙන මෙවැනි ගැහැණු ද, එවැනි ගැහැණුන් විකුණාගෙන කන බෙල්ලේ බැඳගෙන මස් කන්නා සේ මාධ්‍ය කර්තව්‍යයේ යෙදෙන යූටියුබ් චැනල් සහ ඇතැම් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය නාලිකා ද කරන්නේ පවත්නා තුලනය බිඳදැමීම සඳහා කටයුතු කිරීමයි. එවැන්නන් නිහඬ කළ යුතු ය.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා