ඉස්පිරිතාලත් දැන් ඉස්මාට් වෙලා හලෝ

රෝගියෙක් රෝහලට ඇතුලත් කර ගැනීමේදී බාර්කෝඩ් පතක් ලැබෙනවා. එමගින්  රෝගියාට ප්‍රතිකාර ලබා ගැනීම  ඇතුළු සියලු සේවාවන් ඉතා විධිමත්ව සහ කාර්යක්ෂමව කරගන්නට පුළුවන්. නැවත වරක් රෝගියාට රෝහල්ගත වීමට සිදුවුව‍හොත් රෝගී ඉතිහාසය පිළිබඳ දත්ත බාර්කෝඩ් අංකය යටතේ වාර්තා වී තිබීම නිසා කඩිනමින් වෛද්‍යවරයාට එය පරිශීලන කිරීමට පුළුවන්.
කොහේද? පිටරටක ද?
නැහැ. ලංකාවේ.
පෞද්ගලික රෝහලක වෙන්න ඇති.
නැහැ රජයේ රෝහල්වල.
ඔව් දැනටමත් මේ වැඩසටහන ක්‍රියාත්මක වෙන රෝහල් රැසක් ම ශ්‍රී ලංකාවේ තිබෙනවා. 2012දී දොම්පෙ රෝහලෙන් තමයි මේ ඩිජිටල්කරණය ආරම්භ කළේ.
අම්පාර රෝහලේ තමයි මුලින්ම ඩිජිටල් එක්ස්රේ යන්ත්‍ර මෙම පද්ධතියට සම්බන්ධ කළේ. එක්ස්රේ පටල සඳහා පමණක් රජය මසකට රුපියල් කෝටි ගණනක මහජන මුදල් වැය කරනවා. මේ ක්‍රමයෙන් එයත් ඉතිරි කරගන්නට පුළුවන්.
රෝගීන්ට ‍බෙහෙත් නිකුත් කිරීම සහ රෝහලේ ඖෂධ තොග කළමණාකරණය කිරීමද මෙම ඩිජිටල්කරණය ඔස්සේ පහසු වෙනවා.
දැන් රජයේ රෝහල් 40 කට පමණ මෙම  මෙම ඩිජිටල්කරණ වැඩසටහන හඳුන්වා දී ඇතැයි ද එම කටයුතු ඉතා සාර්කථව සිදුවන බව ද  ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ  වැඩසටහන් කළමනාකරු ශ්‍රියානන්ද රත්නායක පවසයි.
ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) විසින් ක්‍රියාත්මක ඩිජිටල් සෞඛ්‍ය ව්‍යපෘතිය යටතේ පසුගියදා පොළොන්නරුව රෝහල ද ඩිජිටල්කරණය සිදු කළා.
ඩිජිටල්කරණය රාජ්‍ය ප්‍රතිපත්තිවල ප්‍රමුඛ අංගයක් බවට පත්වෙමින් තිබෙනවා.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා