පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායකයන් අතර කාන්තාවක්

පසුගියදා පැවැත්වුණ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සම්මේලනයේදී එහි මධ්‍යම කාරක සභිකයන් 17දෙනා අතරට කාන්තාවක් තෝරා පත් කරගෙන තිබේ. ඇය නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය නම් සංවිධානයේ ජාතික සංවිධායිකාව ද වන හේමමාලි අබේරත්නයි.
Translations by Creative Content Consultants
ශ්‍රී ලංකාවේ වාමාංශික පක්ෂවල නායකත්ව මණ්ඩලවල කාන්තා නියෝජනය අවම ය. පිරිමින්ගේ දේශපාලන පක්ෂ ලෙස සැලකිය හැකි මෙම පක්ෂවල දේශපාලන මණ්ඩලවල කාන්තා නියෝජනයක් ඇත්තේ ම නැත. ජනතා විමුක්ති පෙරමුණේ සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්‍යම කාරක සභාවල පවා ඇත්තේ ඉතා සුළු කාන්තා නියෝජනයකි.
ජනතා විමුක්ති පෙරමුණේ අවසන් වරට පත් වූ මධ්‍යම කාරක සභාවේ ද කාන්තාවන් දෙදෙනෙකු සිටිති. එනම් චන්ද්‍රිකා අධිකාරි සහ සමන්මලී ගුණසිංහයි.
ජනතා විමුක්ති පෙරමුණේ හා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මෑත යුගයේදී ඉදිරියට පැමිණි කාන්තා නායිකාවක වන දිමුතු ආටිගල පසු කලෙක දේශපාලනයෙහි නිහඬ විය.
මහින්ද දේවගේ නායකත්වය දරණ ඉතා කුඩා වාමාංශික පක්ෂයක් වන ශ්‍රී ලංකාවේ සමාජවාදී පක්ෂය මෙවර ජනාධිපතිවරණය සඳහා කාන්තා අපේක්ෂිකාවක් ඉදිරිපත් කර තිබේ. ඇය ආචාර්ය අජන්තා පෙරේරා ය.
සෙසු වාමාංශික පක්ෂවල කාන්තා ක්‍රියාකාරිත්වය අවම ය. සමසමාජ, කොමියුනිස්ට් වැනි පැරණි පක්ෂවල මෙන් ම එම ධාරාවෙන් පැනනැගුණු අලුත් පක්ෂයක් වන එක්සත් වාමාංශික පෙරමුණේ ද කාන්තා ක්‍රියාකාරිත්වයක් ඇත්තේ ම නැති තරම් ය.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා