එක්සත් ජනපදය පළමු නීත්‍යානුකූල කංසා අවන්හල විවෘත කරයි

එක්සත් ජනපදයේ පළමු කංසා අවන්හල අද ලොස් ඇන්ජලීස්හිදී විවෘත වුණා. එහි ඡායාරූපයක් තමයි ඉහත පළ වුණේ.
(ලිපිය දැන්වීමෙන් පසු)
Translations by Creative Content Consultants
බටහිර හොලිවුඩයේ වෙන්දේසි කරන ලද කංසා පාරිභෝගික සේව බලපත්‍ර අටක් වෙනුවෙන් අයදුම්කරුවන් 300ක් ඉදිරිපත් වුණා. ලොවෙල් ෆාම්ස් තමයි මුලින් ම එක්සත් ජනපදයේ විවෘත වුණ කංසා පරිභෝජනයේ පූර්ණ නීතිමය අවසරය සහිත අවන්හල.
එහි ආකාර කීපයකින් කංසා වින්දනය කරන්නට පුළුවන්. ඒ සම්බන්ධ උපදෙස් ආයතනය විසින් සපයනවා. එහි ආහාර පානත් සපයනවා. හැබැයි, කංසා නීති අනුව, ඒ කිසිවකට කංසා මුසු කර නැහැ.
කැනඩාව, දකුණු අප්‍රිකාව, නවසීලන්තය, උරුගුවේ යන රටවල කංසා නීත්‍යානුකූලයි. ඇමරිකා එක්සත් ජනපදය, ඕස්ට්‍රේලියාව සහ වෙනිසියුලාව හැර ලතින් ඇමරිකානු රටවල කංසා නීති විරෝධී වන මුත්, කංසා භාවිතය අපරාධ ගණයේ ලා සැලකෙන්නේ නැහැ. ඉන්දියාව, පකිස්තානය වැනි රටවල්වල කංසා නීති විරෝධී වුවත්, ඒ නීති ක්‍රියාත්මක වන්නේ කලාතුරකින්. ලංකාවේ කංසා නීති විරෝධීයි. පානය, ළඟ තබාගැනීම, අලෙවිය සිදු කළහොත් නීතියෙන් දඬුවම් ලැබීමට සිදුවෙනවා.
මත්වීම මිනිසුන් අනාදිමත් කාලයක සිට කරනවා. මිනිසුන් පමණක් නොවෙයි, ඇතැම් සතුනුත් මත්වීමට කැමතියි. මත්වීම සඳහා තිබෙන වෙනත් බොහෝ නීත්‍යානුකූල යයි කියන ක්‍රමවලට වඩා කංසා හානිකරභාවය අතින් අවමයි. හානියක් නැති ම ආහාර පාන ලොවෙත් නැහැ. මහදැනමුත්තා කතාවක වා, පිත්, සෙම් තුනට ම දොස් නැති කෑමක් සොයාගෙන එන්නට ගිය රබ්බඩ අයියා අන්තිමට ගෙනාවෙ අමු ඉඟුරු.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා