සහරාන්ලාට අයිඑස් සමග ඍජු සම්බන්ධයක් ඇති බව තවමත් තහවුරු වී නැහැ – ද හින්දු

අප්‍රේල් 21දා ලංකාවේ මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කළ ජිහාඩ් කල්ලිවලට ඉස්ලාමීය රාජ්‍යය හෙවත් අයිඑස් ත්‍රස්ත සංවිධානය සමග ඇත්තට ම සම්බන්ධකම් තිබුණා ද යන්න තවමත් හෙළිදරව් වී නැති බව ද හින්දු පුවත්පත විශ්ලේෂණයක් කරමින් පවසයි.
(ලිපිය දැන්වීමෙන් පසු නැවතත්)
Sinhala Tamil English Translations and Content Writing
අයිඑස් ත්‍රස්තයන් මෙම ප්‍රහාරයේ වගකීම භාරගත්ත ද එහි නායක අබූ බකර් අල් බග්දාදි එම ප්‍රහාරය පිළිබඳ මුලින් දැන නොසිටි බව පරීක්ෂණ පවත්වන කණ්ඩායමේ ඉහළ නිලධාරියකු උපුටා දක්වමින් ද හින්දු පුවත්පතේ මීරා ශ්‍රීනිවාසන් පවසයි.
සිදු වී තිබෙන්නේ දැනට අත්අඩංගුවේ සිටින දේශීය ඉස්ලාම් රැඩිකල්වාදියකු තුන්වන පාර්ශ්වයක් හරහා බග්දාදි සම්බන්ධ කරගෙන මෙම ප්‍රහාරයේ ඔවුන්ගේ එකක් ලෙස පිළිගන්නා ලෙස ඉල්ලා සිටි බවයි.
අයිඑස් සංවිධානය මෙම ප්‍රහාරයේ වගකීම භාරගත්තේ පැය 48කට පමණ පසුව ය. අයිඑස් සංවිධානයේ අමාක් පුවත් නියෝජිතායතනය විසින් ඒ සමග සහරාන් හෂීම් ඇතුළු පිරිස ප්‍රතිඥාවක් දෙන වීඩියෝව නිකුත් කරන ලදී.
සහරාන් ඇතුළු පිරිස අයිඑස් හිතවාදීන් වුවත්, ඔවුන් එම සංවිධානය සමග ඍජු සම්බන්ධකම් පැවැත්වූවා ද යන්න සම්බන්ධයෙන් තවමත් කරුණු හෙළිදරව් වී නැත. සහරාන්ගේ කල්ලියේ වැඩිදෙනෙකු අයිඑස් සමග සම්බන්ධව විදේශ රටවල සටන් කිරීමට කැමැත්තෙන් සිටිය ද ඒකාධිපති නැඹුරුවක් තිබුණු සහරාන් ලංකාවේ ප්‍රහාර එල්ල කළ යුතු බවට දැඩි ස්ථාවරයක සිටි බව ද හෙළිදරව් වී තිබේ.
කෙසේ වෙතත්, සවුදියෙන් පසුගියදා පිටුවහල් කරන ලද ශ්‍රී ලාංකිකයන් පස්දෙනා අතර සිටින ජාතික තව්හීද් ජමාත් සංවිධානයේ සහරාන්ගෙන් පසු නායකයා බව කියන මෙහොමඩ් මිල්හාන්ගෙන් ප්‍රශ්න කිරීමෙන් වැඩිදුර තොරතුරු ලබාගැනීමට හැකි වනු ඇතැයි ආරක්ෂක අංශ විශ්වාස කරයි.
2018 නොවැම්බරයේදී මඩකලපුවේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඝාතනය කිරීම හා ඇමති කබීර් හෂීම්ගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු වූ මොහොමඩ් නස්ලිම්ට වෙඩි තබා තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් සැකයට භාජනය වී සිටින මිල්හාන් හෙවත් අබු සීලන් පසුගිය අප්‍රේල් 17දා මක්කම වෙත ගොස් තිබිණි. අප්‍රේල් 30දා ආපසු පැමිණීමට නියමිතව සිටි ඔහු දෙවන වටයේ ප්‍රහාර මාලාවක් සැලසුම් කර සිටි බව විශ්වාස කෙරේ. මිල්හාන්ගේ ලැප්ටොප් පරිගණකය සහ ජංගම දුරකථනය සවුදි බලධාරීන් වෙතින් ලබාගැනීමට මේ වන විට බලධාරීහු කටයුතු කරමින් සිටිති.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා