ඉන්දියාව සැප්තැම්බරයේ හඳට යයි

2019 වසරේ සැප්තැම්බර් මාසයේදී සඳ මත අභ්‍යවකාශ යානයක් ගොඩබස්වන බව ඉන්දීය අභ්‍යවකාශ නියෝජිතායතනය පවසයි.
Sinhala Tamil English Translations and Content Writing
ඒ සඳහා වන චන්ද්‍රයාන්-2 නම් වන අභ්‍යවකාශ යානය ජුලි මස මැද දකුණු ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ ශ්‍රීහරිකොටා වෙතින් අභ්‍යවකාශගත වීමට නියමිත ය. එය මිනිසුන් රහිත අභ්‍යවකාශ යානයකි. ටොන් 3.8ක් බර මෙම යානය චන්ද්‍රයා වටා කක්ෂගත වන චන්ද්‍රිකාවකින්, ගොඩබැසීම සඳහා යොදාගනු ලබන ලෑන්ඩරයකින් සහ සඳ මත ධාවනය වෙමින් චන්ද්‍ර පාෂාණ හා භූ කම්පන අධ්‍යයනය කරන රෝවර් යානයකින් සමන්විත වේ. මේවා නිපදවා තිබෙන්නේ ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානය (ISRO) විසිනි.
මේ සමග ඉන්දියාව චන්ද්‍රයා මත ගොඩබැස්වීම් කළ ලොව සිව්වන රට බවට පත් වේ. මීට පෙර ඇමරිකා එක්සත් ජනපදය, රුසියාව සහ චීනය චන්ද්‍රයා මත යානා ගොඩබස්වා තිබේ.
මීට පෙර චන්ද්‍රයාන්-1 චන්ද්‍රයා වටා කක්ෂගත වී සඳ මතුපිට ජල අණු පිළිබඳ පරීක්ෂණ පැවැත්වී ය.
වසර 2022 වන විට සඳ මත මිනිසකු ගොඩබැස්වීමට ද ඉන්දියාව සැලසුම් කරමින් සිටියි. මෙතෙක් සඳ මත මිනිසුන් ගොඩබැස්වීමට සමත් වී තිබෙන්නේ එක්සත් ජනපදය පමණි.
මේ වන විට ඉන්දියාව අඟහරු ග්‍රහයා වටා ද යානයක් කක්ෂගත කර තිබේ.
(ඡායාරූපය: ඉන්දියාවේ බැංගලෝරයේ ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානයේ මධ්‍යස්ථානයේ දර්ශනයක්. ඡායාරූප ස්තුතිය CNN)

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා