සීසේරියන් සැත්කමකදී පැලෝපීය නාලය ඕනැ කෙනෙකුට පෙනෙනවා ද?

වඳ සැත්කම් පිළිබඳ ආන්දෝලනය සමයේ එයට මැදිහත් වූ රජරට විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයකු වන චන්න ජයසුමන සහ තවත් වෛද්‍යවරුන් විසින් වැරදි තොරතුරු රැසක් පතුරුවා හරින ලදී. ඒ අතර ඉතා වැදගත් කරුණක් වන්නේ සීසේරියන් සැත්කමක් අතරතුරදී හෙදියකට පවා පැලෝපීය නාලයට හානි කළ හැකි බවයි. එහෙත්, ඒ පිළිබඳව 
කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රසව හා නාරිවේද අංශයේ ප්‍රධානියා වන මහාචාර්ය හේමන්ත සේනානායක පවසන්නේ වෙනස් මතයකි.
Sinhala Tamil English Translations and Content Writing
මහාචාර්යවරයා ඩේලි මිරර් පුවත්පත සමග පැවැත්වුණ සම්මුඛ සාකච්ඡාවකදී පෙන්වා දෙන පරිදි පැලෝපීය නාල සීසේරියන් සැත්කමකදී සාමාන්‍යයෙන් දකින්නට ලැබෙන්නේ නැත. එය දැක ගැනීමට නම් තුවාලය හරහා උදරය තුළට තවත් අත දැමිය යුතු ය.
කොළඹ විශ්වවිද්‍යාලයේ ආචාරධර්ම විවරණ කමිටුවේ ද සභාපතිවරයා වන, ශ්‍රී ලංකාවේ ප්‍රසව හා නාරිවේද වෛද්‍ය විද්‍යාලයේ හිටපු සභාපති ද වන මහාචාර්ය හේමන්ත සේනානායක පෙන්වා දෙන පරිදි ජනතාව අවධානය යොමු කළ යුතු වන්නේ තහවුරු වූ කරුණුවලට මිස ආවේගවලට හෝ ඕපාදූපවලට නොවේ.
ඔහු පවසන පරිදි සත්‍යය සොයාගැනීමට අපක්ෂපාතී, විනිවිද පෙනෙනසුළු විමර්ශනයක් ඉක්මණින් කළ යුතු අතර එහි පමාවක් සිදු වුවහොත් එය ශ්‍රී ලංකාව මාතෘ සෞඛ්‍ය සේවා පැත්තෙන් ලබා තිබෙන ජයග්‍රහණවලට දැඩි ලෙස බලපානු ඇත.
මහාචාර්ය සේනානායක විසින් ද පෙන්වා දෙන ලද ඉතා වැදගත් කරුණක් තිබේ. එනම්, මෙම ප්‍රශ්නය නිසා ශ්‍රී ලංකාව අත්පත් කරගෙන තිබෙන මාතෘ සෞඛ්‍ය ජයග්‍රහණවලට බාධා ඇති විය හැකි ය.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා