Posts

Showing posts from June, 2019

යහපාලනයේ විලි වසාගන්නට කුඩුකාරයන් එල්ලා මැරීම

Image
June 27, 2019   admin   Cartoon   සිංහල අජිත් පැරකුම් ජයසිංහ 62 ලක්ෂයක යහපාලන ජනවරමට පයින් ගසා විවිධ බහුරූ කෝලම් රඟදක්වමින් සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ අලුත් ම ලේ හැලෙන ක්‍රියාකාරකම වන්නේ පුරා වසර 43ක් තිස්සේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක නොවූ මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම සඳහා පියවර ගැනීමයි. (ලිපිය දැන්වීමෙන් පසු නැවතත්) එහි පළමු පියවර ලෙස මත්ද්‍ර‍ව්‍ය වැරදි සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය ලැබ සිටින පුද්ගලයන් සිව්දෙනෙකු තෝරාගෙන මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා තීරණය කර, දින වකවානු නියම කර ඇති බව ජනාධිපතිවරයා පවසයි. මෙම පුද්ගලයන්ගේ නම් සහ මරණ දඬුවම ක්‍රියාත්මක කරන දින වකවානු රහසිගතව තබාගෙන සිටින බව පෙනේ. මේ වන විට බන්ධනාගාරවල මරණීය දණ්ඩනයට ලක් වූ පුද්ගලයන් 450කට වඩා සිටිති. ජනාධිපතිවරයා මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම හඳුන්වන්නේ මත්ද්‍ර‍ව්‍යවලට එරෙහිව ඔහු කරන බව කියන අරගලයේ පියවරක් ලෙසයි. එහෙත්, ඔහුගේ සමීපස්ථ පවුලේ ඇතැම් අය ද බලපත්‍ර‍ සහිතව මත්පැන් අලෙවියෙන් මුදල් උපයති. මේ වන විට සිය ධුර කාලයේ අවසන් මාස හයට පිවිසී සිටින ජනාධිපතිවරයා නීති තර්ක ඉදිරිපත් කරමින් ජනාධිපතිවරණය

පුරවැසි ගෞරවය රකින හිංසාවෙන් තොර ශ්‍රී ලංකාවක්

Image
June 26, 2019   admin   Human Rights   සිංහල සංවාද මණ්ඩපය අද වධහිංසනයට ලක්වූවන්ට සහාය සඳහා වන ජාත්‍යන්තර දිනය ජුනි 26දා ය. මෙම රූපයේ දැක්වෙන ආරාධනය මට ලැබුණේ එහෙයිනි. මම වධකාගාර කීපයක ‘ජීවත් වී’ මරණයෙන් බේරී පැමිණියෙක්මි. ඒ 1983 සිට තහනම් කර තිබුණු ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරිකයකු ලෙස දේශපාලනය කිරීමේ ප්‍ර‍තිඵලයක් ලෙස ය. ජවිපෙ ද එම වකවානුවේ ප්‍ර‍චණ්ඩත්වයේ යෙදුණු ව්‍යාපාරයක් විය. ප්‍ර‍චණ්ඩත්වය හා වධහිංසනය අතර වෙනසක් ඇතැයි මම සිතමි. ප්‍ර‍චණ්ඩත්වය පුළුල් පරාසයක විහිදෙයි. වධහිංසනය එහි කොටසකි. එසේම, වධහිංසනය ප්‍ර‍චණ්ඩත්වය ඉක්මවා යන්නක් ද වෙයි. වධහිංසනයේ විවිධ ස්වරූප සමාජ දේහය පුරා ම පැතිරී තිබේ. පවුලෙන් පටන් ගන්නා එය පාසල, විශ්වවිද්‍යාලය, ආදරය, පවුල, ආදී විවිධ පැතිකඩ ඔස්සේ දේශපාලන සිරකරුවන් වධහිංසනය කරා ද පැමිණේ. සිරකරුවන් වධහිංසනයට ලක්කිරීම නීතිය හා ආරක්ෂාව සම්බන්ධයෙන් වගකිවයුතු අංශ විසින් වධහිංසනය මෙවලමක් ලෙස භාවිතා කිරීම කෙරෙහි සමාජයේ සුවිසල් අවධානයක් යොමු වී තිබේ. එය පුළුල්ව පැතිරී තිබීම හා සිදුවන්නක් ලෙස පිළිගැනීමට ලක් වී තිබීම එයට හේතුවයි. පාසල්වල සිදුවන ශාරීරික හා

වෙන්නප්පු සභාපති අප්පු ව්‍යවස්ථාවට කෙළපු හැටි

Image
June 26, 2019   admin   Law   Politics   සිංහල රටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හෝ මූලික නීතිය ගැන නොදත්, නායකත්වයක් නැති, උපදේශකයකු නැති පුද්ගලයකු ලෙස සැලකිය හැකි, කේ.වී. සුසන්ත පෙරේරා නම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා විසින් නිකුත් කරන ලද ලිපියක රූපයක් මේ සමග තිබේ. මෙම මුග්ධ සභාපතිවරයා විසින් වෙන්නප්පුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ තිබෙන දංකොටුව සතිපොළ භූමියෙහි වෙළඳාම් කිරීම මුස්ලිම් ජනයාට තහනම් කර තිබේ. මෙවැනි නියෝගයක් නිකුත් කිරීමට ප්‍රාදේශීය සභාවක සභාපතිවරයකුට තබා ජනාධිපතිවරයාටවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව නොහැකි ය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 (2) වගන්තියේ මෙසේ දැක්වේ: (ලිපිය දැන්වීමෙන් පසු නැවතත්) කිසිම පුරවැසියක වර්ගය, ආගම, භාෂාව, කුලය, ස්ත‍්‍රී පුරුෂ භේදය, දේශපාලන මතය හෝ උපන් ස්ථානය යන හේතු මත හෝ ඉන් කවර වූ හේතුවක් මත හෝ වෙනස්කමකට හෝ විශේෂයකට හෝ භාජන නොවිය යුත්තේ ය; ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(3) වගන්තියේ ඉතා පැහැදිලිව මෙසේ දැක්වේ: වර්ගය, ආගම, භාෂාව, කුලය හෝ ස්ත‍්‍රී පුරුෂ භේදය යන හේතු මත හෝ ඉන් කවර වූ හේතුවක් මත හෝ වෙළඳසල

ලොකු ම බොරුකාරයා දිවයින ද? ලොකුගේ ද?

Image
June 25, 2019   admin   Media   සිංහල පහත දැක්වෙන්නේ ජුනි 22දා දිවයින පුවත්පතේ පළ වූ වාර්තාවකි. රෝහල් ළඟ නොමිලේ කන්න දෙන මුස්‌ලිම් සංවිධාන ගැන සොයන්න – ගාමිණී ලොකුගේ ආණ්‌ඩුවෙන් ඉල්ලයි  ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්   කොළඹ ජාතික රෝහල, කළුබෝවිල, පිළිකා වැනි රෝහල්වල සායනවලට එන ජනතාවට නොමිලේ බුෆේ කෑම කන්න දෙන මුස්‌ලිම් සංවිධානය ගැන වහාම අවධානය යොමු කරන්න යෑයි බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා ‘දිවයිනට’ පැවැසීය.   මොවුන් මෙම ආහාර වසර 4 කට අධික කාලයක සිට ජනතාවට නොමිලේ ලබා දෙනුයේ කුමන පදනමකින්ද? යන්න ප්‍රශ්නයක්‌ බව ද හෙතෙම කීය.   මෙහි දී තවදුරටත් කතා කළ ගාමිණී ලොකුගේ මහතා මෙසේ ද කීය.   දැන් මේ නොමිලේ කෑම දෙන සංවිධානය කුමන අරමුණකින් කෑම දෙනවා ද කියා සැකයි. මේ දෙන ආහාර හරහා කාන්තාවන් වඳභාවයට පත්කරනවා ද කියලත් සැකයක්‌ තියෙනවා. මොවුන්ගේ මේ තරම් උනන්දුව මොකද? මේවා සෞඛ්‍ය බලධාරීන් වහා සොයා බලන්න ඕනෑ.   දැන් මේ අය රජයේ රෝහල්වල සායනවලට එන බෞද්ධ ජනතාව ළඟට ගිහින් ටිකට්‌ එක දෙනවා. කාන්තාවන්ට තමයි මේ ටිකට්‌ එක විශේෂයෙන් දෙන්නේ. එහෙම දීලා කියනවා සායනයෙන් කරගන්න ව

ලංකාවේ ICCPR පනතේ ගැටලු මොනවා ද? (2)

Image
June 25, 2019   admin   Law   සිංහල ලංකාවේ ICCPR පනතේ ගැටලු මොනවා ද? (1) මෙතනින් කියවන්න >> 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත හෙවත් ICCPR පනතේ ඇති ප‍්‍රබලම දුර්වලකම වන්නේ එමගින් අපරාධයක් බවට ප‍්‍රකාශයට පත් කරන්නේ එහි 3 වගන්තිය යටතේ ඇති කරුණු පමණක් වීම බව ආසියානු මානව හිමිකම් කේන්ද්‍රය පෙන්වා දෙයි. අනෙක් වගන්ති යටතේ වැටෙන කරුණු මූලික අයිතිවාසිකම්වලට සම්බන්ධ හෙයින් වගඋත්තරකරුවකුට එරෙහිව අපරාධ නඩුවක් පවරන්නට හැකියාවක් නැත. (ලිපිය දැන්වීමෙන් පසු නැවතත්) වැරදි ආකාරයට මිනිසුන් අත්අඩංගුවට ගන්නා නිලධාරියෙකු අපරාධයක් කළා සේ සලකා ඔවුන්ට විරුද්ධව අපරාධ නඩු විධිවිධාන පනත යටතේ පරීක්ෂණයක් කොට ඔවුන් අධිකරණ වලට පමුණුවා දඬුවම් කිරීමේ හැකියාව ICCPR ජාත්‍යන්තර සම්මුතිය ක්‍රියාත්මක කිරීමේ අත්‍යවශ්‍ය කොන්දේසියක් බව ද එම සංවිධානය පෙන්වා දෙයි. මේ අනුව, සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ආරක්ෂා කර දීම සඳහා උත්සාහයක් ලෙස හැඳින්විය හැකි ICCPR සම්මුතියේ නම මෙම පනතට යොදාගැනීම ප්‍රශ්නකාරී බවත්, එයින් සිදුවන්නේ ජාත්‍යන්තර ව්‍යාකූලත්වයක් ඇති වීම බවත් පෙනේ.

අනිවාර්ය හිස් ආවරණයට එරෙහිව ඉරානයේ කාන්තාවන් සටනේ

Image
මේ ඡායාරූපයේ සිටින සුන්දර, 23හැවිරිදි යුවතිය ඉරාන ජාතික යසමන් අර්යානි. ඇය ඉරානයේ සිවිල් අයිතිවාසිකම් ක්‍රියාකාරිනියක්. විරෝධතා රැස්වීමකට සහභාගි වීම නිසා 2018 අගෝස්තුවේදී අත්අඩංගුවට ගන්නා ලද ඇය 2019 පෙබරවාරියේදී නිදහස් කරනු ලැබුවා. පසුව නැවත පසුගිය අප්‍රේල් මාසයේදී ඇය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඇය බැලීමට ගිය ඇගේ මව ද අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඇය අත්අඩංගුවට ගැනීමට හේතුව ලෙස ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය සඳහන් කරන්නේ ඇය සහ වෙනත් ක්‍රියාකාරිනියන් කාන්තා හිමිකම් පිළිබඳ ක්‍රියාමාලාවකදී ඔවුන්ගේ හිස් ආවරණ ගලවා කාන්තාවන්ට මල් පිළිගන්වමින් කටයුතු කිරීමයි. හිස් ආවරණ නොපැළඳීම ගැන අත්අඩංගුවට ගෙන තිබෙන ඇයට ඉරාන රජය විසින් එල්ල කර තිබෙන චෝදනාව වන්නේ ‘දූෂණය හා ගණිකා වෘත්තිය දිරිගැන්වීම හා එයට පහසුකම් සැපයීමයි’. 1979 ඉස්ලාමීය විප්ලවයෙන් පසු ඉරාන කාන්තාවන් හිජාබ් පැළඳීම අනිවාර්යයි. එසේ ම ශරීරියට හිර ඇඳුම් ඇඳීමත් ඔවුන්ට තහනම්. ඉරානය විසින් අත්සන් තබා තිබෙන සිවිල් හා දේශපාලන හිමිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (ICCPR) විසින් සහතික කර තිබෙන නිදහස හා අයිතිවාසිකම් මත පදනම්ව ඉරානයේ කාන්තාවන් මෙකී අනිවා

ඉන්ද්‍රානි: සිසිරගේ දැවැන්ත සෙවණැල්ලෙන් මුවා වුණ ගායන පෞරුෂය

Image
June 23, 2019   admin   Art   Life   News ඇය මාපා හාමු මුදියන්සේලාගේ ඉන්ද්‍රාණි විජයබණ්ඩාර ය. ඇයට තිබුණේ වීණාවක් වැනි ඉසියුම් කිංකිණි නාදයකි. ඉන්ද්‍රානි විජයබණ්ඩාර උපන්නේ 1936 ජුලි 15දා ය. ඉගෙන ගත්තේ කොළඹ මියුසියස් සහ දේවි බාලිකා විදුහල්වල ය. පාසල් ගායිකාවක ලෙස දස්කම් දැක්වූ ඇය ගරු මර්සලීන් ජයකොඩි පියතුමා විසින් සුනිල් ශාන්තයන්ට හඳුන්වා දෙනු ලැබ, ගුවන් විදුලියට වසර 25ක් පිරීම නිමින්තෙන් 1956දී සුනිලුන් සමග ලෝ පුරා රැව් නඟා ආසිරී යි ගුවන් විදුලි සමරු ගීය ගයමින් කලා ක්ෂේත්‍රයට පිවිසුණා ය. ඉන් පසු ඇය ගුවන් විදුලියේ සරස්වතී මණ්ඩපය ද පොබ කළා ය. රේඛාව චිත්‍රපටයට ඉන්ද්‍රානි ගායනා කළ ‘සුදු සඳ එළියේ’, ‘වෙසක් කැකුළු අතු අග හිඳ’ ගීත සදානුස්මරණීය ය. මර්සලීන් ජයකොඩි පියතුමා රචනා කළ, සුනිල් ශාන්තයන්ගේ තනු හැදූ මෙම ගීවලට සංගීතය සැපයුවේ ලන්ඩනයේ රෝයල් කොලේජ් ඔෆ් මියුසික් ආයතනයේ බටහිර සංගීත ඩිප්ලෝමාධාරියකු වූ බී.එස්. පෙරේරා ය. රේඛාව චිත්‍රපටයේ ගායනා වෙනුවෙන් ඇයට 1957දී දීපශිඛා සම්මානය ලැබිණි. ඇගේ නමත් සමග හැමවිට ම පාහේ එකට ඇසුණු අනෙක් නම සිසිර සේනාරත්න ය. ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ රේඛාව චි

මහනායක හිමිවරු එදත් මෙහෙම ද?

Image
June 22, 2019   admin   Art   සිංහල මේ කොළඹ යුගයේ කවියෙකු වූ පී බී අල්විස් පෙරේරා කවියා දේදුන්න නම් සඟරාවේ කසපහර කවි තීරුවට කොම්බුව යන ආරූඪ නාමයෙන් මල්වත්ත-අස්ගිරි මහනායක හිමිවරුන් විවේචනය කරමින් ලියූ කවි පෙලක උපුටනයක්. ලක්දිව බුදු සසුන පිළිබඳ අඹර මැද ඉර හඳ වගේ යයි අප අදහස් කරන හිමියනි ඔබ දෙනම, පොඩි ළමයින් වාගේ කටයුතු කරන හැටි, චී අන්තීම කැතයි! දැකුම් අඩුක්කුව හමුවේ හිමිවරුනි මේ හැටි නැමෙන්නේ ඇයි පන්බඩ වාගේ.. සසුනට, රටට සහ සිංහල ජාතියට මහ නාහිමිවරුනි, විපතක් නොකළ මැන බැරි නම් එසේ යහතින් වැඩ සිටින්නට අන්තිම හොඳයි පිරිනිවනට වඩින එක නවසිය පනස් ගණන් වලදීටත් වඩා මහනායක කෙරුවාව ගඳ ගහමින් රටට පිළිලයක් වුණු මෙවන් කාලයක අල්විස් පෙරේරා කවියා වගේ විචක්ෂණ වියතුන් හා එම මතවාදයන් ගෙන යාමේ දේදුන්න වගේ ප්‍රවාහයන් බිහිනොවෙන තරම් අද සමාජය කොතරම් පසුගාමීද? කවිය ගත්තේ සත්මඬලට ලියූ ආචාර්ය ඩබ්ලියු. ඒ. අබේසිංහ මහතාගේ ලිපියකින්. විශේෂ ස්තුතිය අජිත් අලවත්තට Adapted from praja.lk

සහරාන්ලාට අයිඑස් සමග ඍජු සම්බන්ධයක් ඇති බව තවමත් තහවුරු වී නැහැ – ද හින්දු

Image
June 23, 2019   admin   News   සිංහල අප්‍රේල් 21දා ලංකාවේ මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කළ ජිහාඩ් කල්ලිවලට ඉස්ලාමීය රාජ්‍යය හෙවත් අයිඑස් ත්‍රස්ත සංවිධානය සමග ඇත්තට ම සම්බන්ධකම් තිබුණා ද යන්න තවමත් හෙළිදරව් වී නැති බව ද හින්දු පුවත්පත විශ්ලේෂණයක් කරමින් පවසයි. (ලිපිය දැන්වීමෙන් පසු නැවතත්) අයිඑස් ත්‍රස්තයන් මෙම ප්‍රහාරයේ වගකීම භාරගත්ත ද එහි නායක අබූ බකර් අල් බග්දාදි එම ප්‍රහාරය පිළිබඳ මුලින් දැන නොසිටි බව පරීක්ෂණ පවත්වන කණ්ඩායමේ ඉහළ නිලධාරියකු උපුටා දක්වමින් ද හින්දු පුවත්පතේ මීරා ශ්‍රීනිවාසන් පවසයි. සිදු වී තිබෙන්නේ දැනට අත්අඩංගුවේ සිටින දේශීය ඉස්ලාම් රැඩිකල්වාදියකු තුන්වන පාර්ශ්වයක් හරහා බග්දාදි සම්බන්ධ කරගෙන මෙම ප්‍රහාරයේ ඔවුන්ගේ එකක් ලෙස පිළිගන්නා ලෙස ඉල්ලා සිටි බවයි. අයිඑස් සංවිධානය මෙම ප්‍රහාරයේ වගකීම භාරගත්තේ පැය 48කට පමණ පසුව ය. අයිඑස් සංවිධානයේ අමාක් පුවත් නියෝජිතායතනය විසින් ඒ සමග සහරාන් හෂීම් ඇතුළු පිරිස ප්‍රතිඥාවක් දෙන වීඩියෝව නිකුත් කරන ලදී. සහරාන් ඇතුළු පිරිස අයිඑස් හිතවාදීන් වුවත්, ඔවුන් එම සංවිධානය සමග ඍජු සම්බන්ධකම් පැවැත්වූවා ද යන්න සම්බන්ධයෙන් තවමත් කරුණු

ලංකාවේ මුස්ලිම් ජනගහනය වැඩි වීම පිළිබඳ අලුත් දත්ත

Image
June 21, 2019   admin   Politics   සිංහල 2012 ජන සංගණනයේ තොරතුරු පදනම් කරගෙන ළමා ජනගහනයේ ජනවාර්ගික සංයුතිය සකසා දෙන ලෙස ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඉන්දු බණ්ඩාර මහත්මියගෙන් කරන ලද ඉල්ලීමකට පිළිතුරු ලෙස ලැබුණු බව කියන කරුණු රැසක් පිවිතුරු හෙළ උරුමය පසුගියදා පුවත්පත් සාකච්ඡාවක් පවත්වමින් මාධ්‍යවලට දැනුම් දුන්නා. (ලිපිය දැන්වීමෙන් පසු නැවතත්) අප සිතන පරිදි මෙම ලේඛන සහ උදය ගම්මන්පිලගේ තර්කය ඉදිරි කාලයේදී සිංහල සමාජය තුළ බිය ස්ථාපිත කිරීම සඳහා පුළුල් අන්දමින් භාවිතා කරනු ඇත. එය සිංහල සමාජය තුළ මෙන් ම දෙමළ සමාජය තුළ ද මුස්ලිම් භීතිකාවක් නිර්මාණය කිරීමට උපයෝගී කරගනු ඇත. සිංහල මෙන් ම දෙමළ ජාතිවාදය මත පදනම්ව දේශපාලනය කරන දේශපාලකයන් තම ඡන්ද පදනම් තුළ බලය ගොඩනගාගැනීම සඳහා මෙම තත්වය භාවිතා කරනු ඇත. මෙමගින් මුස්ලිම් ජනතාව පීඩනයට පත්කිරීම තව තවත් ඉහළ යනු ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස මුස්ලිම් සමාජයේ අන්තවාදී ප්‍රවණතා ද දිරිගැන්වෙනු ඇත. උදය ගම්මන්පිල විසින් මතු කර දක්වන ලද කරුණු මෙසේ ය: “2012 දී සමස්ත ජනගහනයෙන් 75%ක් සිංහල, 11%ක් ලංකා දෙමළ, 4%ක් ඉන්දියානු දෙමළ සහ 9%ක

සරණාගතයන්ට මනුස්සකමින් සලකන ලාංකිකත්වයක් ගොඩනගා ගනිමු

Image
June 20, 2019   admin   International   Life   සිංහල අජිත් පැරකුම් ජයසිංහ අද ලෝක සරණාගත දිනයයි. සරණාගතයන් කියන්නේ අනාරක්ෂිතබව නිසා තමන්ගේ නිවස, ගම, ඇතැම් විට රට පවා අතහැර වෙනත් තැන්වලට සංක්‍රමණය වන්නට සිදු වූ මිනිසුන්ටයි. ඔවුන්ගේ අරමුණ නැවත ජීවිතය ආරම්භ කිරීමයි. (ලිපිය දැන්වීමෙන් පසු නැවතත්) ලොව පුරා මිලියන් 70ක් ජනතාව සරණාගත තත්වයට පත් වී සිටිනවා. තිස් අවුරුදු යුද සමයේ ශ්‍රී ලංකාව ද සරණාගතයන් පැමිණෙන ගමනාරම්භක ස්ථානයක් වුණා. 1983 න් පසුව ලාංකිකයින් ලක්ෂ 18 කට වැඩි පිරිසකට බටහිර රාජ්‍යයන් සරණාගත තත්වයන් ලබාදී රැක බලාගෙන අති දැඩි කොට ඒ රටේ සම්පත්වලින් අපේ රටේ ඥාති හිතවතුන්ට සම්පත් සාදා දෙන්නට ද ඉඩ දී තිබෙනවා. දැනුත් ලාංකික ආර්ථික සරණාගතයන් බෝට්ටුවලින් ඉතා අවදානම්සහගත ගමන් ඕස්ට්‍රේලියාව වැනි රටවලට යනවා, වඩා හොඳ ජීවන තත්වයන් සොයාගෙන. දැන් ලංකාව එදාට වඩා සාමකාමී රටක්. වෙනත් රටවල සරණාගතයන් දේශපාලන රැකවරණ සොයාගෙන යන අතර ශ්‍රී ලංකාවේ තාවකාලිකව රැඳී සිටිනවා. ඔවුන් වීසා රැගෙන ශ්‍රී ලංකාවට පැමිණ, ඉන්පසු එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලයේ සරණාගතයන් ලෙස ලියාපදිංචි

වෙබ් අන්තර්ගතයක් සංස්කරණය කරන හැටි

Image
June 20, 2019   admin   Media   සිංහල අජිත් පැරකුම් ජයසිංහ (ප්‍රජා මාධ්‍ය හා සමාජ ව්‍යවසාය පුහුණු පාඨමාලාවේ පාඩමක් ඇසුරෙනි) ලංකාවේ ලේඛකයන් සංස්කාරක භූමිකාව ගැන ඒ තරම් දැනුවත් නැහැ. ඒ නිසා ඇතැමෙකු සංස්කාරකගේ මැදිහත්වීමට කැමතිත් නැහැ. ලංකාවේ ලිඛිත මාධ්‍යවල බොහෝ විට සංස්කරණයක් සිදුවන්නේත් නැහැ. ඇතැම් විට ලේඛකයා ලියන ලිපි අක්ෂර දෝෂත් එක්කම පළ කරන පුවත්පත් ලංකාවේ තිබෙනවා. වෙබ් අඩවිවලට යන විට නම් තත්වය ඛේදනීයයි. (ලිපිය දැන්වීමෙන් පසු නැවතත්) අපි ප්‍රජා මාධ්‍ය හා සමාජ ව්‍යවසායක පුහුණුව ආරම්භ කළේ පැහැදිලි අරමුණක් ඇතිවයි. ප්‍රජා කියන්නෙ තවත් එක් වෙබ් අඩවියක් නෙමෙයි. අපි පුරවැසි මාධ්‍යකරණයේ නව ඉසව් සොයා යමින් ඉන්නවා. හුදු මාධ්‍යකරණයෙන් හා සමාජ සේවයෙන් ඔබ්බට ගොස් නවීන තත්වයන්ට ඔබින, සෝඩා බෝතල් නොවී තිරසරව පවතින්නට පුළුවන්, රට ගැන, ලෝකය ගැන හැඟීමක් ඇති හොඳ පුරවැසි මාධ්‍ය ව්‍යවසායකයන් පිරිසක් ගොඩනගාගැනීම වෙනුවෙන් තමයි අපි ප්‍රජා මාධ්‍ය හා සමාජ ව්‍යවසාය පුහුණු පාඨමාලාව පටන් ගත්තෙ. අපත් එක්ක එකතු වූ 100ක් පිරිස එක්ක අපි දැනුම, අත්දැකීම් බෙදාහදාගනිමින් ඉන්නවා. ඔවුන්ගේ උනන්දුව අපේ බලාපොරොත්

පූස් ලෝලීන්ට කෝසිකාවෙන් බළල් නරියෙක්

Image
June 19, 2019   admin   Environment   Wildlife   සිංහල Live Science වෙබ් අඩවියෙන් ගත්ත මේ පිංතූරයේ ඉන්නෙ බළල් නරියෙක්. ඔව්, උගේ නම Cat fox. සතුටු වෙන්න, දවසින් දවස සත්ව ප්‍රභේද රැසක් වඳ වී යන ලෝකයේ මේ අලුතින් සොයාගත් සත්ව විශේෂයක්. බළල් නරියා ජීවත් වෙන්නෙ ප්‍රංශ දූපතක් වන කෝසිකාවේ වනාන්තරවලයි. ඌ ගෘහස්ථ බළලෙකුට සමානයි, හැබැයි තරමින් මඳක් විශාලයි. උගේ වලිගය නරියකුගේ වගේ. වයිරං තුනක් හතරක් තියෙන උගේ වලිගය අග්ගිස්ස කළු පාටයි. කකුල්වලත් වයිරං තියෙනවා. උගේ කණ් ලොකුයි. රැවුල් ගස් කෙටියි. දත් බල්ලකුගේ වැනියි. බලු, නරි ලක්ෂණ තිබුණට ඌ බිළාලයෙක්. 2012දී බළල් නරියා පිට කැසූ තැනකින් අහුලාගත් ලෝම ඇසුරෙන් කළ ජාන පරීක්ෂාවකින් සොයා ගත් පරිදි ඌ දැනට හඳුනාගෙන තිබෙන කිසිදු සත්ව ප්‍රභේදයකට අයත් නැහැ. හැබැයි, උගේ ජාන අප්‍රිකානු වන බළලාට සමානයි. දැන් විද්‍යාඥයන් නරි බළලා පිළිබඳ අධ්‍යයන කරනවා. කෝසිකාවේ ඔවුන් 16දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. දන්නා දේ ටිකයි. නොදන්නා දේ වැඩියි. අනුමාන කරන පරිදි අවුරුදු 6,500කට පමණ පෙර ගොවීන් විසින් මෙම බළලා මෙම දිවයිනට රැගෙන විත් ඇතැයි සැලකෙනවා. මේ පර්යේෂණවලින් අනතුරුව බ