ශක්තික සත්කුමාර

අජිත් පැරකුම් ජයසිංහ

2007 අංක 56 දරණ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය පිළිබද පනත යටතේ ශක්තික සත්කුමාරට එරෙහිව නඩු පවරා ඔහු රිමාන්ඩ් බන්ධනාගාරගත කර තිබේ.
ආගමික ප්‍ර‍ජාවන්ගේ විශ්වාසයන් භක්තිය පදනම් වන අතර එය තර්කයෙන් විමසීම තේරුමක් නැති ක්‍රියාවක් වන අතර, එයින් ඇති වන්නේ කුපිත කිරීම් විය හැකි ය. කුපිත වීම සාධාරණ නැති වුණත්, කුපිත කිරීම ද සාධාරණ නැත.
එහෙත්, කලාකරුවන් සිය නිර්මාණ කාර්යයන් සඳහා එවැනි ක්‍රියා යොදාගැනීම කලාත්මක ප්‍ර‍කාශනයේ නිදහස හා නීතිය අතර ඉතා සියුම් ගැටුමක් නිර්මාණය කරන අවස්ථාවකි.
මෙවැනි ගැටලු නීතියෙන් බේරාගැනීමට යාම මුග්ධකමකි. මේවා බේරාගත යුත්තේ සංවාදයෙනි: සාකච්ඡාවෙනි.
සමාජයක් ලෙස අපට එසේ කරන්නට බැරි නම්, එහි බරපතල ගැටලුවක් ඇති බව පැහැදිලි ය.
මේ පිළිබඳ විමසන දීර්ඝ ලිපියක් ලියමින් සිටිමි. සති අන්ත පුවත්පතක හා මෙම වෙබ් අඩවියේ පළ වනු ඇත.
කාටුනය මෙම සිද්ධියට මගේ ප්‍ර‍තිචාරයයි.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා