පන්දුව දමාගැසීම හා අකිල ධනංජය

අකිල ධනංජය පෙරේරා තමයි පන්දුව දමාගැසීම පිළිබඳ චෝදනා ලැබ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තරග තහනමට ලක්වුණ අලුත් ම ක්‍රීඩකයා. අකිල කියන්නේ තුන්වන කාණ්ඩයේ ක්‍රිකට් ක්‍රීඩා කරන කුඩා පාසලක් වන පානදුර, වලාන මහානාම විද්‍යාලයේ පන්දු යැවීමේ දස්කම් දක්වද්දී ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් හඳුනාගන්නා ලද පොඩි තැනකින් ලොකු ගමනක් ආරම්භ කළ ක්‍රීඩකයෙක්. 
Sinhala Tamil English Translations and Content Writing
මීට කලින් මේ චෝදනාවට ලක්වුණ ප්‍ර‍සිද්ධ ම ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයා තමයි මුත්තයියා මුරලිදරන්. අවසානයේදී ඔහු මේ චෝදනාවෙන් ගැලවුණේ ඔහුගේ අතේ ස්වාභාවික පිහිටීම නිසා එසේ දමාගසන ආකාරයක් පෙනෙන බව ඔප්පු කිරීමෙනුයි. ඒ සඳහා එවකට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක අර්ජුන රණතුංග ඇතුළු සමස්ත ශ්‍රී ලංකාව ම දේශප්‍රේමී පදනමකින් අරගල කළා. එහෙත්, තවමත් ඇතැම් ක්‍රිකට් විශාරදයන් මුත්තයියා මුරලිදරන් පන්දුව දමාගසන්නකු ලෙස සලකනවා. 
පන්දුව දමාගැසීමේ චෝදනාවට ලක් නොවන ආකාරයට පන්දු යැවීමේ ඉරියව්ව මුල සිට ම ක්‍රීඩකයන්ට ප්‍ර‍ගුණ කරවීම පුහුණුකරුවන්ගේ වගකීමක්. එහෙත්, ක්‍රිකට් ක්‍රීඩාවේ තිබෙන දැඩි තරගකාරිත්වය තුළ එය මගහැරී යන බව පෙනෙනවා.  
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පන්දු යැවීම වෙනුවට දමාගැසීම සිදුකරන බව කියන්නේ පන්දුව මුදාහැරීමේදී පන්දු යවන්නාගේ අතේ පූර්ව හා අපර බාහු දෙක වැලමිටෙන් අංශක 15කට වඩා නැමෙනව විටයි. ජාත්‍යන්තර ක්‍රිකට් නිලධාරීන් විසින්  මුලින් මෙය ඇසින් නිරීක්ෂණය කර තම අත්දැකීම් අනුව නිගමනය කවුන්සිලයට වාර්තාවක් සපයනවා. 
ඉන්පසු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පිළිගෙන තිබෙන පරීක්ෂණ මධ්‍යස්ථානයකදී නවීන තාක්ෂණය පාවිච්චි කර පරීක්ෂාව සිදු කරනවා. මානව චලන විද්‍යාව පිළිබඳ විශේෂඥයන් එම පරීක්ෂාවට සහභාගි වෙනවා. එහිදී පන්දු යැවීම නීති විරෝධී බව ඔප්පු වුවහොත්, නැවත පරීක්ෂණයකින් නිවැරදි පන්දු යැවීමේ ඉරියව්ව ඔප්පු කර පෙන්වන තෙක් ක්‍රීඩකයා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අනුමත කරන තරගවලදී පන්දු යැවීම තහනම් කරනවා.  නීති විරෝධී පන්දු යැවීම පැහැදිලි කරන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ වීඩියෝවක් මෙතැනින් නරඹන්න. 
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුමැතිය ලැබේ නම් අකිල ධනංජයට දේශීය ක්‍රිකට් තරගාවලිවලට සහභාගි වීමට පුළුවන්. පහත වීඩියෝවේ දැක්වෙන්නේ අකිලගේ සුපිරි පන්දු යැවීමක්.
පන්දු යවන්නකු නීති විරෝධී පන්දු යැවීමකට පෙළඹෙන්නේ ඇයි? මේ වීඩියෝවේ ඒ ගැන පැහැදිලි කිරීමක් තිබෙනවා. 

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා