රෝහිත – තත්‍යානා විවාහය හා රාජපක්ෂවරුන්ගේ බහු සංස්කෘතිකත්වය

මහින්ද රාජපක්ෂ පවුල සිංහල බෞද්ධ සංස්කෘතියේ කැඩපත, සංකේතය, පරමාදර්ශය, අරක, මේක කෙසේ වෙතත්, නියම බහු සංස්කෘතිකත්වයේ කැඩපතක් බව මහින්ද රාජපක්ෂගේ බාල පුත් රෝහිත රාජපක්ෂගේත්, තත්‍යානා ලී ජයරත්නගේත් විවාහයෙන් පෙන්නුම් කෙරිණි.
රෝහිත රාජපක්ෂගේ ෆේස්බුක් පිටුවෙහි දැක්වුණ පරිදි මෙම රූපය ඔහුගේ හිතේ ඇඳී තිබුණු එකකි. 
ඡායාරූපය ධනූෂ් ද කොස්තා
තනිකර සිංහල චාරිත්‍ර අනුව ද, ක්‍රිස්තියානි චාරිත්‍ර අනුව ද, හින්දු චාරිත්‍ර අනුව ද මෙම විවාහය පවත්වන ලදී.
ෆේස්බුක් ප්‍රසිද්ධ ඡායාරූපයකි
තත්‍යානා ලී ජයරත්න ක්‍රිස්තියානි ආගමික පවුලකින් පැවත එන්නියකි. ඇගේ පියාගේ පරපුරට ලී යන නාමය එක් වූ ආකාරය සොයා බැලීම ද රසවත් විය හැකි ය.
එසේම, ඔවුන් හින්දු චාරිත්‍රානුකූලව විවාහ උත්සවයක් පැවැත්වූ හේතුව ද එසේ ම රසවත් විය හැකි ය.
ෆේස්බුක් ප්‍රසිද්ධ ඡායාරූපයකි
දේශපාලනයේදී දැඩි සිංහල ජාතිවාදී ස්වරූපයක් ගත්ත ද රාජපක්ෂ පවුල හැම විට ම බහු සංස්කෘතික විවාහයන්ට විවෘත බවක් පෙනේ.
මහින්ද රාජපක්ෂ විවාහ වූ ශිරන්ති වික්‍රමසිංහ ද ක්‍රිස්තියානි ආගමික කාන්තාවකි.
මහින්ද රාජපක්ෂගේ පියා වන ඩී.ඒ. රාජපක්ෂට මන්ත්‍රී පදවිය හිමි වූයේ ඔහුගේ වැඩිමහල් සහෝදරයා වූ බෙලිඅත්ත හිටපු මන්ත්‍රී ඩී.එම්. රාජපක්ෂගේ අභාවය නිසා ය. ඩී.එම්. රාජපක්ෂගේ පුතුන් වූ ජෝර්ජ් රාජපක්ෂ හා ලක්ෂ්මන් රාජපක්ෂ ද දේශපාලනයේ නිරත වූ හ. ජෝර්ජ් රාජපක්ෂගේ දියණිය වූ නිරූපමා රාජපක්ෂ ද කලක් හම්බන්තොට දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ඇමතිවරියක ලෙස කටයුතු කළ අතර ඇය විවාහ වී සිටින්නේ දෙමළ ජාතිකයකු වන තිරුකුමාරන් නඩේසන් සමගයි.
නිරූපමා – නඩේසන්, ඡායාරූපය: The Hindu

මේ ලිපියත් කියවන්න: 
කවුද මේ රෝහිත රාජපක්ෂ බැන්ද තත්‍යානා ලී ජයරත්න >>>

බිමල්කා – ජෝන් (ඡායාරූපය ගොසිප් ලංකා නිව්ස්)
මහින්ද රාජපක්ෂගේ බාල සොයුරු බැසිල් රාජපක්ෂගේ දියණිය වන බිමල්කා විවාහ වූයේ ද ඇමරිකානු සුදු ජාතිකයකු සමග ය.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා