මලක ගැඹුර


මලක ගැඹුර
ඔබ දනී ද?
මලක මෙලෙක 
සුවඳ තරම්

මලක් වෙලා 
මේ පිපුණේ
ගහක් පුරා 
වැඩ ගොඩක් ය

ලොවට සුවඳ 
විදා දෙන්න 
ගස විඳි දුක
ගැන සිතන්න

මල් පිපේවි
පරව යාවි
මල් හදන්න
ගස සිටීවි

- අජිත් පැරකුම් ජයසිංහ

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා